>> සියලුම නෛතික ගිවිසුම් පෙන්වන්න

 

රහස්‍යතා ප්‍රකාශය

 

බලාත්මක වන දිනය: 2022 සැප්තැම්බර් 26

 

දළවිශ්ලේෂණය

අප රැස් කරන්නේ කුමන පුද්ගලික දත්ත ද?

අප පුද්ගලික දත්ත රඳවා ගන්නේ ඇයි?

අප පුද්ගලික දත්ත සකසන්නේ කෙසේද? 

අප පුද්ගලික දත්ත හුවමාරු කරගන්නවා ද? 

අප වෙනත් සේවාවන් හා වේදිකා සමග කටයුතු කරන්නේ කෙසේ ද? 

අප කුකි හා නිරීක්ෂණ තාක්ෂණයන් භාවිතා කරන්නේ කෙසේ ද?

ඔබට ලද හැකි රහස්‍යතා තේරීම් මොනවා ද?

ඔබේ අයිතිවාසිකම් මොනවාද?

අප ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරන්නේ කෙසේ ද?

ළමුන්ට අපේ සේවාවන් භාවිතා කළ හැකි ද? 

ඔබ දත යුතු වෙනත් දෑ මොනවා ද?

අප අමතන්න

නිර්වචන

අමතර තොරතුරු


1. දළ විශ්ලේෂණය

PayPal විසින් මෙම රහස්‍යතා ප්‍රකාශය සංවර්ධනය කර ඇත්තේ ඔබ අපේ අඩවි වෙත පිවිසෙන විට හෝ අපේ සේවා භාවිතා කරන විට අප විසින් ඔබේ පුද්ගලික දත්ත රැස් කිරීම, රඳවා තබා ගැනීම, සැකසුම් කිරීම, බෙදා ගැනීම හා හුවමාරු කිරීම සිදු කළ හැකි ආකාරය විස්තර කිරීම සඳහා වේ. මෙම රහස්‍යතා ප්‍රකාශය අදාළ වන්නේ ඔබ අඩවිවලට පිවිසෙන විට හෝ සේවා භාවිතා කරන විට ඒ හා අදාළ ඔබේ පුද්ගලික දත්තවලට වන අතර, අපට අයත් නොවන හෝ අප විසින් පාලනය නොකරන වෙනත් PayPal පරිශීලකයින්ගේ වෙබ් අඩවි හෝ සේවා ඇතුළු මාර්ගගත වෙබ් අඩවි හෝ සේවා සඳහා එය අදාළ නොවේ.

මෙම රහස්‍යතා ප්‍රකාශය සකසා ඇත්තේ ඔබට අපගේ රහස්‍යතා පිළිවෙත් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට සහාය වීමටත් ඔබ අපේ අඩවි හා සේවා භාවිතා කරන විට ඔබේ රහස්‍යතා තේරීම් අවබෝධ කර ගැනීමට ඔබට සහාය වීමටත් ය. කලාපය අනුව අප විසින් ප්‍රදානය කරනු ලබන සේවා සේවා වෙනස් වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

අපි රහස්‍යතා ප්‍රකාශය පුරා භාවිතා කරන පද කිහිපයක් අප විසින් අර්ථ නිරූපණය කොට තිබේ. කැපිටල් අකුරින් ඇති වචනයක අර්ථය ඔබට අර්ථ දැක්වීම් කොටසෙන් සොයා ගත හැකි ය.

මෙම රහස්‍යතා ප්‍රකාශය තුළ සඳහන් කර නොමැති අපගේ රහස්‍යතා පිළිවෙත් පිළිබඳව ඔබට යම් ගැටලුවක් වේ නම් අප අමතන්න.

2. අප රැස් කරන්නේ කුමන පුද්ගලික දත්ත ද?

අප විසින් ඔබ අපේ අඩවි වෙත පිවිසෙන විට හෝ අපේ සේවාවන් භාවිතා කරන විට පහත ඒවා ද ඇතුළුව ඔබ පිළිබඳ තොරතුරු රැස් කරනු ලැබිය හැක:

  • ලියාපදිංචි වීම හා තොරතුරු භාවිතා කිරීම – ගිණුමක් ආරම්භ කිරීමෙන් ඔබ අපේ සේවා භාවිතා කිරීම සඳහා ලියාපදිංචි වන විට, ඔබ ඉල්ලා සිටින සේවා පිරිනැමීමට හා එම සේවා සපුරාලීමට අවශ්‍ය පුද්ගලික දත්ත අප විසින් රැස් කරනු ලබයි. ඔබ තෝරා ගන්නා සේවා පදනම් කොටගෙන, ගිණුමක් ආරම්භ කිරීම සඳහා ඔබට ඔබේ නම, තැපැල් ලිපිනය, දුරකථන අංකය, ඊමේල් ලිපිනය හා අනන්‍යතා තොරතුරු අප වෙත ලබා දීමට සිදු විය හැකි ය. ඔබ අපේ සේවා භාවිතා කිරීමේ දී අප වෙත අතිරේක පුද්ගලික දත්ත සැපයීමට සිදු වීමට ඉඩ ඇත.
  • ගනුදෙනු හා අත්දැකීම් තොරතුරු – ඔබ උදාහරණ වශයෙන්, ව්‍යාපාරිකයින් වෙතින් මිලදී ගැනීම් සිදු කිරීමට, මුදල් ලබා ගැනීමට, ගෙවීම් සැකසුම් කිරීමට, මිතුරන් හා පවුලේ අය වෙත මුදල් යැවීමට අපගේ සේවා භාවිතා කරන විට හෝ අපේ අඩවි වෙත ප්‍රවේශ වන විට, අපි එම ගනුදෙනුව පිළිබඳ තොරතුරු මෙන්ම යවන ලද හෝ ඉල්ලන ලද මුදල, නිෂ්පාදන හෝ සේවා සඳහා ගෙවූ මුදල, ගනුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා භාවිතා කළ කිනම් හෝ මූල්‍ය මෙවලමක් පිළිබඳ තොරතුරු ඇතුළුව ව්‍යාපාරිකයා පිළිබඳ තොරතුරු, උපාංග තොරතුරු, තාක්ෂණික පරිශීලන දත්ත හා භූ නිශ්චයන තොරතුරු ආදී වූ ගනුදෙනුව ආශ්‍රිත වෙනත් තොරතුරු ද රැස් කරන්නෙමු.
  • සහභාගි වන්නාගේ තොරතුරු – ඔබ අපේ සේවා භාවිතා කරන විට හෝ අපේ අඩවි වෙත පිවිසෙන විට ඔබ විසින් ගනුදෙනුවට සම්බන්ධ අනිත් හවුල්කරුවන් පිළිබඳ අපට සපයන පුද්ගලික දත්ත අපි රැස් කරන්නෙමු.
    • මුදල් යැවීම හෝ ඉල්ලා සිටීම: ඔබ සේවාවන් හරහා මුදල් යවන හෝ ඉල්ලුම් කරන විට, ඔබෙන් මුදල් ලබා ගන්නා හෝ ඔබට මුදල් එවනු ලබන හවුල්කරුවාගේ නම, තැපැල් ලිපිනය, දුරකථන අංකය හා මූල්‍ය ගිණුමේ තොරතුරු වැනි පුද්ගලික දත්ත අපි රැස් කරන්නෙමු. හවුල්කරුවකු පිළිබඳ අවශ්‍ය කෙරෙන පුද්ගලික දත්ත ප්‍රමාණය ඔබ මුදල් යැවීමට හෝ ඉල්ලුම් කිරීමට භාවිතා කරන සේවා අනුව වෙනස් විය හැක.
    • බිල්පතක් ගෙවීම හෝ ගෙවන ලෙස වෙනත් අයෙකුගෙන් ඉල්ලා සිටීම:  ඔබ අන් අයකුගේ ප්‍රතිලාභය වෙනුවෙන් බිල්පතක් ගෙවීම සඳහා අපගේ සේවා භාවිතා කරන්නේ නම්, හෝ ඔබ පරිශීලකයකුගෙන් ඔබ වෙනුවෙන් බිල්පතක් ගෙවීමට ඉල්ලා සිටින්නේ නම්, අපි ගිණුම් හිමියාගේ නම, තැපැල් ලිපිනය, දුරකථන අංකය, ඊමේල් ලිපිනය හා ඔබ විසින් ගෙවීමට හෝ ගෙවන ලෙස ඉල්ලා සිටීමට අදහස් කරන බිල්පතෙහි ගිණුම් අංකය ආදී පුද්ගලික දත්ත රැස් කරන්නෙමු.
    • ඔබේ ගිණුම්වලට මුදල් එක් කිරීම:  ඔබ ඔබේ ගිණුමට හෝ ඔබට තිබිය හැකි වෙනත් ගිණුමකට මුදල් එක් කිරීම සඳහා අපගේ සේවා භාවිතා කරන්නේ නම් හෝ ඔබ විසින් මෙකී කවර හෝ ගිණුමකට අගය එකතු කරන ලෙස පරිශීලකයකුගෙන් ඉල්ලා සිටින්නේ නම් අප විසින් අදාළ ඉල්ලීම ඉටු කිරීම සඳහා ඔබෙන් අනෙක් පාර්ශ්වය පිළිබඳව හෝ අනෙක් පාර්ශ්වයෙන් ඔබ පිළිබඳව පුද්ගලික දත්ත රැස් කරනු ලැබිය හැකි ය. නිදසුනක් ලෙස, ඔබ ජංගම දුරකථනය රීලෝඩ් කිරීමට හෝ ඔබේ ජංගම දුරකථන ගිණුමට මුදල් එක් කරන ලෙස ඉල්ලා සිටීමට අපගේ සේවා භාවිතා කරන්නේ නම්, අප විසින් අනෙක් පාර්ශ්වය වෙතින් ජංගම ගිණුම් අංකය ඇතුළු වෙනත් තොරතුරු රැස් කරනු ලැබිය හැකි ය.
  • ඔබේ පොදු පැතිකඩ සහ ඔබේ මිතුරන් සහ සම්බන්ධතා පිළිබඳ තොරතුරු – ඔබ ඔබේ සබඳතා ලැයිස්තු තොරතුරු ඔබේ ගිණුම සමග සම්බන්ධ කිරීමට තෝරා ගන්නේ නම් ඔබට ඔබේ මිතුරන් සහ සබඳතා සමග ගනුදෙනු කිරීමට උපකාර කිරීම අපට වඩාත් පහසු වනු ඇත. ඔබ ඔබේ උපාංගය හෝ සමාජ මාධ්‍ය වේදිකාවක් අතර සම්බන්ධතාවයක් ආරම්භ කළ හොත් සහ ඔබේ උපාංගය හෝ සමාජ මාධ්‍ය වේදිකාවක් සමග ගිණුම් සම්බන්ධතාවක් ආරම්භ කළ හොත් ඔබ විසින් සේවාවන් භාවිතා කරන විට ඔබේ අත්දැකීම පුළුල් කිරීම සඳහා අපි ඔබේ සබඳතා ලැයිස්තු තොරතුරු (නම, ලිපිනය, ඊමේල් ලිපිනය වැනි) භාවිතා කරන්නෙමු. ඔබේ ගිණුම් පැතිකඩ පොදු වූ විට, වෙනත් පරිශීලකයින්ට ඔබේ නම, පරිශීලක නාමය, ඊමේල් හෝ ජංගම දුරකථන අංකය PayPal මගින් සෙවීමෙන් ඔබට මුදල් එවීමට ඔබේ පැතිකඩ සොයා ගත හැකි අතර ඔබේ ඡායාරූපය බැලීමෙන් එය ඔබ බව තහවුරු කළ හැකි ය. ඔබේ PayPal.me සැකසුම් තුළ ඕනෑම වේලාවක ඔබේ ගිණුම් පැතිකඩ පෞද්ගලික කළ හැකි ය.
  • අතිරේක සේවා හෝ විශේෂිත මාර්ගගත සේවා ලබා ගැනීම සඳහා ඔබ අප වෙත ලබා දීමට තෝරාගන්නා තොරතුරු – ඔබ විකල්ප අඩවි විශේෂාංගයක් ඉල්ලා සිටී නම් හෝ ඊට සහභාගි වන්නේ නම්, හෝ උසස් කළ සේවා හෝ වෙනත් වරණීය ක්‍රියාකාරීත්වයන් ඉල්ලුම් කරන්නේ නම් අපි ඔබ වෙතින් අතිරේක තොරතුරු රැස් කරනු ලැබිය හැකි ය. මෙම රහස්‍යතා ප්‍රකාශයේ අනාවරණය කර ඇති භාවිතයන්ට වඩා එම තොරතුරුවල භාවිතය වෙනස් වේ නම්, දත්ත රැස් කරනු ලබන අවස්ථාවේ දී අපි ඔබට ඒ පිළිබඳ වෙනම දැනුම් දීමක් කරන්නෙමු.
  • ඔබ සන්නම්ගත නොවූ සේවා භාවිතා කරන්නේ නම් ඔබ පිළිබඳ පුද්ගලික දත්ත – ලොගින් වීමේ හෝ ගිණුමක් පිහිටුවීමේ අවශ්‍යතාවයෙන් තොරව ඇතැම් සේවා ලද හැකිය. ඔබ විසින් PayPal සන්නම නොදරන අපගේ කාඩ්පත් ගෙවීම් සේවා භාවිතයෙන් ව්‍යාපාරිකයන් හා කටයුතු කරන විට හා ඔවුන්ට ගෙවන විට සහ ගිණුමකට ලොගින් නොවී PayPal සමග ගෙවන විට අපි පුද්ගලික දත්ත රැස් කරන්නෙමු. අපේ සන්නම්ගත නොවූ ගෙවුම් සේවා සඳහා, ඔබ අන්තර් ක්‍රියා කරන්නේ ව්‍යාපාරිකයාගේ වේදිකාව මත ව්‍යාපාරිකයා සමගය. ඔබ ගිණුම් හිමියකු නම්, හෝ පසුව එළඹෙන දිනක ගිණුමක් තනන්නේ නම්, අපි සන්නම්ගත නොකළ ගනුදෙනු පිළිබඳ තොරතුරු රැස් කර ඒවා ගිණුම් හිමියකු ලෙස ඔබේ සේවාදායක අත්දැකීම වැඩි දියුණු කිරීමට සහ අනුකූලතාව හා විශ්ලේෂණාත්මක අරමුණු සඳහා ඔබේ ගිණුම හා සම්බන්ධ කරනු ලැබිය හැක. ඔබ ගිණුම් හිමියකු නොවේ නම්, අප ඔබ විසින් සපයන සියලු තොරතුරු රැස් කර ගබඩා කරගෙන මෙම රහස්‍යතා ප්‍රකාශයට අනුව එකී තොරතුරු භාවිතා කරන්නෙමු.
  • ඔබ පිළිබඳ තෙවන පාර්ශ්වීය මූලාශ්‍ර වෙතින් ලබාගන්නා තොරතුරු – නීතියෙන් අවසර ඇති විට දී, අපි ව්‍යාපාරිකයින්, දත්ත සම්පාදකයින් හා මුදල් කාර්යාංශ ආදී තෙවන පාර්ශ්වීය මූලාශ්‍ර වෙතින් තොරතුරු ලබා ගන්නෙමු.
  • ඔබ අපේ අඩවි හෝ සේවා භාවිතා කරන ආකාරය පිළිබඳ අප රැස් කරන වෙනත් තොරතුරු – ඔබ අප සමග සන්නිවේදනය කරන විට, අපගේ පාරිභෝගික සහාය කණ්ඩායම් අමතන විට හෝ සමීක්ෂණයකට පිළිතුරු දෙන විට, අපි ඔබෙන් හෝ ඔබ පිළිබඳ අතිරේක තොරතුරු රැස් කිරීමට ඉඩ ඇත.

ගිණුම් හිමියන් නොවන අය

ඔබ අපගේ සේවාවන් භාවිතා කරන්නේ ගිණුමක් සෑදීමෙන් හෝ ලොග් වීමකින් තොරව වුවත් අපි ඔබේ ගෙවීම් තොරතුරු, උපාංග තොරතුරු සහ පිහිටීම ආදිය ඇතුළත් විය හැකි පුද්ගලික දත්ත රැස් කරන්නෙමු. ඔබ ගිණුමක් සෑදීමෙන් හෝ ලොගින් වීමකින් තොරව අපගේ සේවාවන් භාවිතා කරන විට, අපි මෙම තොරතුරු ගනුදෙනු සැකසුම් කිරීමට, වංචා වැළැක්වීමට සහ නීතියට අනුකූලව භාවිතා කරන්නෙමු. ඔබට ගිණුමක් ඇත්නම් හෝ පසු දිනෙක ඔබ ගිණුමක් නිර්මාණය කරන්නේ නම්, අපි මෙම තොරතුරු ඔබේ ගිණුම සමග සම්බන්ධ කළ හැක.

3. අප පුද්ගලික දත්ත රඳවා ගන්නේ ඇයි?

අපගේ නෛතික හෝ නියාමන බැඳීම් ඉටු කිරීමට හා අපේ ව්‍යාපාරික අරමුණු සඳහා අපි පුද්ගලික දත්ත රඳවා ගන්නෙමු. නීතියෙන් තහනම් කර නොමැති නම්, අපගේ නීත්‍යනුකූල ව්‍යාපාරික ලැදියාවන් උදෙසා අප විසින් පුද්ගලික දත්ත නීතියෙන් නියම කර ඇති කාලයට වැඩි කාලයක් රඳවා ගනු ලැබීමට ඉඩ ඇත. ඔබේ ගිණුම වසා දැමුවහොත්, පුද්ගලික දත්ත හා වෙනත් තොරතුරුවල සඟවා තැබීමට අප පියවර ගනු ලබන නමුත් අදාළ නීතිවලට අනුකූල තාක් කල් දත්ත රඳවා ගැනීමට හා ඒවාට ප්‍රවේශ වීමට අපට ඇති හැකියාව අපි රඳවා ගන්නෙමු. අපි එබඳු පුද්ගලික දත්ත දිගටම භාවිතා කිරීම හා මෙම රහස්‍යතා ප්‍රකාශයට අනුකූලව අනාවරණය කිරීම සිදු කරන්නෙමු.

4. අප පුද්ගලික දත්ත පිරිසැකසුම් කරන්නේ කෙසේ ද?

අප විසින් පහත හේතු සඳහා ඔබේ තොරතුරු සකස් කරනු ලැබිය හැක:

  • අඩවි ක්‍රියාත්මක කිරීම සහ සේවාවන් සැපයීමට, ඇතුළුව:
    • ගෙවීමක් ආරම්භ කිරීම, මුදල් යැවීම හෝ ඉල්ලීම, ගිණුමකට අගය එක් කිරීම හෝ බිල්පතක් ගෙවීම;
    • ගිණුමකට ඔබේ ප්‍රවේශය සත්‍යාපනය කරන්න;
    • ඔබේ ගිණුම, අඩවි, සේවා හෝ PayPal පිළිබඳ ඔබ සමග සන්නිවේදනය කිරීමට;
    • ඔබේ ගිණුම සහ තෙවන පාර්ශ්වීය ගිණුමක් හෝ වේදිකාවක් අතර ගිණුම් සම්බන්ධතාවයක් සාදන්න; සහ
    • ණය දීමට සුදුසු බව සහ වෙනත් මූල්‍ය ස්ථාවරත්ව පරීක්ෂා සිදු කිරීම, යෙදුම් ඇගයීම සහ නිරවද්‍යතා සහ සත්‍යාපන අරමුණු සඳහා තොරතුරු සංසන්දනය කිරීම.
    • ඔබේ ගිණුම හා මූල්‍ය තොරතුරු යථාවත්ව තබා ගන්න.
  • සේවාවන්ගේ හා අඩවිවල කාර්යසාධනය හා ක්‍රියාකාරීත්වය අධීක්ෂණය, විශ්ලේෂණය හා වැඩි දියුණු කිරීම වැනි අපගේ ව්‍යාපාරික අවශ්‍යතා කළමනාකරණය සඳහා. උදාහරණ ලෙස, අපි පරිශීලක චර්යාව විශ්ලේෂණය කර ඔබ අපේ සේවා භාවිතා කරන ආකාරය පිළිබඳව පර්යේෂණ සිදු කරන්නෙමු.
  • ඔබේ අනන්‍යතාව සත්‍යාපනය කිරීමෙන් අවදානම් කළමනාකරණය කර අඩවි, සේවා සහ ඔබව වංචනික ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීමට. PayPal හි අවදානම් හා වංචා මෙවලම් මගින්, සේවාවන්හි වංචා හා අනිසි භාවිතයන් අනාවරණය කරගෙන වළක්වා ගැනීමට සහාය වීම සඳහා අපගේ අඩවි හා PayPal සේවා මගින් පිරිනමන වෙබ් අඩවි වෙතින් පුද්ගලික දත්ත, උපාංග තොරතුරු, තාක්ෂණික පරිශීලන දත්ත හා භූ නිශ්චයන තොරතුරු භාවිතා කරනු ලැබේ.
  • PayPal නිෂ්පාදන හා සේවා සහ අනුබද්ධ නොවන ව්‍යාපාරවල නිෂ්පාදන හා සේවා ඔබ වෙත අලෙවිකරණය සඳහා. අපි PayPal හා වෙනත් තෙවන පාර්ශ්වීය වෙබ් අඩවි මත ඔබේ රුචිකත්වයන්ට වඩාත් ගැළපෙන පරිදි අලෙවිකරණ අන්තර්ගතයන් සහ සමහර සේවා හෝ අඩවි අත්දැකීම් අනන්‍ය ආකාරයෙන් සැකසුම් කිරීමට ද ඔබේ පුද්ගලික දත්ත සැකසුම් කරනු ලැබිය හැක.
  • PayPal විසින් තෙවන පාර්ශ්වීය වෙබ් අඩවි හා මාර්ගගත සේවා මත පිරිනමනු ලබන පුද්ගලායනය කළ සේවා සැපයීමට. තෙවන පාර්ශ්වීය වෙබ් අඩවි මත ඔබට ඉලක්කගත සංදර්ශකයක්, විශේෂාංගයක්, සේවා හෝ දීමනා ලබා දීමට අප විසින් මෙම රහස්‍යතා ප්‍රකාශය අනුකූලව රැස් කරනු ලැබූ පුද්ගලික දත්ත හා වෙනත් තොරතුරු භාවිතා කරනු ලැබිය හැක. මෙම මාර්ගගත සේවා සැපයීමට සහ/හෝ ඒවා සැපයීම සඳහා ව්‍යාපාරිකයින්, වෙළඳ ප්‍රචාරණ හෝ විශ්ලේෂණ සමාගම් වැනි වෙනත් තෙවන පාර්ශ්වයන් සමග කටයුතු කිරීමට අප විසින් කුකී හා වෙනත් නිරික්සුම් තාක්ෂණයන් භාවිතා කරනු ලැබිය හැකි ය.
  • සේවාවන් හරහා ඔබ ඔබේ භූ නිශ්චයන තොරතුරු බෙදා ගැනීමට තෝරා ගතහොත්, ඔබේ පිහිටීමට අනන්‍ය වූ විකල්ප, ක්‍රියාකාරීත්වයන් හෝ දීමනා ඔබට ලබා දීම සඳහා. අඩවි හා සේවාවල ආරක්ෂාව වැඩි දියුණු කිරීමට හා දැන්වීම් ප්‍රචාරණය, සෙවුම් ප්‍රතිඵල හා වෙනත් පුද්ගලායනය කළ අන්තර්ගතයන් වැනි පිහිටුම් මූලික සේවා ඔබ වෙත ලබා දීම සඳහා අපි මෙම තොරතුරු භාවිතා කරන්නෙමු.
  • අදාළ සියලු නීති හා රෙගුලාසිවලට අනුකූල වීම ඇතුළුව අපගේ බැඳීම් ඉටු කිරීමට සහ අපගේ අඩවි හා සේවාවල නියම බලාත්මක කිරීමට.
  • අන් අය සොයා ගැනීම සහ සම්බන්ධ කිරීම ඔබට පහසු කිරීම සඳහා. නිදසුනක් ලෙස, ඔබ අපට ඔබේ සම්බන්ධතාවලට ප්‍රවේශ වීමට ඉඩ දුන් විට හෝ ඔබේ ගිණුම් පැතිකඩ පොදු වූ විට, අපට ඔබ දන්නා පුද්ගලයින් සමග සම්බන්ධතා යෝජනා කළ හැකි අතර PayPal හි නම, පරිශීලක නාමය, ඊමේල් හෝ ජංගම දුරකථන අංකය අනුව ඔබ සොයන විට ඔබේ පැතිකඩ සොයා ගැනීමට ඔවුන්ට ඉඩ දීමෙන් ඔබට මුදල් එවීමට අන් අයට උදව් කළ හැකි ය. ඔබ දැන සිටීමට ඉඩ ඇති හෝ ඔබට අපේ සේවා ඔස්සේ ගනුදෙනු කිරීමට අවශ්‍ය විය හැකි පුද්ගලයන් පිළිබඳව යෝජනා කිරීමට ඔබේ සහ ඔබේ සබඳතාවල සේවා භාවිතාව ඔස්සේ අප ඔබ පිළිබඳව දැන ගන්නා තොරතුරු සහ ඔබ සහ අන් අය සපයන තොරතුරු අප විසින් යොදා ගනු ලැබිය හැකි ය. අන් අය සමග ඔබේ සේවා භාවිතාව සරල කිරීම සඳහා සැලසුම් කර ඇති සමාජ ක්‍රියාකාරීත්වයන් හා විශේෂාංග සේවාව අනුව වෙනස් වේ.
  • ඔබේ ඉල්ලුම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා, උදාහරණ වශයෙන් ඔබ අපේ පාරිභෝගික සේවා කණ්ඩායම වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නයක් පිළිබඳ ඔබෙන් විමසීමට.

5. අපි පුද්ගලික දත්ත බෙදා ගැනීම කරනවා ද?

රහස්‍යතා ප්‍රකාශයේ මෙම කොටසේ විස්තර කර ඇති පරිදි අපි ඔබේ පුද්ගලික දත්ත හෝ ඔබ පිළිබඳ වෙනත් තොරතුරු විවිධ ආකාරවලින් අන් අය සමග බෙදා බෙදා ගැනීම කළ හැක.  

අප විසින් පහත හේතු සඳහා ඔබේ පුද්ගලික තොරතුරු හෝ වෙනත් තොරතුරු බෙදාගනු ලැබිය හැක:

PayPal ආයතනික පවුලේ වෙනත් සාමාජිකයින් සමග: ඔබ විසින් ඉල්ලා සිටි හෝ අවසර දුන් සේවා සැපයීමට; අවදානම් කළමනාකරණය කිරීමට; විය හැකි අනීතික හෝ වංචාකාරී ක්‍රියා සහ අපගේ ප්‍රතිපත්ති හා ගිවිසුම්වල වෙනත් උල්ලංඝනය කිරීම් අනාවරණය කරගෙන ඒවා වළක්වා ගැනීමට සහාය වීමට; PayPal නිෂ්පාදන, සේවා හා සන්නිවේදනවල ලද හැකි බව හා සම්බන්ධකතාව කළමනාකරණය කිරීමට අපට සහාය වීමට අප විසින් PayPal ආයතනික පවුලේ සාමාජිකයින් අනෙකුත් ඒවා සමග ඔබේ පුද්ගලික දත්ත බෙදා ගැනීමට ඉඩ ඇත.

අප වෙත සේවා සපයන වෙනත් සමාගම් සමග: අපගේ අධීක්ෂණය යටතේ හා අප වෙනුවෙන් සේවාවන් හා ක්‍රියාකාරීත්වයන් සිදු කරන තෙවන පාර්ශ්වීය සේවා සැපයුම්කරුවන් සමග අප විසින් පුද්ගලික දත්ත බෙදාගනු ලැබිය හැක. මෙම තෙවන පාර්ශ්වීය සේවා සම්පාදකයින් විසින්, උදාහරණ ලෙස, ඔබට සේවා සැපයීම, ඔබේ අනන්‍යතාව සහතික කර ගැනීම, ගනුදෙනු සැකසුම් කිරීමට සහාය වීම, අපගේ නිෂ්පාදන හා සේවා සඳහා ඔබට වෙළෙඳ දැන්වීම් යැවීම හෝ පාරිභෝගික සහාය සැපයීම ආදි සේවාවන් ඔබට ලබා දිය හැකි ය. 

වෙනත් මූල්‍ය ආයතන සමග: නිෂ්පාදනයක් හවුලේ නිර්මාණය කිරීම හා ප්‍රදානය කිරීම සඳහා අප හවුල්ව කටයුතු කරන, එනම් PayPal Extras ණයපත හා සම්බන්ධව Synchrony බැංකුව වැනි වෙනත් මූල්‍ය ආයතන සමග අපි ඔබේ පුද්ගලික දත්ත බෙදාගත හැක. ඔබ විසින් වෙනත් භාවිතාවන් සඳහා අනුමැතිය ලබා දී ඇත්නම් විනා, මේ මූල්‍ය ආයතන මගින් PayPal ආශ්‍රිත නිෂ්පාදන අලෙවිකරණය හා පිරිනැමීම සඳහා පමණක් මෙම තොරතුරු භාවිතා කරනු ලබයි. තව ද ගනුදෙනු සැකසුම් කිරීම, ඔබේ යෝග්‍ය කාඩ්පත් ආශ්‍රිත ප්‍රතිලාභ ඔබට සැපයීම හා ඔබේ මූල්‍ය තොරතුරු යථාවත්ව පවත්වා ගැනීම සඳහා අප විසින් පුද්ගලික දත්ත බෙදා ගැනීමට ඉඩ ඇත.

ඔබ විසින් සේවාවන් භාවිතා කරන විට වෙනත් පරිශීලකයින්, ව්‍යාපාරිකයින් හා ඔවුන්ගේ සේවා සම්පාදකයින් වැනි ගනුදෙනු හා සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකරුවන් සමග: ඔබේ ගනුදෙනු සැකසුම් කිරීම හා සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන් සමග අප විසින් ඔබ සහ ඔබේ ගිණුම පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට ඉඩ ඇත. ඔබ භාණ්ඩ සහ සේවාවලට ගෙවීමට සේවාවන් භාවිතා කරන විට, ඔබ විසින් ව්‍යාපාරිකයින් වෙතින් අරමුදල් යවන හෝ ලබන වෙනත් පරිශීලකයින් සහ ඔවුන්ගේ සේවා සැපයුම්කරුවන් මෙයට අයත් වේ. තොරතුරුවලට අයත් වන්නේ:

  • ගනුදෙනුව පහසු කිරීම සඳහා අවශ්‍ය පුද්ගලික දත්ත සහ ගිණුම් තොරතුරු;
  • අනෙකුත් සහභාගිවන්නන්ට ආරවුල් නිරාකරණය කිරීමට සහ වංචා හඳුනා ගැනීමට සහ වැළැක්වීමට උපකාරී වන තොරතුරු; සහ
  • ව්‍යාපාරිකයන්ට පරිශීලකයින් වඩාත් හොඳින් තේරුම් ගැනීමට සහ ව්‍යාපාරිකයන්ට පරිශීලකයින්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීමට සහාය වීම සඳහා සමූහස්ථ දත්ත සහ කාර්ය සාධන විශ්ලේෂණ. 

අපගේ ව්‍යාපාර අරමුණු සඳහා හෝ නීතිය මගින් අවසර දී ඇති හෝ නියම කර ඇති ආකාරයට වෙනත් තෙවන පාර්ශ්වයන් සමග: PayPal හි ව්‍යාපාරික අරමුණු සඳහා හෝ නීතියෙන් අවසර දී ඇති හෝ නියම කර ඇති පරිදි අපි ඔබ පිළිබඳ තොරතුරු වෙනත් පාර්ශ්වයන් සමග බෙදා ගත හැකි ය:

  • නීතියක්, නීතිමය ක්‍රියාවලියක් හෝ රෙගුලාසිවලට අනුකූල වීම සඳහා අපට එසේ කිරීමට අවශ්‍ය නම්;
  • සිතාසියකට, උසාවි නියෝගයකට හෝ වෙනත් නීතිමය ක්‍රියාවලියකට හෝ සිංගප්පූරු නීතිය හෝ රෙගුලාසි යටතේ අවශ්‍යතාවලට අනුකූලව හෝ PayPal හෝ එහි අනුබද්ධිත ආයතනයකට අදාළ වන වෙනත් අධිකරණ බල සීමාවල නීති සහ රෙගුලාසිවලට අනුකූලව; නීතිය බලාත්මක කරන්නන්, නියාමකයින්, රාජ්‍ය නිලධාරීන්, හෝ වෙනත් තෙවන පාර්ශ්වයන් සමග; එවැනි නීතියකට හෝ ණයපත් නීතිවලට අනුකූල වීම සඳහා අපට එසේ කිරීමට අවශ්‍ය වූ විට; හෝ අපගේ තනි අභිමතය පරිදි, භෞතික හානි හෝ මූල්‍යමය අලාභයන් වළක්වා ගැනීම සඳහා පුද්ගලික දත්ත හෙළිදරව් කළ යුතු බව හෝ කිරීමට යෝග්‍ය බවට අප විශ්වාස කරන විට; හෝ සැක සහිත අනීතික ක්‍රියාකාරකම් වාර්තා කිරීමට හෝ පරිශීලක ගිවිසුමක් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීමට;
  • මූලික සුභ සිද්ධිය ආරක්ෂා කිරීමට;
  • අපගේ දේපළ, සේවා සහ නෛතික අයිතීන් ආරක්ෂා කර ගැනීමට;
  • PayPalහි ව්‍යාපාර සියල්ලම හෝ කොටසක් මිල දී ගැනීමට හෝ විකිණීමට පහසුකම් සැලසීමට;
  • සේවාවක් භාවිතයෙන් සිදු කරන ලද මිල දී ගැනීම් සඳහා ප්‍රවාහනගත කිරීම් සමග ආශ්‍රිත සේවා සම්බන්ධව;
  • අපට සහ අපගේ පරිශීලකයින්ට එරෙහිව සිදුවන වංචා, අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්, උපාය මාර්ගික ව්‍යාපාර, හෝ වෙනත් පුද්ගලයින් සහ ව්‍යාපාරිකයින්ට සිදුවන වංචා ඇතුළුව අපගේ වෙබ් අඩවි හෝ අපගේ සේවා භාවිතය සම්බන්ධ වංචාවල අවදානම තක්සේරු කිරීමට, කළමනාකරණය කර ගැනීමට සහ වළක්වා ගැනීමට සහාය වීමට;
  • කාඩ්පත් සංගම් නීතිවලින් නියම කර ඇති පරිදි, අවසන් කරනු ලැබූ ව්‍යාපාරිකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා බැංකුකරණ හවුල්කරුවන් වෙත;
  • ණය වාර්තාකරණ සහ එකතු කිරීමේ ආයතන වෙත;
  • එක් වීමට හෝ අප සමාගම පවරා දෙනු ලැබීමට සැලසුම් කරන සමාගම් වෙත; සහ
  • අපගේ විගණන අනුකූලතාව සහ ආයතනික පාලන ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීමට.

ඔබේ අනුමැතිය සහිතව: ඔබ විසින් තෙවන පාර්ශ්වීය ගිණුමක් හෝ වේදිකාවක් මගින් ගිණුම් සබඳතාවකට අවසර ලබා දෙන්නේ නම්, ඔබේ අනුමැතිය හෝ අධීක්ෂණය යටතේ අපි ඔබේ පුද්ගලික දත්ත හා වෙනත් තොරතුරු බෙදා ගැනීම ද සිදු කරන්නෙමු. 

ඊට අමතරව, පරිශීලකයින් අපගේ අඩවි වෙත පිවිසෙන හා සේවා භාවිතා කරන ආකාරය, වේලාව හා භාවිතයට හේතුව පිළිබඳ සමූහස්ථ සංඛ්‍යානමය දත්ත PayPal විසින් වෙනත් ව්‍යාපාර හා මහජන සාමාජිකයින් ඇතුළු තෙවන පාර්ශ්වයන් වෙත ලබා දීමට ඉඩ ඇත. මෙම දත්තවලින් ඔබව පෞද්ගලිකව හඳුනාගනු ලැබීමක් හෝ ඔබේ අඩවි හෝ සේවා භාවිතය පිළිබඳ විස්තර සැපයීමක් සිදු නොවේ. අපි ඔබේ අනුමැතියකින් තොරව තෙවන පාර්ශ්වයන් සමග ඔවුන්ගේ අලෙවිකරණ අරමුණු සඳහා ඔබේ පුද්ගලික දත්ත හුවමාරු කර නොගනී.

6. අප වෙනත් සේවා හා වේදිකා සමග කටයුතු කරන්නේ කෙසේ ද?

PayPal හි සේවාවල වැදගත් ප්‍රතිලාභයක් හා නවෝත්පාදනයක් වනුයේ ඔබට ඔබේ ගිණුම තෙවන පාර්ශ්වීය ගිණුමක් හෝ වේදිකාවක් සමග සම්බන්ධ කිරීමට හැකි වීම යි. මෙම රහස්‍යතා ප්‍රකාශයේ අරමුණු සඳහා, එවැනි තෙවන පාර්ශ්වයක් සමග ඇති “ගිණුම් සබඳතාවක්” යනු ඔබ විසින් ඔබේ ගිණුම හා ඔබ නීත්‍යනුකූලව පාලනය කරන හෝ හිමිකාරිත්වය දරන PayPal නොවන ගිණුමක්, ගෙවීම් උපාංගයක් හෝ වේදිකාවක් අතර සිදු වීමට අවසර ලබා දෙන හෝ සක්‍රිය කරන සම්බන්ධතාවකි. ඔබ එවැනි සබඳතාවකට අවසර දුන් විට, PayPal හා තෙවන පාර්ශ්වය ඔබේ පුද්ගලික දත්ත හා වෙනත් තොරතුරු ඍජුවම හුවමාරු කරගනු ලබයි. ගිණුම් සබඳතාවලට උදාහරණ වන්නේ:

  • ගිණුම සමාජ මාධ්‍ය ගිණුමකට හෝ සමාජ පණිවුඩකරණ සේවාවකට සබැඳි කිරීම;
  • ඔබ දත්ත සමූහන හෝ මූල්‍ය සේවා සමාගමකට ඔබේ ලොගින් අක්තපත්‍ර ලබා දෙන්නේ නම්, ඔබේ ගිණුම එවන් සමාගමකට සම්බන්ධ කිරීම; හෝ
  • ව්‍යාපාරිකයකුට ඔබේ ගිණුමෙන් අය කිරීමට ඉඩ ලබා දෙමින් ව්‍යාපාරිකයකුට ගෙවීම් සිදු කිරීම සඳහා ඔබේ ගිණුම භාවිතා කිරීම.

ඔබ ගිණුම් සබඳතාවක් සෑදීමට තෝරා ගන්නේ නම්, අපි තෙවන පාර්ශ්වය වෙතින් ඔබ හා ඔබේ තෙවන පාර්ශ්වීය සේවා භාවිතය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඉඩ ඇත. උදාහරණ වශයෙන්, ඔබ ඔබේ ගිණුම සමාජ මාධ්‍ය ගිණුමකට සම්බන්ධ කරන්නේ නම්, අපට ගිණුම් සබඳතාව හරහා සමාජ මාධ්‍ය සැපයුම්කරු වෙතින් පුද්ගලික දත්ත ලැබේ. ඔබ ඔබේ ගිණුම ඍජුවම හෝ තෙවන පාර්ශ්වීය සේවා සම්පාදකයෙකු හරහා වෙනත් මූල්‍ය ගිණුම්වලට සම්බන්ධ කරන්නේ නම්, අපට ඔබේ ගිණුම් ශේෂය හා මිලදී ගැනීම් හා අරමුදල් මාරු කිරීම් වැනි ගනුදෙනු විස්තර වෙත ප්‍රවේශය ලැබිය හැකි ය. ගිණුම් සබඳතාවක් හරහා තෙවන පාර්ශ්වයකින් අප වෙත ලැබෙන එවැනි තොරතුරු අපි මෙම රහස්‍යතා ප්‍රකාශයට අනුකූලව භාවිතා කරන්නෙමු. 

ගිණුම් සබඳතාවක් මත පදනම්ව අප විසින් තෙවන පාර්ශ්වයක් සමග බෙදා ගනු ලබන තොරතුරු භාවිතය සහ අනාවරණය සිදු කරනු ලබන්නේ තෙවන පාර්ශ්වයේ රහස්‍යතා පිළිවෙත්වලට අනුකූලව යි. ගිණුම් සබඳතාවකට අවසර දීමට පෙර, ගිණුම් සබඳතාවෙහි කොටසක් ලෙස ඔබේ පුද්ගලික දත්තවලට ප්‍රවේශය ලබා ගන්නා කවර හෝ තෙවන පාර්ශ්වයක රහස්‍යතා නිවේදනය ඔබ විසින් සමාලෝචනය කර බැලිය යුතු ය. උදාහරණ ලෙස, සමාජ මාධ්‍ය ගිණුමක් වැනි තෙවන පාර්ශ්වීය ගිණුමක් හෝ වේදිකාවක් සමග PayPal විසින් බෙදා ගනු ලබන පුද්ගලික දත්ත එම අනෙක් පාර්ශ්වය විසින් ගිණුමේ හෝ වේදිකාවේ රහස්‍යතා පිළිවෙත් මත පදනම්ව පෙරළා පොදු මහජනතාව ඇතුළුව නිශ්චිත වෙනත් පාර්ශ්ව සමග බෙදා ගැනීමට ඉඩ ඇත. 

7. අප කුකි හා නිරීක්ෂණ තාක්ෂණයන් භාවිතා කරන්නේ කෙසේ ද? 

ඔබ අපගේ වෙබ් අඩවිවලට පිවිසෙන විට, අපගේ සේවා භාවිතා කරන විට හෝ අප මාර්ගගත සේවාවන් සපයන තෙවන පාර්ශ්වීය වෙබ් අඩවියකට පිවිසෙන විට, අප සහ අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් මෙන්ම වෙළෙන්දන් ඔබව පරිශීලකයෙකු ලෙස හඳුනා ගැනීමට සහ ඔබේ සබැඳි අත්දැකීම්, ඔබ භාවිතා කරන සේවාවන් සහ වෙනත් මාර්ගගත අන්තර්ගතයන් සහ වෙළඳ ප්‍රචාරණය අභිරුචිකරණය කිරීමට; ප්‍රවර්ධනවල ඵලදායීතාවය මැනීම සහ විශ්ලේෂණ සිදු කිරීමට; සහ අවදානම අවම කිරීමට, වීමට ඉඩ ඇති වංචා වැළැක්වීමට සහ අපගේ අඩවි සහ සේවාවන් හරහා විශ්වාසය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට අප විසින් කුකී සහ වෙනත් නිරික්සුම් තාක්ෂණයන් (සාමූහිකව “කුකී”) භාවිතා කළ හැකි ය. අපගේ සේවාවන් සහ අඩවිවල සමහර අංග සහ විශේෂාංග ලද හැකි වන්නේ කුකී භාවිතයෙන් පමණි, එබැවින් ඔබ කුකී අක්‍රීය කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තෝරා ගන්නේ නම්, ඔබේ අඩවි සහ සේවාවන් භාවිතය සීමිත වීම හෝ භාවිතා කළ නොහැකි වීම සිදු විය හැකි ය.

නිරික්සුම් නොකරන්න (DNT) යනු දැන්වීම්කරුවන් සහ අනෙකුත් තෙවන පාර්ශ්වයන් විසින් නිරීක්ෂණය කරනු ලැබීම පිළිබඳ ඔබේ අභිරුචි ප්‍රකාශ කිරීමට ඔබට ඉඩ සලසන විකල්ප බ්‍රව්සර් සැකසුමකි. අපි DNT සංඥාවලට ප්‍රතිචාර නොදක්වමු.

අපි කුකී භාවිතා කරන ආකාරය පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අපගේ කුකී සහ නිරික්සුම් තාක්ෂණයන් පිළිබඳ ප්‍රකාශය සමාලෝචනය කරන්න.

8. ඔබට ලද හැකි රහස්‍යතා තේරීම් මොනවා ද?

මෙම රහස්‍යතා ප්‍රකාශයේ විස්තර කර ඇති රහස්‍යතා පිළිවෙත් සහ සන්නිවේදන සම්බන්ධයෙන් ඔබට තේරීම් තිබේ. ඔබ සේවාවක් සඳහා ලියාපදිංචි වන විට හෝ භාවිතා කරන අවස්ථාවේ දී හෝ ඔබ වෙබ් අඩවියක් භාවිතා කරන සන්දර්භය තුළ ඔබේ තේරීම් බොහොමයක් පැහැදිලි කරනු ලැබිය හැකි ය. ඔබ සේවාවන්වල සැරිසැරීමේ දී එහි අත්දැකීම් තුළ ඔබට උපදෙස් සහ ඉඟි ලබා දෙනු ලැබිය හැක.

  • අප එකතු කරන පුද්ගලික දත්තවලට අදාළ තේරීම්
    • පුද්ගලික දත්ත. PayPal විසින් ඉල්ලා සිටින විට පුද්ගලික දත්ත සැපයීම ඔබට ප්‍රතික්ෂේප කළ හැකි නමුත්, එමගින් සමහර සේවාවන් හෝ සියලු ම සේවාවන් ඔබට ලද නොහැකි වීමට ඉඩ ඇත. 
    • පිහිටීම සහ අනෙකුත් උපාංග මට්ටමේ තොරතුරු. අඩවිවලට හෝ සේවාවන්ට ප්‍රවේශ වීමට ඔබ භාවිතා කරන උපාංගය මගින් ඔබේ භූ නිශ්චයන තොරතුරු සහ පරිශීලකයාගේ පරිශීලන දත්ත ඇතුළුව, ඔබ පිළිබඳ තොරතුරු රැස් කරනු ලැබිය හැකි ඇතර, පසුව එම දත්ත PayPal විසින් රැස් කර භාවිතා කළ හැක. එවැනි තොරතුරු රැස් කිරීම සහ භාවිතය සීමා කිරීමට ඔබට ඇති හැකියාව පිළිබඳ තොරතුරු සඳහා, උපාංගයේ ඇති සැකසුම් භාවිතා කරන්න.
  • අප විසින් ඔබේ පුද්ගලික දත්ත භාවිතයට අදාළ තේරීම්
    • PayPal විසින් තෙවන පාර්ශ්වීය වෙබ් අඩවි සහ සේවාවන්හි සපයනු ලබන පුද්ගලායනය කළ සේවා. තෙවන පාර්ශ්වීය වෙබ් අඩවිවල පුද්ගලායනය කර ඔබට ලබා දෙන වෙනත් PayPal සේවාවන් සඳහා ඔබේ අභිරුචි ඔබේ ගිණුමෙන් කළමනාකරණය කරගත හැකි ය. සේවා අත්දැකීම තුළ ඔබේ අභිරුචි කළමනාකරණය කරන ආකාරය පිළිබඳව අපි ඔබට උපදෙස් සහ ඉඟි ලබා දෙන්නෙමු.
    • අන් අය සොයා ගැනීම සහ සම්බන්ධ වීම. ඔබේ අභිරුචි ඇත්නම් ඒවා කළමනාකරණය කර ඔබ භාවිතා කරන සේවාවේ ගිණුමෙන් වෙනත් අය සොයා ගැනීම සහ සම්බන්ධ කර ගැනීම කළ හැකි ය.
  • ගිණුම් සම්බන්ධතාවයන්ට අදාළ තේරීම්
    • ඔබ සමාජ මාධ්‍ය ගිණුමක් වැනි තෙවන පාර්ශ්වීය ගිණුමකට හෝ වේදිකාවක් වෙත ගිණුම් සබඳතා අවසරයක් දෙන්නේ නම්, ඔබේ ගිණුමෙන් හෝ තෙවන පාර්ශ්වීය ගිණුමකින් හෝ වේදිකාවකින් ඔබේ සබඳතා අභිරුචි කළමනාකරණය කිරීමට ඔබට හැකි වීමට ඉඩ ඇත. ඔබට ලැබීමට ඉඩ ඇති තේරීම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා තෙවන පාර්ශ්වීය වේදිකාව සඳහා බලපවත්වන කරන රහස්‍යතා දැන්වීම වෙත යොමු වන්න.
  • කුකී සම්බන්ධ තේරීම්
  • ඔබේ කුකී අභිරුචි කළමනාකරණය කිරීම සඳහා ඔබට විකල්ප තිබිය හැක. නිදසුනක් ලෙස, ඔබේ බ්‍රව්සරය හෝ අන්තර්ජාල උපාංගය සමහර කුකී සහ වෙනත් නිරික්සුම් තාක්ෂණයන් මකා දැමීමට, අක්‍රිය කිරීමට හෝ අවහිර කිරීමට ඔබට ඉඩදිය හැකි ය. AboutCookies.org වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට වැඩිදුර දැන ගත හැකි ය. ඔබට මෙම විකල්ප සක්‍රිය කිරීමට තෝරා ගත හැකි නමුත්, එමගින් සේවාවක හෝ වෙබ් අඩවියක ඇති බොහෝ මූලික විශේෂාංග සහ කාර්යයන් භාවිතා කිරීමෙන් ඔබව වළක්වනු ලැබිය හැකි ය.
  • ඔබ සේවාවක් භාවිතා කරන විට හෝ වෙබ් අඩවියක කොටස් වෙත පිවිසෙන විට කුකී සහ වෙනත් නිරික්සුම් තාක්ෂණයන් භාවිතා කිරීම පිළිබඳව ඔබට විකල්පයක් තිබිය හැකි ය. නිදසුනක් ලෙස, සේවාව හෝ වෙබ් අඩවිය ඔබ පිළිබඳ යම් යම් දේ “මතක තබා ගැනීමට” අවශ්‍ය දැයි ඔබෙන් ඇසිය හැකි අතර, තව ද ඔබ කුකී සහ වෙනත් නිරික්සුම් තාක්ෂණවලට අවසර දෙන තාක් දුරට අපි ඒවා භාවිතා කරන්නෙමු.
  • කුකී සහ නිරික්සුම් තාක්ෂණ ප්‍රකාශ පිටුවට පිවිසීමෙන් ඔබට අපගේ කුකී සහ නිරික්සුම් තාක්ෂණයන් පිළිබඳ වැඩිදුර දැන ගත හැකි ය.
  • ඔබේ ලියාපදිංචිය සහ ගිණුම් තොරතුරු සම්බන්ධ තේරීම්
    • ඔබට ගිණුමක් තිබේ නම්, ඔබට ඒ වෙත පිවිසීමෙන් සහ තොරතුරු ඍජුවම යාවත්කාලීන කිරීමෙන් හෝ අප හා සම්බන්ධ වීමෙන් සාමාන්‍ය පරිදි පුද්ගලික දත්ත සමාලෝචනය හා සංස්කරණය කළ හැකි ය. ඔබට ගිණුමක් නොමැති නම් හෝ ඔබට ඔබේ ගිණුම් තොරතුරු හෝ වෙනත් පුද්ගලික දත්ත පිළිබඳව ප්‍රශ්න ඇත්නම් අප අමතන්න.
  • සන්නිවේදනයට අදාළ තේරීම්
    • අප වෙතින් වන නිවේදන, ඇඟවුම් හා යාවත්කාලීන කිරීම්:  
      • අලෙවිකරණය: අපි අපේ වෙබ් අඩවි, සේවා, නිෂ්පාදන, මූල්‍ය ආයතන සමග ඒකාබද්ධව ලබා දෙන නිෂ්පාදන මෙන්ම අනුබද්ධිත නොවන තෙවන පාර්ශ්වයන්ගේ සහ PayPal ආයතනික පවුලේ සාමාජිකයින්ගේ නිෂ්පාදන සහ සේවාවන් විවිධ සන්නිවේදන මාර්ග හරහා, එනම් උදාහරණ ලෙස, ඊමේල්, පෙළ, උත්පතන, තල්ලු දැනුම්දීම් සහ පණිවිඩකරණ යෙදුම් හරහා ඔබ වෙත එවනු ලැබිය හැකි ය. ඔබට ලැබෙන සන්නිවේදනවල ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට මෙම අලෙවිකරණ සන්නිවේදනයන්ගෙන් ඉවත් විය හැකි ය. ඔබට අප සමග ගිණුමක් තිබේ නම්, ඔබේ ගිණුම් සැකසුම් තුළ ඔබේ සන්නිවේදන අභිරුචි වෙනස් කිරීම ද කළ හැකි ය. තල්ලු දැනුම්දීම් හරහා යවනු ලබන පණිවිඩ සඳහා, ඔබට ඔබේ උපාංගයේ ඔබේ අභිරුචි කළමනාකරණය කළ හැකි ය.
      • තොරතුරු සහ වෙනත්: අපගේ සේවාවන් භාවිතා කරන්නන් වෙත යැවිය යුතු හෝ යැවීමට උවමනා සන්නිවේදනයන්, වැදගත් තොරතුරු අඩංගු දැනුම්දීම් සහ ඔබ අපෙන් ඉල්ලා සිටින වෙනත් සන්නිවේදනයන් අපි ඔබට එවන්නෙමු. ඔබට මෙම සන්නිවේදනයන් ලැබීමෙන් ඉවත් නොවී සිටිය හැකි ය. කෙසේ වෙතත්, ඔබට මෙම දැන්වීම් ලැබෙන මාධ්‍ය සහ ආකෘතිය වෙනස් කිරීමට ඔබට හැකියාව ඇත.

9. ඔබේ අයිතිවාසිකම් මොනවාද?

දත්ත ආරක්ෂණ නීතිවල දක්වා ඇති සීමාවන්ට යටත්ව, ඔබේ පුද්ගලික දත්ත සම්බන්ධයෙන් ඔබට නිශ්චිත අයිතිවාසිකම් ප්‍රමාණයක් තිබේ. ඔබේ දත්ත, නිවැරදි කිරීම සහ දත්ත ගෙනයා හැකි බව වෙත ප්‍රවේශය ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත. ඔබට මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් කරුණාකර අප අමතන්න.

ස්වයංක්‍රීයකරණය කළ තීරණ ගැනීම සමාලෝචනය කිරීමට ඔබට අයිතිය තිබිය හැකි ය. ඔබට කැමැත්ත අහෝසි කිරීමට ද හැකි ය. ඔබේ කැමැත්ත අහෝසි කිරීම ඔබ වෙත සේවා සැපයීම සඳහා අපට ඇති හැකියාව කෙරෙහි බලපෑමට ඉඩ ඇත. ඔබට ඔබේ ඕනෑම අයිතිවාසිකමක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් අප අමතන්න. PayPal විසින් රඳවාගෙන සිටින ඔබ හා සම්බන්ධ සියලුම පුද්ගලික දත්තවලට ප්‍රවේශ වීම සඳහා ඉල්ලීමක් සම්පූර්ණ කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබ ඔබේ අනන්‍යතාව තහවුරු කළයුතු විය හැකි බව මතක තබා ගන්න.

ඔබට අපේ ඕනෑම සේවාවක් සම්බන්ධ ගිණුමක් තිබේ නම්, එම ගිණුමට පිවිසීමෙන් සහ තොරතුරු ඍජුවම යාවත්කාලීන කිරීමෙන් සාමාන්‍ය පරිදි ගිණුමේ පුද්ගලික දත්ත සමාලෝචනය කර සංස්කරණය කිරීමේ හැකියාව ඇත. ඔබට ගිණුමක් නොමැති නම් හෝ ඔබට ඔබේ ගිණුම් තොරතුරු හෝ වෙනත් පුද්ගලික දත්ත පිළිබඳව ප්‍රශ්න ඇත්නම් අප ඇමතිය හැකි ය.

10. අප ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරන්නේ කෙසේ ද?

දත්ත හානිවීම්, අනිසි භාවිතය, අනවසර ප්‍රවේශය, අනාවරණය කිරීම සහ වෙනස් කිරීම වැනි දේ සම්බන්ධයෙන් ඔබේ පුද්ගලික දත්තවලට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සඳහා නිර්මාණය කර ඇති තාක්ෂණික, භෞතික සහ පරිපාලන ආරක්ෂක ක්‍රියාමාර්ග අපි පවත්වාගෙන යන්නෙමු. ආරක්ෂක ක්‍රියාමාර්ගවලට ෆයර්වෝල්, දත්ත ගුප්ත කේතනය, අපගේ දත්ත මධ්‍යස්ථානවල භෞතික ප්‍රවේශ පාලනය සහ තොරතුරු ප්‍රවේශ අවසරය ඇතුළත් වේ. අපගේ පද්ධති සහ සේවාවන් සුරක්ෂිත කිරීම සඳහා අප බැඳී සිටින අතර, ඔබේ මුරපද(ය) සහ ගිණුම්/පැතිකඩ ලියාපදිංචි කිරීමේ තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත කිරීම සහ පවත්වාගෙන යාම සහ අප සතුව ඇත්තේ ඔබේ පුද්ගලික දත්ත නිරවද්‍ය සහ නවතම දත්ත බව තහවුරු කිරීම ඔබේ වගකීම යි. ඔබ විසින් අවසර දී ඇති ගිණුම් සබඳතාවක් පදනම් කොටගෙන තෙවන පාර්ශවයක් සමග බෙදාගනු ලබන කිසිදු පුද්ගලික දත්තයක් ආරක්ෂා කිරීමට අපට වගකීමක් නැත.

11. ළමුන්ට අපේ සේවා භාවිතා කළ හැකි ද?

අඩවි සහ සේවාවන් වයස අවුරුදු 13ට අඩු ළමුන් සඳහා යොමු කරනු නොලැබේ. අපගේ වෙබ් අඩවි සහ සේවාවන් නීත්‍යානුකූලව භාවිතා කිරීමට නොහැකි ළමුන්ගෙන් හෝ වෙනත් පුද්ගලයින්ගෙන් අපි දැනුවත්ව පුද්ගලික දත්ත ඇතුළු තොරතුරු රැස් නොකරන්නෙමු. වයස අවුරුදු 13ට අඩු දරුවෙකුගෙන් අප පුද්ගලික දත්ත රැස් කර ඇති බවට අපට සත්‍ය ලෙසම දැනගන්නට ලැබුණහොත්, එවන් දත්ත රඳවා ගැනීමට අපට නීත්‍යානුකූලව බැඳීමක් නොමැති නම් අපි එම දත්ත කඩිනමින් මකා දමන්නෙමු. වයස අවුරුදු 13 ට අඩු දරුවෙකුගෙන් අපි වැරදීමකින් හෝ නොදැනුවත්ව තොරතුරු රැස් කර ඇති බව ඔබ සිතන්නේ නම් අප අමතන්න.

12. ඔබ දත යුතු වෙනත් දෑ මොනවා ද?

මෙම රහස්‍යතා ප්‍රකාශයට සිදු කරන වෙනස්කම්

අපගේ ව්‍යාපාරය, අඩවි හෝ සේවාවන් හෝ අදාළ නීතිවල වෙනස්කම් පිළිබිඹු කිරීම සඳහා අපි වරින් වර මෙම රහස්‍යතා ප්‍රකාශය සංශෝධනය කළ හැකි ය. සංශෝධිත රහස්‍යතා ප්‍රකාශය බලපැවැත්වෙන්නේ එහි ප්‍රකාශිත බලාත්මක වන දින සිට යි. 

සංශෝධිත අනුවාදයේ සැලකිය යුතු වෙනසක් ඇතුළත් නම්, එම වෙනස පිළිබඳ අපගේ වෙබ් අඩවියේ “ප්‍රතිපත්ති යාවත්කාලීන” පිටුවේ දැන්වීමක් පළ කිරීමෙන් අපි ඔබට දින 30ක පූර්ව දැනුම්දීමක් කරන්නෙමු. ඊමේල් හෝ වෙනත් ක්‍රම භාවිතයෙන් ද අපි මෙම වෙනස පිළිබඳව පරිශීලකයින් දැනුවත් කළ හැක. 

ඔබේ පුද්ගලික දත්ත වෙනත් රටවලට මාරු කිරීම

අපගේ මෙහෙයුම්වලට පරිගණක ජාලයක්, ක්ලවුඩ් පාදක සර්වර් හා තෙවන පාර්ශ්වීය සේවා සැපයුම්කරුවන් ඇතුළුව, එහෙත් ඒවාට පමණක් සීමා නොවූ අනෙකුත් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ මගින් සහාය දක්වයි. අපි සහ අපේ තෙවන පාර්ශ්වීය සේවා සපයන්නන් ඔබේ පුද්ගලික දත්ත ගබඩා කිරීම හා සැකසුම් කිරීම සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලෝකයේ වෙනත් ස්ථානවල යි. ඔබේ පුද්ගලික දත්ත වෙනත් රටවලට මාරු කරන්නේ නම් මෙම රහස්‍යතා ප්‍රකාශයේ විස්තර කර ඇති පරිදි අපි ඔබේ තොරතුරු ආරක්ෂා කරන්නෙමු. අපගේ අඩවි සහ සේවාවන් භාවිතා කිරීමෙන්, ඔබේ පුද්ගලික දත්ත ඔබේ රටට වඩා වෙනස් දත්ත ආරක්ෂණ නීති සහිත රටවල් ඇතුළු වෙනත් රටවලට මාරු කරනු ලැබීමට ඔබ එකඟ වේ. අපගේ වෙබ් අඩවි සහ සේවාවන් කිසියම් විශේෂිත අධිකරණ බල සීමාවක් තුළ සුදුසු හෝ ලබාගත හැකි බව අපි දක්වා සිටින්නේ නැත. 

13.  අප අමතන්න

ඔබට අපගේ රහස්‍යතා ප්‍රකාශය සහ පිළිවෙත් පිළිබඳ පොදු ප්‍රශ්න ඇත්නම් හෝ ඔබේ ගිණුම් තොරතුරු හෝ පුද්ගලික දත්ත පිළිබඳ ප්‍රශ්න ඇත්නම් ඔබට අප ඇමතිය හැකි ය.

ඔබේ ප්‍රශ්න නිවැරදි ස්ථානයට යන බවට අපට සහතික කර ගැනීමට අවශ්‍යයි:

  • ඔබේ PayPal ගිණුම හෝ ගනුදෙනු පිළිබඳව හෝ ව්‍යාපාරිකයෙකු වෙත සිදු කරන ලද කාඩ්පත් ගෙවීමක් පිළිබඳව අප ඇමතීමට මෙතැන ක්ලික් කරන්න.

  • ඔබේ Xoom ගිණුම පිළිබඳව අප ඇමතීමට මෙතැන ක්ලික් කරන්න

ඔබට අපගේ දත්ත ආරක්ෂණ නිලධාරියා මාර්ගගතව හෝ 5 Temasek Boulevard 09-01, Suntec Tower 5, Singapore 038985 ලිපිනයෙන් තැපැල් මගින් ඇමතිය හැකි ය.

ඔබ EEA හි නේවාසිකයෙකු නම්, PayPal හි නියෝජිතයෙකු ලෙස කටයුතු කරන PayPal (Europe) S.à.r.l. et Cie, S.C.A., 22-24 Boulevard Royal L-2449, Luxembourgහි දත්ත පරීක්ෂණ නිලධාරියා තැපෑල මගින් හෝ මාර්ගගතවසම්බන්ධ කරගත හැක. කරුණාකර ඔබේ ලිපියෙහි “දත්ත ආරක්ෂණ නිලධාරියා වෙත” ලෙස ලකුණු කරන්න.

14. නිර්වචන

ගිණුම යනු PayPal හෝ Xoom සාමාජික ගිණුමකි.

උපාංග තොරතුරු යනු අඩවි හෝ සේවාවන්ට ප්‍රවේශ වීමට භාවිතා කරන ඕනෑම උපාංගයකින් ස්වයංක්‍රීයව රැස්කරගනු ලැබිය හැකි දත්ත වේ. එවැනි තොරතුරුවලට ඔබේ උපාංගයේ වර්ගය; ඔබේ උපාංගයේ ජාල සම්බන්ධතා; ඔබේ උපාංගයේ නම; ඔබේ උපාංගයේ IP ලිපිනය; වෙබ් අඩවියට හෝ සේවාවන්ට ප්‍රවේශ වීම සඳහා භාවිතා කරන ඔබේ උපාංගයේ වෙබ් බ්‍රව්සරය, සහ අන්තර්ජාල සම්බන්ධතාව පිළිබඳ තොරතුරු; භූ නිශ්චයන තොරතුරු; ඔබේ උපාංගයට බාගත කරන ලද යෙදුම් පිළිබඳ තොරතුරු; සහ ජෛවමිතික දත්ත (උදා., ඔබේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට භාවිතා කරන ස්පර්ශක හැඳුනුම/ඇඟිලි සලකුණ) ඇතුළත් විය හැකි නමුත්, ඒවාට පමණක් සීමා නොවේ.

භූ නිශ්චයන තොරතුරු යනු උදාහරණ ලෙස GPS, Wi-Fi හෝ සෙලියුලර් අඩවි ත්‍රිකෝණනය හරහා ලබාගන්නා දේශාංශ හා අක්ෂාංශ ඛණ්ඩාංක භාවිතා කිරීමෙන් ඔබේ ස්ථානය සැලකිය යුතු ලෙස නිශ්චිතව හඳුනාගත හැකි තොරතුරු වේ. අපගේ සමහර සේවාවන් ඔබේ වත්මන් පිහිටීම බෙදා ගැනීමට ඔබෙන් අවසර ඉල්ලා සිටිය හැක. සමහර අඩවි සහ සේවාවන් සඳහා නිශ්චිත නිෂ්පාදනයක් හෝ මාර්ගගත සේවාවක් සැපයීමට මෙම තොරතුරු අවශ්‍ය වේ. අප විසින් භූ නිශ්චයන තොරතුරු රැස් කරනු ලැබීමට ඔබ එකඟ නොවන්නේ නම්, ඔබ අපගේ අඩවි හෝ සේවාවන් භාවිතා කිරීමට උත්සාහ කරන විට ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇත.

PayPal යනු PayPal Pte. Ltd. හා එහි පරිපාලිත ආයතන හෝ අනුබද්ධ සමාගම් යන්නයි. මෙම රහස්‍යතා ප්‍රකාශයේ, PayPal සමහර අවස්ථාවල දී එහි සන්දර්භය අනුව “අපි,” “අප” හෝ “අපේ” ලෙස හඳුන්වා ඇත.

පුද්ගලික දත්ත යනු හඳුනාගත් හෝ හඳුනාගත හැකි පුද්ගලයෙකු හා සම්බන්ධිතව තිබිය හැකි පුද්ගලික තොරතුරු වේ. “පුද්ගලික දත්තවලට” නම, තැපැල් ලිපිනය (බිල්පත් සහ ප්‍රවාහනගත කිරීමේ ලිපින ඇතුළුව), දුරකථන අංකය, ඊමේල් ලිපිනය, ගෙවීම් කාඩ්පත් අංකය, වෙනත් මූල්‍ය ගිණුම් තොරතුරු, ගිණුම් අංකය, උපන් දිනය සහ රජය විසින් නිකුත් කරන ලද අක්තපත්‍ර (උදා: රියැදුරු බලපත්‍රය අංකය, ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, සමාජ ආරක්ෂණ අංකය සහ බදු ගෙවන්නාගේ ID) ඇතුළත් විය හැකි ය. නිශ්චිත පරිශීලකයෙකු හඳුනා ගැනීමට භාවිතා නොවන තොරතුරු පුද්ගලික දත්තවලට ඇතුළත් නොවේ.

ක්‍රියාවලිය යනුවෙන් අදහස් වන්නේ රැස් කිරීම, වාර්තාගත කිරීම, සංවිධානය කිරීම, ව්‍යුහගත කිරීම, ගබඩා කිරීම, අනුරූප කිරීම හෝ වෙනස් කිරීම, නැවත ලබා ගැනීම සහ උපදේශනය, සම්ප්‍රේෂණය මගින් අනාවරණය කිරීම, බෙදා හැරීම හෝ වෙනත් ආකාරයකින් ලබාගත හැකි බවට පත් කිරීම, පෙළගැස්වීම හෝ සංයෝජනය, සීමා කිරීම, මකා දැමීම හෝ පුද්ගලික දත්ත විනාශ කිරීම වැනි, ස්වයංක්‍රීය හෝ එසේ නොවන ක්‍රම මගින් හෝ අප විසින් පුද්ගලික දත්ත හෝ පුද්ගලික දත්ත කට්ටල හසුරුවනු ලබන ඕනෑම ක්‍රමයක් හෝ ආකාරයකි.

සේවා යනුවෙන් අදහස් වන්නේ ඕනෑම නිෂ්පාදනයක්, සේවා, අන්තර්ගත, විශේෂාංග, තාක්ෂණයක් හෝ කාර්යයක් සහ PayPal හෝ Xoom විසින් ඔබට පිරිනමනු ලබන සියලු ම අදාළ වෙබ් අඩවි, යෙදුම් සහ සේවාවන් වේ.

අඩවි යනුවෙන් අදහස් වන්නේ PayPal විසින් සේවාවන් පිරිනමනු ලබන, සහ මෙම රහස්‍යතා ප්‍රකාශයයේ පළකර ඇති හෝ එයට සම්බන්ධිත වෙබ් අඩවි, ජංගම යෙදුම්, නිල සමාජ මාධ්‍ය වේදිකා හෝ වෙනත් අන්තර්ජාල දේපළ වේ.

තාක්ෂණික පරිශීලන දත්ත යනුවෙන් අදහස් වන්නේ අඩවි හෝ සේවාවන්ට ප්‍රවේශ වීමට ඔබ භාවිතා කරන ඔබේ දුරකථනය, පරිගණකය හෝ වෙනත් උපාංගයක් වෙතින් අප රැස් කරනු ලබන තොරතුරු වේ. තාක්ෂණික පරිශීලන දත්ත මගින්, ඔබ අඩවි සහ සේවාවන් භාවිතා කරන ආකාරය, එනම් ඔබ වෙබ් අඩවිවල සෙවූ දේ සහ ඒවායේ නරඹා ඇති දේ සහ ඔබේ IP ලිපිනය ඇතුළුව, අපගේ සේවාවන් භාවිතා කරන ආකාරය, පිටු ප්‍රවේශනය වන හෝ නරඹන ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛන, ඔබ අඩවි වෙත පැමිණීමට පෙර පිවිසි වෙබ් අඩවි, සහ කුකී හරහා රැස් කරන ලද වෙනත් පරිශීලන සහ පිරික්සුම් තොරතුරු ආදී දේ පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.

පරිශීලකයා යනුවෙන් අදහස් වන්නේ සේවාවන් භාවිතා කරන හෝ අඩවිවලට ප්‍රවේශ වන පුද්ගලයෙකි.

15. අමතර තොරතුරු

මෙම කොටසේ දක්වා ඇති තොරතුරු ඔබේ කලාපය අනුව ගනුදෙනුකරුවන්ට විශේෂිත විය හැකි අතර, නැතහොත් සේවාවන් භාවිතා කරන විට ඔබ සමග කටයුතු කළ හැකි තෙවන පාර්ශ්වයන්ගෙන් PayPal වෙත ලබා දෙනු ලැබේ. මෙම කොටසේ ඇති විස්තර පිළිබඳව ඔබට යම් ප්‍රශ්නයක් ඇත්නම් ඔබට අප ඇමතීමට හැකි ය.

Google ReCaptcha

PayPal අඩවි සහ සේවාවන්හි ReCaptcha භාවිතා කරයි. ඔබ විසින් ReCaptcha භාවිතය Google රහස්‍යතා ප්‍රතිපත්තියට සහ භාවිත නියමයන්ට යටත් වේ.

ReCaptcha භාවිතා කරනු ලබන්නේ ස්පෑම් සහ අනිසි භාවිතයන්ට එරෙහිව සටන් කිරීමට පමණි.