අවසන් වරට යාවත්කාලීන කළේ 2024 ජූනි 20
අවසන් වරට යාවත්කාලීන කළේ 2024 ජූනි 20
මෙම පරිශීලක ගිවිසුම, ඔබ සහ සිංගප්පූරු සමාගමක් වන PayPal Pte. Ltd. අතර ඇති කරගත්, ඔබගේ PayPal ගිණුම සහ PayPal සේවාවන් භාවිතා කිරීම පාලනය කරන ගිවිසුමකි. ඔබ තනි පුද්ගලයකු නම්, PayPal ගිණුමක් විවෘත කර PayPal සේවා භාවිතා කිරීම සඳහා, ඔබ ලෝකව්‍යාප්ත PayPal පිටුවෙහි ලැයිස්තුගත කර ඇති රටවල්/කලාපවලින් එකක පදිංචිකරුවකු සහ වයස අවුරුදු 18ට වැඩි අයකු හෝ ඔබ පදිංචි රටෙහි/කලාපයෙහි වැඩිහිටි වයසට පත් අයකු විය යුතු යි. ඔබ ව්‍යාපාරයක් නම්, PayPal ගිණුමක් විවෘත කර PayPal සේවා භාවිතා කිරීම සඳහා, ව්‍යාපාරය ලෝකව්‍යාප්ත PayPal පිටුවෙහි ලැයිස්තුගත කර ඇති රටවල්/කලාපවලින් එකක සංවිධානගතව, ක්‍රියාකාරීව හෝ ස්ථානගතව තිබිය යුතු යි.
PayPal ගිණුමක් විවෘත කර භාවිතා කිරීම මගින් ඔබ මෙම පරිශීලක ගිවිසුමේ සියලු නියම හා කොන්දේසි පිළිපැදීමට එකඟ වෙයි. ඔබ විසින් පහත ඒවා ඇතුළුව, පහත අතිරේක ප්‍රතිපත්ති හා ඔබට අදාළ වන නෛතික ගිවිසුම් පිටුව මත ඇති එක් එක් වෙනත් ගිවිසුම්වලට ද අනුකූල වීමට එකඟ වෙයි:
කරුණාකර මෙම පරිශීලක ගිවිසුමේ සියලු නියම හා කොන්දේසි, මෙම ප්රතිපත්තිවල හා ඔබට අදාළ වන එක් එක් ගිවිසුම්වල නියම ප්‍රවේසමෙන් කියවන්න.
අප විසින් කලින් කලට මෙම ගිවිසුම හා ඉහත ලැයිස්තුගත කර ඇති ඕනෑම ප්‍රතිපත්තියක් සංශෝධනය කරනු ලැබිය හැක. වෙනත් අයුරකින් දන්වා නොමැතිනම්, සංශෝධිත අනුවාදය අපි අපේ වෙබ් අඩවියේ පළ කරන අවස්ථාවේ දී බලාත්මක වේ. අපගේ වෙනස් කිරීම් මගින් ඔබේ අයිතීන් හීන කරන්නේ නම් හෝ ඔබේ වගකීම් වැඩි කරන්නේ නම් අපි අපේ වෙබ් අඩවියේ ප්‍රතිපත්ති යාවත්කාල පිටුව මත නිවේදනයක් පළ කර ඔබට යටත් පිරිසෙයින් දින 14ක දැනුම්දීම් කාල සීමාවක් ලබා දෙන්නෙමු. ඔබ විසින් PayPal සේවා සඳහා ලියාපදිංචි වූ අවස්ථාව වන විටත් නෛතික ගිවිසුම් පිටුවෙහි පළ කර ඇති ප්‍රතිපත්ති යාවත්කාල පිටුවෙහි දක්වා ඇති සියලු ඉදිරි වෙනස් කිරීම්, මෙම පරිශීලක ගිවිසුමට යොමු කිරීම මගින් ඇතුළත් කර ඇති අතර ප්‍රතිපත්ති යාවත්කාලීනය තුළ දක්වා ඇති පරිදි බලාත්මක වේ. මෙම පරිශීලක ගිවිසුමට හෝ ඉහත ලැයිස්තුගත කර ඇති අදාළ අනෙකුත් නියමයන්, ගිවිසුම්, හෝ ප්‍රතිපත්තිවලට යම් වෙනසක් සිදු කිරීමෙන් අනතුරුව අපගේ සේවාවන් දිගටම භාවිත කිරීමෙන්, එම වෙනස්කම් පිළිපැදීමට සහ ඒවාට බැඳී සිටීමට ඔබ එකග වේ.
ඔබ සංශෝධිත නියම හා කොන්දේසිවලට එකඟ නොවන්නේ නම්, ඔබ විසින් PayPal සේවා භාවිතය නවත්වා, ඔබේ ගිණුම වසා පිරිවැයක් හෝ දඩ රහිතව අප සමග ඔබට ඇති සම්බන්ධතාව අවසන් කළ යුතුය. මෙම පරිශීලක ගිවිසුම සේවාවන්හි ඔබේ පෙර භාවිතාවන්ට ද අඛණ්ඩව අදාළ වනු ඇත.
PayPal යනු ගෙවුම් සේවා සැපයුම්කරුවකු වන අතර අන්තර්ජාලය ඔස්සේ ඔබ වෙත අපේ PayPal සේවා නිර්මාණය, කළමනාකරණය, පවත්වාගැනීම හා සපයා දීම මගින් එසේ ක්‍රියා කරයි. අපගේ සේවා මගින් ඔබට PayPal ගිණුමක් ඇති ඕනෑම අයකු වෙත ගෙවීම් යැවිමට හා, ලද හැකි ඕනෑම ස්ථානයකින් ගෙවීම් ලබා ගැනීමට පුළුවන. අපගේ සේවා ලද හැකි බව රට/කලාපය අනුව වෙනස් වේ. ඔබට ඔබේ PayPal ගිණුමට ලොගින් වීම මගින් ඔබේ රට/කලාපය තුළ ලද හැකි සේවා මොනවාදැයි යන්න බැලිය හැකිය.
PayPal සේවා PayPal Pte. Ltd මගින් පිරිනැමේ.
මෙම පරිශීලක ගිවිසුම PayPal සේවාවන්හි යාචනයක් නොවන අතර PayPal මෙම පරිශීලක ගිවිසුම ඔස්සේ කිනම් හෝ රටක්/කලාපයක් හෝ වෙළෙඳපොළක් ඉලක්ක නොකරයි.
අපි PayPal ගිණුම් පුද්ගලික (හෙවත් "පුද්ගලික ගිණුම්") සහ PayPal ගිණුම් ව්‍යාපාරික (හෙවත් "ව්‍යාපාර ගිණුම්") ලෙස ගිණුම් වර්ග දෙකක් පිරිනමන්නෙමු.
සියලුම PayPal ගිණුම් මගින් ඔබට පහත ආකාරයේ කටයුතු කිරීමට ඉඩ සලසයි:
සියලු ID, මුරපද, පුද්ගලික හඳුනාගැනීමේ අංක හෝ ඔබ විසින් PayPal ගිණුම හා PayPal සේවා වෙත ප්‍රවේශ වීමට ඔබ භාවිතා කරන වෙනත් කවර හෝ කේතයක් වෙත ප්‍රමාණවත් ආරක්ෂාවක් හා පාලනයක් සැපයීම ඔබේ වගකීම වේ.
PayPal ගිණුමක් විවෘත කර පවත්වාගෙන යාම සඳහා, ඔබ ඔබේ නිවැරදි රට/කලාපය දක්වා අප වෙත පුද්ගලික තොරතුරු, මූල්‍ය තොරතුරු, හෝ ඔබට හෝ ඔබේ ව්‍යාපාරවලට අදාළ වෙනත් තොරතුරු සහ ඒවාට පමණක් සීමා නොවූ තවත් තොරතුරු ද ඇතුළුව, නිවැරදි හා යථාවත් ගිණුම් තොරතුරු සැපයිය යුතුය.
ඔබ ඔබේ තැපැල් ලිපිනය, ඊමේල් ලිපිනය හා වෙනත් සබඳතා තොරතුරු ඔබේ PayPal ගිණුම් පැතිකඩ තුළ යථාවත්ව පවත්වා ගත යුතුය.
ඔබට මූලික වශයෙන් මිල දී ගැනීම් සිදු කිරීමට හා මිතුරන් හා පවුලේ අය වෙත පුද්ගලික ගනුදෙනු සිදු කිරීමට උවමනා නම්, ඒ සඳහා ඔබට පුද්ගලික ගිණුමක් හොඳින් ගැළපේ. පුද්ගලික ගිණුමකින් ඔබට කළ හැකි දෑ:
භාණ්ඩ හා සේවා අලෙවි කිරීම සඳහා ගෙවීම් ලබා ගැනීමට ද ඔබට පුද්ගලික ගිණුමක් භාවිතා කළ හැකි නමුත්, ඔබ මූලික වශයෙන් ඔබේ පුද්ගලික ගිණුම භාවිතා කිරීමට අදහස් කරන්නේ යම් යම් දෑ විකිණීමට නම් ඔබ ව්‍යාපාර ගිණුමක් විවෘත කිරීමට සලකා බැලිය යුතු ය. තත්ත්වයෙහි වෙනසක් සිදු වුවහොත්, ඔබට ඔබේ PayPal ගිණුම පුද්ගලික ගිණුමකින් ව්‍යාපාර ගිණුමකට පරිවර්තනය කළ හැක.
මූලිකව භාණ්ඩ හෝ සේවා විකිණීමට PayPal භාවිතා කරන පුද්ගලයින් හා සංවිධාන සඳහා, ඔබේ ව්‍යාපාරය සංස්ථාපිත එකක් නොවුව ද ව්‍යාපාර ගිණුම් භාවිතා කිරීම අපි නිර්දේශ කරමු. ව්‍යාපාර ගිණුමක් සමගින් ඔබට කළ හැකි දෑ:
ව්‍යාපාර ගිණුම්වලට අදාළ ගාස්තු පුද්ගලික ගිණුම්වවලට අදාළ ගාස්තුවලින් වෙනස් වෙනස් විය හැක. ව්‍යාපාරික ගිණුම් “පුද්ගලික ගනුදෙනු” ලැබීමට යෝග්‍ය නොවන නමුත්, ඒවාට යෝග්‍ය PayPal ගිණුමකින් මිතුරන්ට සහ පවුලේ අයට පුද්ගලික ගනුදෙනු සිදු කළ හැක.
ව්‍යාපාර ගිණුමක් විවෘත කිරීමෙන් හෝ පුද්ගලික ගිණුමක් ව්‍යාපාර ගිණුමකට හැරවීමෙන්, ඔබ එය මූලිකව ව්‍යාපාර හෝ වාණිජමය අරමුණක් සඳහා භාවිතා කරන බව අපට සහතික කරයි. ගිණුම ඇරඹීමේ දී, ඔබ යම් යම් නව නිෂ්පාදන ඉල්ලුම් කරන විට සහ ඔබේ ව්‍යාපාර ගිණුමෙහි ඉහළ අවදානම් මට්ටමක් ඇති බවට අප විසින් සාධාරණව විශ්වාස කරන ඕනෑම අවස්ථාවක ණය වාර්තාකරණ නියෝජායතනයකින් ඔබේ පුද්ගලික හා/හෝ ව්‍යාපාර ණය වාර්තාවක් PayPal මගින් ලබා ගැනීමට ද ඔබ එකඟ වෙයි.
ඔබේ ඕනෑම PayPal ගිණුමක ක්‍රියාකාරීත්වය යම් යම් සීමාවන්වලට ළඟා වන්නේ නම් හෝ එය යම් යම් ව්‍යාපාර අංශ හෝ ක්රියාකාරීත්වයන්ට සම්බන්ධ වන්නේ නම්, ඔබට අඛණ්ඩව Visa හා MasterCard පිළිගැනීමට ඉඩ සලසා දීම සඳහා ඔබ විසින් වාණිජ්‍ය අස්ථිත්ව ගිවිසුමකට එකඟ වීම කාඩ්පත් ජාලය මගින් නියම කරයි. මේ කරුණ සම්බන්ධයෙන්, මෙකී වාණිජ්‍ය අස්ථිත්ව ගිවිසුම් PayPal මගින් ඔබ වෙනුවෙන් සිදු කරන ලද ඕනෑම ගෙවීමකට අදාළ වන අතර මෙම පරිශීලක ගිවිසුමේ කොටසක් බවට පත්වනු ඇත.
ඔබ ඔබේ PayPal ගිණුමේ ප්‍රතිලාභී හිමිකරු විය යුතු අතර ඔබ වෙනුවෙන් පමණක් ව්‍යාපාර සිදු කළ යුතුය.
ඔබ වෙනුවෙන් යම් යම් කටයුතු ඉටු කිරීම සඳහා ඔබ විසින් ප්රකාශිතව අවසර ලබා දීම, ඉවත් කිරීම හා කළමනාකරණය සිදු කළ හැකිය. ඇතැම් අවස්ථාවල දී, ඔබට මෙය ඔබ ඔබේ PayPal ගිණුමට ලොගින් වී ඇති විට සිදු කළ හැකි අතර – වෙනත් අවස්ථාවල දී, ඔබට ඍජුවම මෙය තෙවැනි පාර්ශ්වයක් සමග සිදු කළ හැකිය. ඔබ වෙනුවෙන් කටයුතු ඉටු කිරීම සඳහා ඔබ විසින් තෙවැනි පාර්ශ්වයකට අවසර ලබාදෙන්නේ නම්, අප මෙම තෙවැනි පාර්ශ්වය වෙත ඔබේ PayPal ගිණුම් පිළිබඳ යම් යම් තොරතුරු අනාවරණය කරනු ලැබිය හැකි බවට ඔබ පිළිගනී.
අදාළ නීති මගින් බලපත්‍ර ගැන්වූ තෙවැනි පාර්ශ්වීය සේවා සැපයුම්කරුවන්ට පහත දෑ සඳහා අවසර දීමට ඔබට හැකිය:
මෙම පරිශීලක ගිවිසුම යටතේ ඔබේ වගකීම් කිසිවකින් ඔබව මුදා නොහරින කවර හෝ ආකාරයකින් තෙවැනි පාර්ශ්වයකට ඔබේ PayPal ගිණුමට ප්‍රවේශ වීමට අවසර ලබා දීම. ඔබ විසින් තෙවැනි පාර්ශ්වයන්ට සිදු කිරිමට අවසර දෙන ක්‍රියා සඳහා ඔබ අපට වග කිව යුතු වේ. ඔබේ අනිවාර්ය නෛතික අයිතීන්වලට යටත්ව, ඔබ දෙන ලද අවසර සම්බන්ධයෙන් එකී තෙවැනි පාර්ශ්වයන්ගේ ක්‍රියා හෝ නොකර හැරීම්වලින් පැන නඟින කවර හෝ වගකීමකට ඔබ අපව වගකීමෙන් බැහැර කොට නිදහස් කරයි.
ඔබට ඕනෑම මොහොතක වියදමකින් හෝ දඩයකින් තොරව ඔබේ ගිණුම වසා දමා අප සමග ඇති සම්බන්ධතාව අවසන් කළ හැකි නමුත්, ඔබේ PayPal ගිණුම වසා දැමීමෙන් පසුව ද ඔබේ PayPal ගිණුම ආශ්රිත සියලු වගකීම්වලට ඔබ තවදුරටත් බැඳී සිටී. ඔබ ඔබේ PayPal ගිණුම වසා දමන විට, අපි එහි ඇති උපලේඛනගත හෝ අසම්පූර්ණ ගනුදෙනු සියල්ල අවලංගු කරන්නෙමු. ඔබේ PayPal ගිණුම වසා දැමිමට පෙර, ඔබ එහි යම් ශේෂයක් ඇත්නම් එය ආපසු ගැනීම හෝ මාරු කිරීම සිදු කළ යුතු ය. PayPal ඩිජිටල් ත්‍යාග ඔස්සේ මිල දී ගෙන ඔබේ PayPal ගිණුමට ගෙවීමේ ක්‍රම ලෙස සබැඳි කර ඇති ඩිජිටල් ත්‍යාග සහතික පත්/කාඩ්පත් ආපසු ගැනීමට හෝ මාරු කිරීමට ඔබට නොහැකි ය. කෙසේ නමුත්, ඔබට ඔබේ PayPal ගිණුම නොමැතිව වුව ද, ඔබ එම ත්‍යාග සහතික පත්/කාඩ්පත් මිලදී ගැනීමේ දී ඊමේල් ඔස්සේ ලැබුණු කේත තවදුරටත් මිලදී ගැනීම් සිදු කිරීම සඳහා භාවිතා කිරීමට ඔබට හැකි ය.
පහත ඒවා ඇතුළත් යම් යම් තත්ත්වයන් යටතේ, ඔබට ඔබේ PayPal ගිණුම වැසිය නොහැක:
ඔබට ඔබේ PayPal ගිණුමට ගෙවීමේ ක්‍රමයක් ලෙස ණයපතක්, හර පතක් හෝ බැංකු ගිණුමක් සබැඳි කිරීමට හෝ සබැඳිහරණය කිරීමට හැකිය. කරුණාකර ඔබේ ගෙවීමේ ක්‍රම තොරතුරු යථාවත්ව පවත්වා ගන්න (එනම්, ණයපත් අංකය හා කල් ඉකුත් වන දිනය). මෙම තොරතුරු වෙනස් වුවහොත්, අපට ලද හැකි තොරතුරු හා තෙවැනි පාර්ශ්වීය මූලාශ්‍ර භාවිතයෙන් ඔබේ පාර්ශ්වයෙන් කවර පියවරක් හෝ නොගෙන අප විසින් ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැකිය. ඔබේ කාඩ්පත් තොරතුරු අප විසින් යාවත්කාලීන කරනවාට ඔබ අකමැතිනම්, ඔබට ඔබේ PayPal ගිණුම වෙතින් ඔබේ ගෙවීමේ ක්‍රමය ඉවත් කිරීමට හැකිය. අපි ඔබේ ගෙවීමේ ක්‍රමය යාවත්කාලීන කළහොත්, අපි එම ගෙවීමේ ක්‍රමයට අදාළ කරන ලද කිනම් හෝ අභිමත සැකසුමක් වෙනස් නොකර තබන්නෙමු. කාඩ්පත වලංගු බවත් කාඩ්පතේ හිමිකරු ඔබ බවත් අපට සත්‍යාපනය කරගත හැකි වන ලෙස ඔබට ඔබේ කාඩ්පත තහවුරු කිරීමට තේරිය හැක.
ඔබ ඔබේ PayPal ගිණුමේ රඳවාගෙන සිටින ඕනෑම ශේෂයක් PayPal හට අනාරක්ෂිත හිමිකමක් නියෝජනය කරයි. PayPal ඔබේ ශේෂය වෙනත් පරිශීලකයින්ගේ ශේෂය සමග ඒකාබද්ධ කර එම අරමුදල් ද්‍රවශීලී ආයෝජනවල ආයෝජනය කරයි. මෙම සංචිත මුදල් PayPal හි සංස්ථානික අරමුදල්වලින් වෙන්ව පවත්වාගෙන යනු ලබන අතර PayPal විසින් මෙම අරමුදල් එහි මෙහෙයුම් වියදම් හෝ කවර හෝ ආයතනික අරමුණක් සඳහා භාවිතා කරන්නේ හෝ බංකොලොත්භාවයකට පත් වීමක දී ස්වේච්ඡාවෙන් සිය ණයහිමියන්ට මෙම මුදල් ලද හැකි කරන්නේ හෝ නැත. ඔබේ ශේෂයේ ඇති මුදල් සඳහා ඔබට පොළියක් හෝ වෙනත් ආදායමක් නොලැබේ. මෙම ආයෝජනවලින් ලැබෙන පොළී හෝ වෙනත් ආදායම් PayPal සතු වන බවට ඔබ එකඟ වෙයි. ඔබේ අරමුදල්වලින් ලැබෙන කිනම් හෝ පොළියක් සඳහා වන කවර හෝ අයිතියක් PayPal වෙත පැවරීමට ඔබ එකඟ වෙයි.
ඔබේ PayPal ගිණුම භාවිතයෙන් සිදු කරන ගනුදෙනුවලට මුදල් සැපයීම සඳහා ඔබට ඔබේ PayPal ගිණුමට සබැඳි කර ඇති ගෙවීමේ ක්‍රම භාවිතා කළ හැක. ඔබට යමක් මිලදී ගැනීමට හෝ ගෙවීම් යැවීමට ඔබේ PayPal ගිණුමේ ශේෂයක් තිබීම අවශ්‍ය නොවේ. ඔබේ PayPal ගිණුම වෙත ඉලෙක්ට්‍රොනික මුදල් මාරු කිරීමක් ඉල්ලුම් කිරීමෙන් ඔබට ඔබේ PayPal ගිණුමට සබැඳි කර ඇති බැංකු ගිණුමෙන් ඔබේ PayPal ගිණුමට අරමුදල් එක් කළ හැක. මාරු කරන ලද මුදල ඔබේ PayPal ගිණුමෙහි ශේෂයක් ලෙස රඳවා ගනු ලබයි. ඔබේ PayPal ශේෂයට අරමුදල් එක් කිරීම සඳහා ණයපත් භාවිතා කළ නොහැක.
ඔබ සතුව PayPal ශේෂයක් තිබේ නම්, පහත මුදල් ආපසු ගැනීමේ විකල්පවලින් ඔබේ රට/කලාපය තුළ ලද හැක්කේ මොනවාදැයි බැලීමට ඔබේ PayPal ගිණුමට ලොගින් වන්න:
ඔබේ ගිණුම ලියාපදිංචි කර ඇති රට/කලාපය මත පදනම්ව තෙවැනි පාර්ශ්වීය සේවා සම්පාදකයකු ඔස්සේ ඔබට ඔබේ අරමුදල් ආපසු ගැනීමට හැකිය. ව්‍යවහාර මුදල් පරිවර්තනය පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර එබඳු තෙවැනි පාර්ශ්වයන්ගේ නියම බලන්න.
අපව හා අපේ පරිශීලකයන්ව පාඩුවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ විසින් මුදල් ආපසු ලබා ගැනීමට අවසර ලබා දී ඇති දැය තහවුරු කර ගැනීමට අපට අවශ්‍ය නම් හෝ ඔබේ PayPal ගිණුම වෙත වන වෙනත් ගෙවීම් ප්‍රතිවර්තනයකට යටත් කර ඇත්නම් (උදාහරණ ලෙස, නැවත අය කිරීමක්, බැංකු නැවත අය කිරීමක් හෝ මිල දී ගන්නකුගේ මතභේදයක් හේතුවෙන්) ඇතුළු යම් යම් අවස්ථාවල දී අප විසින් මුදල් ආපසු ගැනීමක් ප්‍රමාද කරනු ලැබිය හැකිය. අපි ඔබේ PayPal ගිණුමට සීමාවක් පනවන්නේ නම්, ගෙවීමක් රැඳවුමකට යටත් වන්නේ නම්, හෝ PayPal ගිණුම වෙතින් මුදල් ආපසු ගැනීමක් සිදු වීමට තිබිය දී කිනම් හෝ මුදල් වර්ගයකින් ඔබේ ගිණුමෙහි හෝ ආශ්රිත ගිණුමක ඍණ ශේෂයක් පවතින්නේ නම්, ඔබට සීමාව හෝ රැඳවුම ඉවත් කළ විට හෝ ඍණ ශේෂය සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ විට ඔබට මුදල් ආපසු ගැනීම නැවත ඇරඹීමට සිදු වේ.
අපට ඔබේ මුදල් ආපසු ගැනීම්වලට සීමා පැනවිය හැකි අතර ඔබට ඔබේ PayPal ගිණුම වෙත ලොගින් වීමෙන් කවර හෝ මුදල් ආපසු ගැනීමේ සීමාවක් බැලීමට හැකිය. පහත පියවර අනුගමනය කිරීම අපට ඔබගේ PayPal ගිණුම සත්‍යාපනය කිරීමට උපකාර වන අතර ඉන් අපට කිනම් හෝ මුදල් ආපසු ගැනීමේ සීමාවක් ඉවත් කිරීමට ඉඩ සලසයි:
ඔබේ බැංකු ගිණුමට මාරු කිරීමට අප විසින් ගාස්තුවක් අය කරනු ලැබේ. ඔබේ හරපත ඔබේ PayPal ගිණුමෙන් මුදල් ලබා ගැනීමට යෝග්‍ය වන්නේ නම්, ඔබ ඔබේ PayPal ශේෂයෙන් අරමුදල් සම්ප්‍රේෂණය කළ කරන විට එය භාවිතා කිරීමට ශේෂය සම්ප්‍රේෂණය කිරීමට ගාස්තු (පුද්ගලික ගිණුම් සඳහා) පිටුව සහ ශේෂය සම්ප්‍රේෂණය කිරීමට ගාස්තු (ව්‍යාපාරික ගිණුම් සඳහා) පිටුව තුළ සොයාගත හැකිවනු ඇති එම මාරු කිරීම්වලට අදාළ ගාස්තුවලට යටත්ව විකල්පය ඔබ වෙත ලබා දෙනු ඇත. ඔබ එසේ මුදල් ආපසු ගැනීමක් ආරම්භ කරන සෑම විටම අදාළ ගාස්තුව කලින් ඔබට පෙන්වනු ඇත.
සාමාන්‍යයෙන්, අපට තහවුරු කළ PayPal ගිණුමක් තිබුණහොත් හැර, අපි තහවුරු කළ ලිපිනවලට පමණක් චෙක්පත් තැපැල් කරමු. අපි තැපැල් පෙට්ටි අංකවලට චෙක්පත් නොයවමු. මෙම නිර්ණායක නොසපුරන ලිපිනයකට චෙක්පත් යැවීමට ඔබට අවශ්‍ය නම්, පාරිභෝගික සේවා අංශය අමතා අප ඉල්ලා සිටින ලිපිනය තහවුරු කිරීමේ ලේඛන ලබා දිය යුතුය. නිකුත් කර දින 180 ක් ඇතුළත ඔබට චෙක්පතක් මුදල් කර ගැනීමට නොහැකි වුවහොත්, අප ඔබේ ශේෂයට (ගාස්තුව අඩු කර) අරමුදල් නැවත එවමු.
ඔබේ PayPal ගිණුම් ශේෂය PayPal විසින් පිළිගන්නා ඕනෑම මුදල් වර්ගයකින් තබාගත හැකි අතර, ඔබට එකවර මෙම ඕනෑම මුදල් වර්ග එකකට වැඩි ගණනකින් ශේෂයක් තබා ගත හැක.
ඔබේ PayPal ගිණුමේ ශේෂයක් තිබේ නම්:
ඔබේ ගිණුමෙන් දැනට ලබා ගැනීමට වින්‍යාස කර නොමැති මුදල් වර්ගයකින් අරමුදල් ලබා ගැනීමට PayPal ගිණුමේ එම මුදල් වර්ගයෙන් ශේෂයක් ඇති කිරීමට හෝ ශේෂය වෙනත් මුදල් වර්ගයකට හැරවීමට සිදු විය හැක. සමහර මුදල් වර්ග ලබා ගත හැක්කේ PayPal විසින් ඔබට තබා ගැනීමට ඉඩදී ඇති මුදල් වර්ගයකට ශේෂය හැරවීමෙන් පමණි. ශේෂය පරිවර්තනය කළහොත්, PayPalහි ගනුදෙනු විනිමය අනුපාතය (අපගේ ව්‍යවහාර මුදල් පරිවර්තන අනුපාතය ඇතුළුව) භාවිතා කෙරෙනු ඇත.
ඔබගේ PayPal ගිණුමේ මුදල් වර්ග ගණනාවක් පවත්වා ගැනීමේ ඇති අවදානම් සියල්ල සඳහා ඔබ වගකිව යුතු වෙයි. සමපේකෂණ වෙළඳාම් කිරීමේ අරමුණු, පරිවර්තන පරස්පර, පරිවර්තන විකල්ප හෝ PayPal විසින් ව්‍යවහාර මුදල් පරිවර්තන මත මුදල් ඉපයීමේ අරමුණ සඳහා බවට නිගමනය කරන වෙනත් කිසිම ක්‍රියාවක් සඳහා මුදල් කළමනාකරණය හෝ පරිවර්තනය කිරීම ඔබ විසින් නොකළ යුතුය. මෙම ප්‍රතිපත්තිය කඩ කරන බවට අප විසින් තීරණය කරන ඕනෑම ගනුදෙනුවක් නැවැත්වීම, අවලංගු කිරීම හෝ ආපසු හැරවීම PayPal විසින් කළ හැක.
PayPal විසින් ව්‍යවහාර මුදල් පරිවර්තනය කළහොත්, එය අදාළ ව්‍යවහාර මුදල් පරිවර්තනය සඳහා අප විසින් සකස් කර ගෙන ඇති ගනුදෙනු විනිමය අනුපාතය අනුව සම්පූර්ණ කෙරෙනු ඇත. ගනුදෙනු විනිමය අනුපාතය නිතිපතා සකසා ඇති අතර ඔබේ පරිවර්තනයට අදාළ අනුපාතය සැකසීම සඳහා මූලික විනිමය අනුපාතයක් මත අප විසින් අයදුම් කරන ලද සහ රඳවා ගන්නා ව්‍යවහාර මුදල් පරිවර්ත්‍ය අනුපාතයක් ඇතුළත් වේ. මූලික විනිමය අනුපාතය පදනම් වන්නේ පරිවර්තන දිනයේ හෝ පෙර වැඩ කරන දිනයේ තොග මුදල් වෙළඳපොළ තුළ ඇති අනුපාත මත ය; නැතහොත්, නීතියෙන් හෝ රෙගුලාසියකින් අවශ්‍ය කෙරෙන්නේ නම්, අදාළ රජයේ යොමු අනුපාත(ය) අනුව නියම කෙරේ.
ඔබගේ PayPal ගිණුම්වල යම් යම් භාවිතයන් සඳහා, ව්‍යවහාර මුදල් පරිවර්තනය අත්‍යාවශ්‍ය බව PayPal විසින් තීරණය කරනු ඇත. අදාළ වන ව්‍යහාර මුදල් පරිවර්තනය ව්‍යවහාර මුදල් පරිවර්ත්‍ය ගාස්තුව යන ශීර්ෂය යටතේ ඇති අපගේ ගාස්තු පිටුවෙන් දැන ගත හැකි ය.
Holds හෝ සීමා කිරීම් මගින් එම holds හෝ සීමා කිරීම් නිදහස් කෙරෙන තෙක් මුදල්වල ව්‍යවහාර මුදල් පරිවර්තනය ප්‍රමාද කිරීමට ඉඩ ඇත. මෙමගින් ගිණුම් රඳවා තබාගැනීම(ම්) හෝ සීමා කිරීම(ම්) කිසිවක් ක්‍රියාත්මක නොවී තිබියදී යෙදිය යුතුව තිබූ ගණුදෙණු විනිමය අනුපාතිකයට වඩා වෙනස් වූ ව්‍යවහාර මුදල් පරිවර්තනයක් යෙදීම ප්රතිඵළය කිරීමට ඉඩ ඇත. මෙම තත්වයන් තුළ ව්‍යවහාර මුදල් පරිවර්තන ඔබට වඩා වාසිදායක හෝ අඩු වාසිදායක වීමට ඉඩ ඇත.
ඔබගේ ගෙවීම සඳහා මුදල් ලබා දෙනුයේ හරපතකින් හෝ ණයපතකින් නම් සහ ඒ සඳහා PayPal විසින් සිදු කරනු ලබන ව්‍යවහාර මුදල් පරිවර්තනයක් සම්බන්ධ වේ නම්, ඔබගේ ණයපත් හෝ හරපත් නිකුත් කරන්නා වෙනුවට අප විසින් කරනු ලබන ව්‍යවහාර මුදල් පරිවර්තනයක් සිදු කිරීම සඳහා ඔබ විසින් එකඟතාවය සහ අනුමැතිය ලබා දේ. එම කාඩ්පත් නිකුත් කරන්නා සහ ජාලය සඳහා යෝග්‍ය වේ නම්, ඔබට ව්‍යවහාර මුදල් පරිවර්තනය ඔබගේ කාඩ්පත් නිකුත් කරන්නා ලවා ඉටු කරවා ගැනීමේ අයිතිය තිබිය හැකි ය. මෙම අභිරුචි ව්‍යහාර මුදල තෝරා ගැනීම ඔබ වෙත ආකාර කිහිපයකින් ඉදිරිපත් කළ හැකි අතර, ඔබේ කාඩ්පතේ ව්‍යවහාර මුදල් වර්ගය සැකසීම, ගනුදෙනුව සඳහා භාවිතා කෙරෙන මුදල් වර්ගය කුමක් ද, පරිවර්තනය සිදු කරනු ලබන්නේ PayPal විසින් ද නැතහොත් ඔබගේ කාඩ්පත් නිකුත් කරන්නා විසින් ද යන්න, හෝ ගනුදෙනුව සඳහා භාවිතා කෙරෙනුයේ කුමන පරිවර්ත්‍ය අනුපාතය ද යන්න තේරීම සහ තවත් කරුණු ඊට ඇතුලත් වේ. ඔබගේ කාඩ්පත් නිකුත් කරන්නා විසින් මුදල් පරිවර්තනය සිදු කරන්නේ නම්, ව්‍යවහාර මුදල් පරිවර්ත්‍ය අනුපාතය සහ ඔවුන් අය කළ හැකි ගාස්තුව තීරණය කරනු ලබන්නේ ඔබගේ කාඩ්පත් නිකුත් කරන්නා විසිනි.
ඔබ ගෙවීමේ ක්‍රමය ලෙස ඔබේ දැනට තිබෙන PayPal ගිණුමේ ශේෂය හෝ ඔබේ සම්බන්ධ කර ඇති බැංකු ගිණුම භාවිතා කිරීමේ දී PayPal විසින් සැමවිටම ගනුදෙනු සඳහා වන පරිවර්තනයන් සිදු කරනු ලබයි.
අපගේ පාරිභෝගික ගාස්තු සහ ව්‍යාපාරික ගාස්තු ඕනෑම අධිකරණ බල ප්‍රදේශයක් හෝ රාජ්‍ය ආයතනයක් විසින් තක්සේරු කළ හැකි, අගය එක් කළ, විකුණුම්, ඩිජිටල් සේවා, මුද්දර, මාරු කිරීමේ, හෝ රඳවා ගැනීමේ බදු ඇතුළුව නමුත් ඊට සිමා නොවී ඕනෑම ස්වභාවයක බදු, ගාස්තු හෝ සමාන තක්සේරු (සාමූහිකව, “බදු”) වලින් බැහැර කෙරේ.
ඔබ විසින් PayPal සේවා භාවිතයෙන් අපගේ අදාළ බැඳියාවන් ඉටු කිරීම සම්බන්ධයෙන් පැන නගින අපගේම බදු මුද් ගෙවීමට අප සෑම අයෙකුම වගකිව යුතු වේ.
ඔබ PayPal සේවාවක් සඳහා ගෙවන්නේ නම්, ඔබ විසින් PayPal වෙත ගෙවිය යුතු ඕනෑම මුදලක් මත නීත්‍යානුකූලව අදාළ වන ඕනෑම බදු මුදලක ප්‍රමාණය PayPal වෙත ගෙවීමට ඔබ එකඟ වේ.
ඔබ නීත්‍යානුකූලව එසේ කිරීම අවශ්‍ය වන්නේ නම් හැර, ඔබ විසින් PayPal වෙත ගෙවිය යුතු ප්‍රමාණයන් මත බදු කිසිවක් රඳවා නොගැනීමට ඔබ එකඟ වේ. ඔබ බදු කිසිවක් රඳවා ගන්නේ නම්, ඔබ විසින් PayPal වෙත ගෙවිය යුතු මුදල රඳවා ගන්නා ලද මුදලින් අඩු නොකළ යුතු වේ. බදු කිසිවක් රඳවා ගැනීමක් නොතිබුනේ නම්, PayPal හට ලැබෙන්නට තිබූ සම්පූර්ණ මුදල ලැබීමට සුදුසුකම ඇති බවට ඔබ එකඟ වේ. PayPal හි ඉල්ලීම අනුව, ඔබ විසින් අදාළ ආයතනවලට බදු ගෙවීම සනාථ කරන ඕනෑම ලිඛිත ලේඛනයක් කාලීන ආකාරයකින් PayPal වෙත ලබා දෙනු ඇත.
ඔබ සිදු කරන හෝ ඔබට ලැබෙන ගෙවීම්වලට කිනම් හෝ බද්දක් අදාළ වන්නේ නම්, ඒ කවර ඒවා දැයි යන්න නිර්ණය කර ගැනීම ඔබේ වගකීම වන අතර නිවැරදි බදු තක්සේරු කර, රැස් කර වාර්තා කර යෝග්‍ය අධිකාරිය වෙත ලබා දීම සපුරා ම ඔබගේ වගකීමකි. ඔබේ ගනුදෙනුවලට කිනම් හෝ බද්දක් අදාළ වන්නේ ද යන්න නිර්ණය කිරිමට හෝ කවර හෝ ගනුදෙනුවකින් පැන නඟින බදු ගණනය, රැස් කිරීම, වාර්තා කිරීම හෝ ගෙවීම සඳහා PayPal වග කියනු නොලබයි.
PayPal හට වාර්තා සෑදීමට නෛතික බැඳියාවක් තිබිය හැකි බව සහ අපි ඔබ වෙනුවෙන් සකසන ගනුදෙනු සම්බන්ධයෙන් බදු ආයතන වෙත එම වාර්තා ඉදිරිපත් කරනු ඇති බවටත් ඔබ පිළිගනී. අපගේ උපකාර මධ්‍යස්ථානයේ දී අමතර තොරතුරු සොයා ගත හැකිවනු ඇත.
ඔබ PayPal වෙත ඔබගේ බදු හැඳුනුම් අංකය සහ/හෝ වෙනත් බදු සම්බන්ධ ලේඛන හෝ තොරතුරු ලබා දෙන ලෙස අපි ඉල්ලීමට ඉඩ ඇත. ඔබ ඉල්ලුම් කළ තොරතුරු PayPal වෙත සපයන්නේ හෝ ඔබේ PayPal ගිණුමේ ලේඛන යාවත්කාලීනව තබාගන්නේ නැති නම්, ඔබ holds හෝ සීමා කිරීම්වලට සහ ලැබෙන දළ ගෙවීම් සඳහා අදාළ ගාස්තු අනුපාතවලට රඳවා ගැනීමේ බදුවලට යටත් වීමට ඉඩ ඇත. PayPal එම රඳවා ගැනීමේ බදු සුදුසු බදු අධිකාරි වෙත සම්ප්‍රේෂණය කරනු ඇති අතර, ඒවා සුදුසු බදු අධිකාරි වෙත යැවූ පසු PayPal විසින් ඔබ වෙත කිසිඳු මුදලක් ආපසු ගෙවීම තහනම් කිරීමට ඉඩ ඇති බව ඔබ පිළිගනී.
රඳවා ගැනීමේ බදු ගෙවීමක් සඳහා ව්‍යවහාර මුදල් පරිවර්තනයක් සිදු කිරීමට අවශ්‍ය නම්, අපි රඳවා ගැනීමේ බදු සකසන විට අදාළ බදු අධිකාරියට ගෙවිය යුතු මුදල PayPal විසින් අපගේ ව්‍යවහාර මුදල් පරිවර්තන නියමයන්ට අනුකූලව ගණනය කෙරෙනු ඇත. විනිමය අනුපාත උච්චාවචනයන්, ගිණුම් holds සහ සීමා කිරීම්, බදු රඳවා ගැනීම සහ අදාළ බදු අධිකාරිය වෙත ප්‍රේෂණය කිරීම සම්බන්ධ අවදානම් අවම කිරීමට, ඔබ ඔබේ බදු ගෙවන්නාගේ තොරතුරු PayPal වෙත එක් කිරීම හෝ තහවුරු කිරීම සිදු කළ යුතුය.
ඔබේ PayPal ගිණුමේ ක්‍රියාකාරීත්වය පෙන්වන ගිණුම් ප්රකාශනයක් ලබා ගැනීමට ඔබට අයිතිය තිබේ. ඔබේ PayPal ගිණුම වෙතට ලොගින් වී ඔබට ඔබගේ PayPal ගිණුම් ප්රකාශනය දැක ගත හැකිය.
සමහර රටවල්වල/කලාපවල, ඔබට ඔබේ PayPal ගිණුමේ ඇති ගෙවීම් යැවීම විශේෂාංගය භාවිතයෙන් ඔබේ PayPal ගිණුමෙන් මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට අරමුදල් යැවිය හැක.
ඔබට ඔබේ PayPal ගිණුමට ලොගින් වීම මගින් ඔබේ රට/කලාපය තුළ ලද හැකි සේවා මොනවාදැයි යන්න බැලිය හැකිය.
ඔබ ඔවුන්ට අරමුදල් යවන අවස්ථාවේ දී ඔවුන්ට යෝග්‍ය PayPal ගිණුමක් නොමැති වුවත් ඔබට ඔබේ මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට ඔවුන්ගේ ඊමේල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය භාවිතා කරමින් PayPal සහාය දක්වන කිසියම් මුදල් වර්ගයක් මගන් අරමුදල් යැවීමට හැකි අතර, ඔබ භාවිතා කිරීමට කැමති කුමන ගෙවීමේ ක්‍රමය දැයි ඔබට තෝරාගත හැකි ය. ඔබ අරමුදල් යවන පුද්ගලයාට PayPal ගිණුමක් නොමැති නම්, ඔවුනට PayPal ගිණුමක් විවෘත කර එම මුදලට හිමිකම් පෑ හැකි ය. ඔවුන් එම මුදල්වලට හිමිකම් නොපෑවහොත්, එම මුදල් ඔබ වෙත ආපසු ගෙවනු ලැබේ. මිතුරෙකුගෙන් හෝ පවුලේ සාමාජිකයෙකුගෙන් ගෙවීම් ලබා ගැනීම පිළිබඳව අරමුදල් ලබා ගැනීම යටතේ විස්තර කර තිබේ.
අප විසින්, අපගේ අභිමතය පරිදි, මිලට ගැනීම් සඳහා යවන අරමුදල්ද ඇතුළුව, ඔබට යැවිය හැකි අරමුදලේ ප්‍රමාණය සම්බන්ධයෙන් සීමා පැනවීමට අපට හැකි වේ. ඔබේ PayPal ගිණුම වෙතට ලොගින් වීමෙන් ඔබට ඕනෑම යැවීමේ සීමාවක් දැකගත හැකිය. ආපසු මුදල් ලබා ගැනීම සඳහා වන සීමාවන් ඉවත් කිරීම හා අදාළව අවශ්‍ය ඔබේ තොරතුරු තහවුරු කිරීමට සමාන පියවරවල්ම ඔබ සම්පූර්ණ කළහොත් අපට ඔබගේ මුදල් යැවීමේ සීමාවන් ඉහළ දැමීමට හැකි වනු ඇත.
ඔබ විසින් ඔබගේ මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට අරමුදල් යවන විට, මේ දේවල් තුනෙන් එකක් සිදු විය හැකිය: ඔවුන් විසින් අරමුදල් භාර ගැනීම, ප්‍රතික්ෂේප කිරීම හෝ හිමිකම්පෑමට නොහැකි වීම. ඔවුන් විසින් අරමුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහොත් හෝ මුදල් යැවූ දින සිට දින 30 ක් තුළ එම මුදල්වලට හිමිකම් නොපෑවහොත්, එම අරමුදල් (ඔබගේ අය කරන ලද ගාස්තුද ඇතුළුව) ඔබට ආපසු ගෙවනු ඇත:
මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු ඔබ වෙත අරමුදල් එවන්නේ නම්, එම අරමුදල් ඔබේ PayPal ගිණුම් ශේෂයේ දිස් වේ. අරමුදල් පිළි ගැනීම සඳහා ඔබේ ගිණුම දැනට වින්‍යාස කර නොමැති මුදල් වර්ගයකින් මුදල් ලබා ගැනීමට, එම මුදල් වර්ගයෙන් ශේෂයක් නිර්මාණය කිරීමට හෝ අරමුදල් වෙනත් මුදල් වර්ගයකට පරිවර්තනය කිරීමට අවශ්‍ය විය හැකි ය. සමහර මුදල් වර්ග ලබා ගත හැක්කේ, ශේෂය PayPal විසින් ඔබට තබා ගැනීමට ඉඩ දී ඇති මුදල් වර්ගයකට පරිවර්තනය කිරීමෙන් පමණි. ශේෂය පරිවර්තනය කරන්නේ නම්, ඒ සඳහා PayPal හි ගනුදෙනු විනිමය අනුපාතය (අපගේ ව්‍යවහාර මුදල් පරිවර්ත්‍ය ගාස්තුව ඇතුළුව) භාවිතා කරනු ලබයි.
පුද්ගලික ගනුදෙනු යැවීමට අදාළ ගාස්තු අපගේ අරමුදල් යැවීම පිළිබඳ වගුවෙහි සඳහන් වන අතර, ඔබ මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට ගෙවීම් යැවීම ආරම්භ කරන සෑම අවස්ථාවකම එම ගාස්තු කල්තියා ඔබ වෙත හෙලිදරව් කරනු ලැබේ. ඔබ ඔබේ PayPal ගිණුම් ශේෂය එක් මුදල් වර්ගයකින් වෙනත් මුදල් වර්ගයකට පරිවර්තනය කළහොත්, PayPal හි ගනුදෙනු විනිමය අනුපාතය (අපගේ ව්‍යවහාර මුදල් පරිවර්ත්‍ය ගාස්තුව ඇතුළුව) භාවිතා වේ.
ඔබ තෙවන පාර්ශ්වීය (PayPal නොවන) වෙබ් අඩවියක් හරහා හෝ තෙවන පාර්ශ්වීය නිෂ්පාදනයක් හෝ සේවාවක් හරහා ඔබේ මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට ගෙවීම් යවන්නේ නම්, අදාළ ගාස්තුව ගෙවනු ලබන්නේ යවන්නා විසින් ද ලබන්නා විසින් ද යන්න තීරණය කරනුයේ තෙවන පාර්ශ්වය විසිනි. ගෙවීම ආරම්භ කිරීමට පෙර තෙවන පාර්ශ්වය විසින් මෙම ගාස්තුව ඔබ වෙත හෙලිදරව් කරනු ලැබේ.
ඔබ භාණ්ඩ හෝ සේවා සඳහා ගෙවීම් කරන විට පුද්ගලික ගනුදෙනුවක් ලෙස ගෙවීම් යැවීම නොකළ යුතු ය (බොහෝ විට ඔබේ PayPal ගිණුමේ "මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට ගෙවීම් යැවීම" විශේෂාංගය භාවිතා කිරීම ලෙස හැඳින්වේ). ව්‍යාපාර ගිණුම් පුද්ගලික ගනුදෙනු ලැබීමට යෝග්‍යතාව නොලබන බැවින් එවැනි ගිණුමකට මුදල් යැවීමේ දී “මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට ගෙවීම් යැවීම” විශේෂාංගය ලද නොහැකි වීමට ඉඩ ඇති බව සලකන්න.
ඔබට ඔබේ PayPal ගිණුමේ ඇති ශේෂය භාවිතයෙන් හෝ ඔබේ PayPal ගිණුමට සම්බන්ධ කර ඇති ඕනෑම ගෙවීම් ක්‍රමයක් භාවිතයෙන් PayPal පිළිගන්නා විකුණුම්කරුවකු වෙතින් යමක් මිලදී ගැනීමට හෝ ලබන්නා විසින් පිළිගන්නා සහ PayPal සහාය දක්වන ඕනෑම මුදල් වර්ගයකින් පරිත්‍යාගයක් කිරීමට පුළුවන. නිදසුනක් ලෙස, මීට අයත් වන්නේ:
ඔබ මිලදී ගන්නා අලෙවිකරු භාණ්ඩ හෝ සේවා අලෙවි කරන්නේ නම් සහ එම අලෙවිකරුට දැනට PayPal ගිණුමක් නොමැති නම්, ඔවුන්ට PayPal ගිණුමක් විවෘත කිරීමෙන් ඔබේ ගෙවීමට හිමිකම් පෑමට හැකිය. ඔවුන් දින 30ක් ඇතුළත PayPal ගිණුමක් විවෘත නොකළහොත් ඔබේ මිලට ගැනීම සඳහා ආපසු මුදල් ගෙවනු ඇත.
අවදානම කළමනාකරණය කිරීමට, ඔබ යමක් මිලට ගන්නා විට හෝ පරිත්‍යාගයක් කරන විට PayPal විසින් ගනුදෙනුවක් සඳහා ඇති ගෙවීම් ක්‍රම සීමා කළ හැකිය. ඊට අමතරව, ඇතැම් තෙවැනි පාර්ශ්වීය වෙබ් අඩවි හෝ යෙදුම් භාවිතයෙන් කරන ලද PayPal ගෙවීම් ඇතුළුව යම් යම් විකුණුම්කරුවන් හා ලබන්නන් සඳහා ගෙවීම් ක්‍රම සීමා විය හැකිය, නිදසුන් වන්නේ:
PayPal පිළිගන්නා අලෙවිකරුවකුට ඔබ ගෙවීමඛට අවසර දෙන විට ගනුදෙනුව සම්පූර්ණ කිරීමට සමහර අලෙවිකරුවන් දින 30 ක් දක්වා කල් ගත හැක. මෙවැනි අවස්ථාවලදී, ඔබේ ගෙවීම ඔබේ PayPal ගිණුමේ අවසන් නොවූ ඇනවුමක් ලෙස පෙන්වනු ඇත. එවැනි අවස්ථාවක, ඔබ විසින් ගෙවීමට බලය ලබාදීම අලෙවිකරු විසින් ගනුදෙනුව සම්පූර්ණ කරන තෙක් වලංගුව පවතිනු ඇත (එහෙත් දින 30 ට වැඩි කාලයක් ගත නොහැක). ඔබ ගෙවීමේ ක්‍රමය ලෙස හරපතක් හෝ ණය පතක් භාවිතා කළා නම් ඔබගේ ණයපත නිකුත් කරන්නා රදවා තබා ගැනීම ඉවත් කරන තෙක් හෝ ගනුදෙනුව සම්පූර්ණ කරන තෙක් බලාත්මක කිරීම තවමත් අවසන් කර නැති බවට පණිවුඩයක් පෙන්වනු ඇත.
ඔබේ ගෙවීමට අප විසින් ව්‍යවහාර මුදල් පරිවර්තනය කිරීමක් කළ යුතු නම් මුදල් පරිවර්තනය කරන ආකාරය කොටසේ විස්තර කර ඇති පරිදි විනිමය අනුපාතය තීරණය කර යොදාගනු ඇති අතර ගෙවීම සිදුවන අවස්ථාවේදී එය තීරණය කරනු ඇත.
ඔබ PayPal පිළිගන්නා අලෙවිකරුවකුගෙන් යමක් මිලට ගන්නා විට හෝ පරිත්‍යාගයක් කරන විට ඔබ PayPal වෙත ගාස්තුවක් ගෙවන්නේ නැත. PayPal විසින් ඔබේ මිල දී ගැනිම හෝ පරිත්‍යාගය සඳහා ව්‍යවහාර මුදල් පරිවර්තනයක් කළහොත් PayPal හි ගනුදෙනු විනිමය අනුපාතිකය (අපේ ව්‍යවහාර මුදල් පරිවර්තන අනුපාතයද ඇතුළුව) භාවිත කෙරෙනු ඇත.
ඔබේ හර පත හෝ ණයපත නිකුත් කරන්නාද ගනුදෙනු සඳහා ඔබගෙන් වෙනම ගාස්තුවක් අය කළ හැක.
PayPal විසින් කිසියම් අවදානමක් ඇති ගනුදෙනුවක් හඳුනා ගැනීමේදී, එයට ඉදිරියට යාමට ඉඩදීමට පෙර අපි ගනුදෙනුව වඩා සමීපව නිරීක්ෂණය කරමු. මෙය සිදු කරන විට, PayPal විසින් ගනුදෙනුව අත්හිටුවන අතර අයිතමය නැව්ගත කිරීම ප්‍රමාද කරන ලෙස අලෙවිකරුහට දැනුම් දෙනු ඇත. ගැනුම්කරුවෙකු ලෙස, ඔබ විසින් මිලට ගත් අයිතමය ලැබීම මෙයින් ප්‍රමාද කෙරෙනු ඇත. අප විසින් ගනුදෙනුව නිම කළහොත්, අපි ඒ බව අලෙවිකරු වෙත දැනුම් දෙනු ඇති අතර, අයිතමය නැව්ගත කරන ලෙස පවසමු. අප විසින් ගනුදෙනුව නිම නොකළහොත්, අප විසින් වෙනත් නෛතිකව ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නම් හැර, අපි එය අවලංගු කර අරමුදල් ආපසු ඔබ වෙත එවමු.
එම අලෙවිකරුගෙන් අනාගත මිලදී ගැනීම් සඳහා ගෙවීම් ක්‍රමය ලෙස PayPal භාවිතා කිරීමට PayPal භාර ගනු ලබන අලෙවිකරුවෙකු සමඟ එකඟ වීමට ඔබට හැකි වේ. මෙම ගිවිසුම ඔබ සහ අලෙවිකරු අතර ඇතිවන අතර ඔබේ අවසරය ඇතිව ඔබේ PayPal ගිණුමෙන් එකවරක්, නිතිපතා හෝ වරින් වර අරමුදල් ලබා ගැනීමට අලෙවිකරුට ඉඩ දෙයි. අලෙවිකරුවෙකු හෝ PayPal සමඟ ඔබ විසින් සූදානම් කර ගෙන ඇති ස්වංක්‍රීය ගෙවීම් සඳහා නිදසුන්වලට PayPal විසින් "බිල්පත්කරණ ගිවිසුම," "දායකත්වය," "නැවත සිදු කෙරෙන ගෙවීම," "සඳැහුම් ගනුදෙනුව," "පූර්ව බලය ලබාදුන් හර හෝ PAD," "පූර්ව බලය ලබා දුන් සංක්‍රමනය," හෝ "පූර්ව අනුමැතිය සහිත ගෙවීම," ලෙස හඳුන්වන ගෙවීම් ක්‍රම ඇතුළත් වේ.
ඔබට ඔබගේ ගිණුම් සැකසුම්වලින් හෝ PayPal උපකාර මධ්‍යස්ථානය ඔස්සේ අප අමතා ඊළඟ ගෙවීම සිදු කිරීමට නියමිත දිනට වැඩ කරන දින 3 ක්ද ක්වා කාලයක් තුළදී ඔබට ස්වයංක්‍රීය ගෙවීමක් අවලංගු කිරීමට හැකි වේ. ස්වයංක්‍රීය ගෙවීමක් අවලංගු කළ පසුව, එම අලෙවිකරු සමඟ ඔබේ ගිවිසුම යටතේ ඇති සියලු අනාගත ස්වයංක්‍රීය ගෙවීම් නතර කෙරෙනු ඇත. ඔබ විසින් ස්වයංක්‍රීය ගෙවීමක් අවලංගු කළහොත්, මිලට ගැනීම සඳහා අලෙවිකරුට ඔබට තවමත් ගෙවීම් සිදු කිරීමට බැඳීමක් හෝ ඔබට ලැබෙන නමුත් තවමත් ගෙවීම් සිදු කර නොමැති භාණ්ඩ සහ සේවා කිසිවක් සඳහා වන වෙනත් අමතර බැඳීමක් ඔබට තිබිය හැකි අතර ඒවා සඳහා විකල්ප ආකාරයකින් ඔබ විසින් අලෙවිකරුට ගෙවීම් සිදු කළ යුතුය.
ඔබ විසින්, අලෙවිකරුවෙකුට හෝ PayPal වෙත පූර්ව බලය දීමක් සිදු කර ඇත්නම්, එමගින් අලෙවිකරුට ඔබේ PayPal ගිණුමෙන් නිත්‍ය පදනමකින් නිතර සිදු කෙරෙන මුදල් ලබා ගැනීමට අවසර (නිදසුනක් ලෙස, සෑම මාසයකදීම හෝ එසේ නැතහොත් නිත්‍ය බිල්කිරීම් චක්‍රයකදී) ලැබෙන අතර, එම ගෙවීම්වල ප්‍රමාණය එකිනෙකට වෙනස්වන්නේ නම්, සම්ප්‍රේෂණයේ මුදල සහ දිනය සම්ප්‍රේෂණය සිදු කෙරෙන දිනට අඩු වශයෙන් දින 10 කට පෙර අලෙවිකරු වෙතින් පූර්ව නිවේදනයක් ලබා ගැනීමේ අයිතිය ඔබට ලැබේ. අලෙවිකරු විසින් මෙම විකල්පය ඔබ වෙත ලබාදෙන්නේ නම්, ඔබ සහ අලෙවිකරු අතර ස්ථාපිත කර ඇති පරාසයෙන් පිටතට වැටෙන ඔබගේ ස්වයංක්‍රීය ගෙවීම සඳහා පමණක් මෙම පූර්ව නිවේදනය ලබා ගැනීම තෝරා ගැනීමට ඔබට පුළුවන.
ඔබ විසින් ස්වයංක්‍රීය ගෙවීමකට අවසරය දී ඇත්නම් සහ PayPal විසින් ස්වයංක්‍රීය ගෙවීම් ගනුදෙනුවක් සඳහා ව්‍යවහාර මුදල් පරිවර්තනයක් සිදු කරන්නේ නම්, ස්වයංක්‍රීය ගෙවීම් ගනුදෙනුව සිදු කෙරෙන අවස්ථාවේ බලාත්මකව පැවති ගනුදෙනු විනිමය අනුපාතය (PayPalහි ව්‍යවහාර මුදල් පරිවර්ත්‍ය අනුපාතය ඇතුළුව) PayPal විසින් භාවිතා කරනු ඇත.
PayPal භාවිතා කරමින් ඔබ විකුණුම්කරුවකු වෙතින් කිසියම් දෙයක් මාර්ගගතව මිලට ගෙන අවසානයේ දී ගනුදෙනු මුදල ආපසු ගෙවීම සිදු කර ඇත්නම්, ඔබ ණයපතක්, හර පතක් හෝ PayPal ගිණුම් ශේෂය භාවිතා කලේ නම්, සාමාන්‍යයෙන් ආපසු ගෙවීම සිදු කරනු ලබන්නේ ඔබ ගනුදෙනුව සිදු කිරීම සඳහා භාවිතා කළ මුල් ගෙවීම් ක්‍රමය වෙත යි. ගනුදෙනුව සඳහා වන ගෙවීමේ ක්‍රමය ලෙස ඔබ භාවිතා කළේ බැංකු ගිණුමක් නම්, අපි එම මුදල ඔබේ බැංකු ගිණුමට ආපසු ගෙවන අතර, එය බැංකු ගිණුමට ආපසු ගෙවිය නොහැකි වුවහොත් ඔබේ PayPal ගිණුමට ආපසු ගෙවනු ලැබේ. විකුණුම්කරුවෙකුගේ අලෙවිසැලකින් කරනු ලැබූ මිලදී ගැනීම් සඳහා ඔබේ PayPal ගිණුම භාවිතා කරමින් ගෙවීම් සිදු කර, ගනුදෙනු මුදල ආපසු ගෙවනු ලැබුවේ නම්, ගෙවීම ඔබේ PayPal ගිණුමේ ශේෂය වෙත ආපසු ගෙවනු ලැබේ.
ඔබේ ගනුදෙනුව සඳහා PayPal විසින් ව්‍යවහාර මුදල් පරිවර්තනයක් සිදු කර ඇත්නම් සහ නැවත මුදල් ලබා දීමක් නිකුත් කර ඇත්නම්:
ආපසු ගෙවීම සිදු කරනුයේ ඔබ විසින් ගෙවනු ලැබූ මුදල් වර්ගයෙන් වේ, එසේ නැතහොත් ඔබ විසින් ගෙවනු ලැබූ මුදල්වලින් ආපසු ගෙවීමට අපට නොහැකි නම්, ඔබේ මූලික රඳවා ගැනීමේ මුදල් වර්ගයෙනි.
සමහර රටවල, ඔබේ PayPal ගිණුමේ ඇති ගෙවීම් ක්‍රමවලින් ඕනෑම ක්‍රමයක් ඔබ වඩාත් කැමති ගෙවීම් ක්‍රමය ලෙස ඔබට තෝරාගත හැකිය. ඔබේ ගිණුම් වරණයන් අතුරින් වඩාත් කැමති ගෙවීම් ක්‍රමයක් ඔබට තෝරා ගැනීමට පුළුවන. ඔබගේ කැමති ගෙවීමේ ක්‍රමය භාවිතා කළ නොහැකි අවස්ථා තිබිය හැකිය, උදාහරණයක් ලෙස, ඔබ කල් ඉකුත් වූ ණයපතක් තෝරා ගන්නේ නම්.
ඔන්ලයින් ගනුදෙනු, සාප්පු තුළ ගනුදෙනු සහ අලෙවිකරුවකු සමග ස්වයංක්‍රීය ගෙවීම් සඳහා වඩාත් කැමති ගෙවීම් ක්‍රම ඔබට වෙන වෙනම සැකසිය හැකිය.
ඔබ විසින් වඩා කැමති ගෙවීම් ක්‍රමයක් තෝරා ඇත්නම්, එය මූලික ගෙවීම් ක්‍රමය ලෙස පෙන්වනු ඇත.
නිශ්චිත අලෙවිකරුවකු හෝ ඔබ ගනුදෙනුව සම්පූර්ණ කිරීමට භාවිතා කරන තෙවන පාර්ශ්ව වෙබ් අඩවි අනුව සමහර ගෙවීම් ක්‍රමවල ලද හැකියාව සීමා විය හැකිය.
ඔබ විසින් වඩා කැමති ගෙවීම් ක්‍රමයක් තෝරා නැත්නම්, හෝ ඔබගේ වඩාත් කැමති ගෙවීම් ක්‍රමය නොමැති නම්, ඔබ විසින් නිතරම භාවිතා කළ හෝ මෑතකදී භාවිතා කර ඇති ගෙවීම් ක්‍රමය ඇතුළුව, තිබෙන ගෙවීම් ක්‍රම, ගනුදෙනුව සිදු කෙරෙන අවස්ථාවේදී, අපි ඔබට පෙන්වමු. ඔබට තිබෙන සියලු ගෙවීම් ක්‍රම බැලීමට, හෝ අලුත් එකක් එකතු කිරීමට, සහ ගනුදෙනුව අතරතුර ගෙවීම් ක්‍රමයක් තේරීමට, ඔබට "කළමනාකරණය කරන්න" සබැඳිය ක්ලික් කිරීමට ද පුළුවන.
ඔබ විසින් තෝරන ලද ගෙවීම් ක්‍රමය හෝ වඩා කැමති ගෙවීම් ක්‍රමය නොමැති නම්, සමහර එකවර සිදු කරන ඔන්ලයින් ගෙවීම් සඳහා උපස්ථ ගෙවීම් ක්‍රමයක් භාවිතා කිරීමට අවශ්‍ය විය හැකිය. එවැනි අවස්ථාවලදී, ඔබ ගනුදෙනුව සම්පූර්ණ කිරීමට පෙර, ඔබට ඔබේ ගනුදෙනු සමාලෝචන පිටුවේ, උපස්ථ ගෙවීම් ක්‍රමය පෙන්වනු ඇත. මෙය අදාළ වනුයේ එක් වර සිදු කරන, ඔන්ලයින් ගනුදෙනු සඳහා පමණක් වන අතර ස්වයංක්‍රීය ගෙවීම් සඳහා නොවන බව සිහි තබා ගන්න. උපස්ථ ගෙවීමේ ක්රමයක්ද අවශ්‍ය ගනුදෙනුවක් සඳහා ව්‍යවහාර මුදල් පරිවර්තනයක් අවශ්‍ය බවට PayPal තීරණය කළහොත්, ඔබේ උපස්ථ ගෙවීමේ ක්‍රමය සම්බන්ධයෙන් වන ව්‍යවහාර මුදල් පරිවර්තනය සිදු කරන්නේ PayPal ද කාඩ්පත් නිකුත් කරන්නාද යන්න ඔබට වෙන වෙනම තේරීමට නොහැකි වනු ඇත.
ඔබේ PayPal ගිණුමේ ශේෂය (ඇත්නම්) හෝ ඔබේ බැංකු ගිණුම භාවිතා කරමින් ඔබ මිතුරන් සහ පවුලේ අය වෙත පුද්ගලික ගනුදෙනු සිදු කරන විට, අප විසින් සියලු ගාස්තු අතහැර දමනු ලබන හෙයින් ඔබට ඔබේ මාර්ගගත මිලදී ගැනීම් සඳහා කැමති ගෙවීම් ක්‍රමයක් සකසා තිබුණ ද පළමුව අපි සැමවිටම මෙම ගෙවීම් විකල්ප ඔබට පෙන්වන්නෙමු. ගෙවීම් යැවීම පිටුවේ ඇති "වෙනස් කරන්න" සබැඳිය ක්ලික් කර ඔබට සැමවිටම ඔබේ PayPal ගිණුමේ ඇති ඕනෑම ගෙවීම් ක්‍රමයක් තේරීමේ හැකියාව ඇති බව මතක තබා ගන්න. ඔබ ගාස්තුවක් සහිත ගෙවීම් ක්‍රමයක් තෝරාගතහොත්, ඔබ ගෙවීම යැවීමට පෙර අපි සැමවිටම ඔබට එම ගාස්තුව පෙන්වන්නෙමු.
සිය වෙබ් අඩවිය හරහා කිසියම් මිලට ගැනීමක් කරන විට සමහර අලෙවිකරුවන් ගෙවීම සඳහා වන ක්‍රමය ලෙස PayPal ගබඩා කිරීමට ඉඩ ලබාදෙන අතර එවිට ඔබට වඩා වේගයෙන් ගෙවිය හැකිය. බොහෝ විට, ඔබ මිලදී ගැනීමක් සිදු කරන සෑම අවස්ථාවකම අපට ඔබගේ PayPal ගිණුමෙන් ගාස්තු අය කර ගැනීමට ඔවුනට අලෙවිකරු විසින් ඉල්ලා සිටින පරිදි අලෙවිකරු සමඟ වන ගිවිසුමක් ඇති වීම සඳහා හේතු වේ.
ගිවිසුම ඇති කර ගන්නා අවස්ථාවේදී හෝ ඔබේ ගිණුම් සැකසුම්හිදී කිසියම් විශේෂිත අලෙවිකරුවෙකු සමඟ අනාගත මිලට ගැනීම් සඳහා ගෙවීම් ක්‍රමයක් තෝරා ගැනීමට ඔබට හැකිය. නිදසුනක් ලෙස, ඔබට ඔබේ මාසික චිත්‍රපටි දායකත්ව සේවාවට මාසික ගාස්තුව සඳහා ණයපතින් ගාස්තු අය කර ගැනීමට උපදෙස් දීමට පුළුවන.
ඔබ විසින් තෝරන ලද ගෙවීමේ ක්‍රමය (උදා. ණයපත කල් ඉකුත්ව ඇත්නම්) නොමැති නම්, අලෙවිකරුවකු සමඟ වන නිශ්චිත ගිවිසුමක් මඟින් ගෙවීම් ක්‍රමයක් තීරණය කිරීමේ හැකියාව ලබා නොදේ නම්, එසේ නැතහොත් අලෙවිකරුවකු සමඟ අනාගත ගනුදෙනු සඳහා ගෙවීම් ක්‍රමයක් නියම කර නොමැති නම්, යොදා ගනු ලැබෙන ගෙවීම් ක්‍රමය පහත අනුපිළිවෙලට සිදු කෙරෙනු ඇත: 1. ශේෂය; 2. බැංකු ගිණුම (ක්ෂණික සම්ප්‍රේෂණය); 3. PayPal සහ-සන්නාම හ රපත; 4. PayPal සහ-සන්නාම ණයපත; 5. හර පත; 6. ණයපත; සහ 7. ඉ-චෙක්පත.
ඔබගේ ගිණුම් සැකසුම්හිදී ඔබට ඕනෑම ගිවිසුමක් අවලංගු කිරීමට ඔබට පුළුවන.
ඔබ ගෙවීමේ ක්‍රමයක් ලෙස ඔබගේ බැංකු ගිණුම භාවිතා කළ විට, ඔබ ඔබගේ බැංකු ගිණුමෙන් ග්රාහකයා වෙත සම්ප්‍රේෂණයක් සිදු කිරීමට PayPal හට ඉඩ ලබා දේ. මෙම ගනුදෙනු සඳහා, ඔබ විසින් නියම කරනු ලබන මුදලක් ඔබේ බැංකු ගිණුමෙන් PayPal විසින් විද්‍යුත් ආකාරයට සම්ප්‍රේෂණය කරනු ඇත. කවර හෝ හේතුවක් නිසා මුල් මුදල් මාරු කිරීම ඔබේ බැංකුව මගින් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් නැවතත් මෙම මාරු කිරීම සිදු කිරීමට උත්සාහ කිරීමට ඔබ PayPal වෙත බලය පවරයි.
ඉ-චෙක්පත යනු ඔබ ඔබේ බැංකු ගිණුම ඔබේ ගෙවීමේ ක්‍රමය ලෙස භාවිතා කරන ගෙවීමේ ක්‍රමයක් වන අතර බැංකුව මගින් ගනුදෙනුව සකස් කරන තුරු ලබන්නාට ගෙවීම නොලැබේ. මෙම ක්‍රියාවලිය සඳහා සාමාන්‍යයෙන් වැඩ කරන දින 3-5 දක්වා කාලයක් ගත වන නමුත්, ගෙවීම එවන්නේ ඔබේ රට/කලාපයෙන් පිටත ඇති බැංකු ගිණුමක් වෙතින් නම් මේ සඳහා ගත වන කාලය මීට වඩා වැඩි වනු ඇත.
ඔබේ කැමති ගෙවීම් ක්‍රමය වන්නේ ඉ-චෙක්පත නම්, ඔබේ PayPal ගිණුමෙහි ශේෂයක් තිබෙන විට වුව ද, ඔබේ PayPal ගෙවීමට මුදල් එක් කිරීම සඳහා එම ක්‍රමය භාවිතා වේ.
PayPal පිළිගන්නා විකුණුම්කරුවකු වෙතින් ඔබ යමක් මිල දී ගන්නා විට, ඔබ PayPal ගැනුම්කරු ආරක්ෂාව වැඩසටහන යටතේ මුදල් ආපසු ගෙවීමකට සුදුසුකම් ලැබිය හැක. අදාළ වන විට, PayPal ගැනුම්කරු ආරක්ෂාව වැඩසටහන යටතේ ඔබට අයිතමයේ සම්පූර්ණ ගැනුම් මිල සහ ඔබ ප්‍රවාහනගත කිරීමේ පිරිවැය ගෙවා ඇත්නම් ඔබ ගෙවන ලද මුල් ප්‍රවාහනගත කිරීම් පිරිවැය ප්‍රතිපූරණය කර ගැනීමට අවස්ථාව හිමි වේ. PayPal සිය පූර්ණ අභිමතිය යටතේ ඔබේ හිමිකම් පෑම PayPal ගැණුම්කරු ආරක්ෂාව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කරයි. PayPalහි මුල් තීරණය අවසානාත්මක ලෙස සැලකෙන නමුත්, මුල් තීරණය ගන්නා අවස්ථාවේ ලද නොහැකි වූ නව හෝ වැදගත් තොරතුරු ඔබ සතුව තිබේ නම් හෝ තීරණය ගැනීමේ ක්‍රියාවලිය තුළ වරදක් තිබූ බවට ඔබ විශ්වාස කරන්නේ නම් ඔබට එම තීරණය පිළිබඳ අභියාචනයක් PayPal සමග ගොනු කළ හැකිය.
සම්පූර්ණ වැඩසටහන් නියම සහ කොන්දේසි PayPal ගැනුම්කරුගේ ආරක්ෂාව වැඩසටහන් පිටුවේ දක්වා ඇති අතර මෙම පරිශීලක ගිවිසුමේ කොටසක් වේ.
ගෙවීම් ලබා ගැනීමට ඇති හැකියාව රට/කලාපය අනුව වෙනස් වේ. ඔබගේ PayPal ගිණුමට ලොගින් වීමෙන් ඔබට ගෙවීම් ලබා ගැනීමේ හැකියාව ඇත්දැයි යන්න ඔබට තීරණය කළ හැකිය.
ඔබ භාණ්ඩ හා සේවා විකිණීමට හෝ පරිත්‍යාග පිළිගැනීමට ඔබේ PayPal ගිණුම භාවිත කරන්නේ නම් ඔබ විසින් කළ යුතු දෑ:
PayPal ගිණුමක් රහිත ගෙවන්නෙකුට ඔබේ PayPal ගිණුම වෙත ගෙවීමක් එවීම සඳහා හැකියාව ලබා දීම අදහස් කරගත් කිනම් හෝ ක්රියාකාරීත්වයක් ඔබේ මාර්ගගත ගෙවීම/වේදිකාව වෙත ඒකාබද්ධ කිරීම මගින්, PayPal විසින් PayPal Braintree වෙබ් අඩවියෙහි ඇති ඕනෑම පිටුවක් මත (සංවර්ධකයන් සඳහා වන ඕනෑම පිටුවක් සහ අපගේ නෛතික ගිවිසුම් පිටුව ද ඇතුළත්ව) හෝ මාර්ගගත මණ්ඩපය මත ඔබට ලබා දෙන එකී ක්රියාකාරීත්වයේ සියලු ම වැඩිදුර භාවිත නියමයන්ට ඔබ එකඟ වෙයි. එබඳු වැඩිදුර නියමවලට PayPal විකල්ප ගෙවීම් ක්‍රම නියම ඇතුළත් වේ.
PayPal ගෙවීමේ ක්‍රමයක් ලෙස පිළිගැනීම සඳහා ඔබ විසින් අධිභාරයක් හෝ වෙනත් කිසිඳු ගාස්තුවක් අය නොකරන බවට ඔබ එකඟ වෙයි. හසුරුවීමේ ගාස්තුව අධිභාරයක් ලෙස ක්‍රියාත්මක වන නොවන තාක් හා ඔබ විසින් PayPal නොවන ගනුදෙනු සඳහා අය කරන හසුරුවීමේ ගාස්තුවට වඩා එය ඉහළ නොවන තාක් ඔබට භාණ්ඩ හෝ සේවා විකිණීම සම්බන්ධව හසුරවීමේ ගාස්තුවක් අය කළ හැකිය.
ඔබේ වෙබ් අඩවි හෝ ජංගම යෙදුම් ඇතුළුව PayPal හි සන්නම්ගත සේවා ඒකාබද්ධ කරන ඕනෑම තැනක ඔබ විසින් ඔබේ අලෙවි ස්ථානයේ පිරිනමන කිනම් හෝ ගෙවීම් ක්‍රමයකට යටත් පිරිසෙයින් සමාන ලෙස PayPal ගෙවීම් ක්‍රමය හෝ සලකුණු සැලකිය යුතුය. මීට යටත් පිරිසෙයින් සමාන හෝ වඩා හොඳ: ලාංඡන ස්ථානගත කිරීම, ඕනෑම අලෙවි ස්ථානයක ලැබෙන ස්ථානය, ගෙවීම් ප්‍රවාහය, නියම, කොන්දේසි, සීමා හා ගාස්තුවලට අදාලව සැලකීම සම්බන්ධයෙන් ඔබගේ අලෙවි ස්ථානයේ ඇති වෙනත් සලකුණු හෝ ගෙවීම් ක්‍රමවලට සාපේක්ෂව ඇතුළත් වේ. තව ද, ඔබ විසින් PayPalහි කිනම් හෝ සේවා හෝ සලකුණු ඉදිරිපත් කිරීම මගින් කිනම් හෝ ගෙවීමේ ක්‍රමයක් හෝ සලකුණක් ඉදිරියට ගෙන ඒමෙන් (හෝ ගෙවීමේ අත්දැකීමේ කලින් අවස්ථාවක දී) වැළකිය යුතුය.
අපගේ පාරිභෝගිකයන්ට නියෝජිතත්වය සැපයීමේ දී හෝ මහජන සන්නිවේදනවල දී, ඔබ විසින් කවර හෝ PayPal සේවාවක් ගෙවීමේ ක්‍රමයක් ලෙස වැරදි ලෙස විශේෂණය කිරීමෙන් හෝ කිනම් හෝ PayPal සේවාවකට වඩා වෙනත් ගෙවීමේ ක්‍රමයක් වෙත අභිමතයක් ප්රදර්ශිතයක් කිරීමෙන් වැළකිය යුතුය. අපගේ සියලු අලෙවි ස්ථාන ඇතුළත, ඔබගේ පාරිභෝගිකයින් PayPal භාවිතා කිරීමෙන් වැළැක්වීමට හෝ තහනම් කිරීමට උත්සාහ කිරිමෙන් හෝ පාරිභෝගිකයකු විකල්ප ගෙවීමේ ක්‍රමයක් භාවිතා කිරීමට දිරිගැන්වීමෙන් වැළකිය යුතු ය. ඔබ ඔබේ පාරිභෝගිකයින්ට PayPal සමග ඔබට ගෙවිමට හැකියාව ලබා දෙන්නේ නම්, ඔබ පිළිගන්නා ගෙවීම් ක්‍රම සංදර්ශනය හෝ ප්‍රදර්ශනය කරන ඕනෑම අවස්ථාවක (කිනම් හෝ අලෙවි ස්ථානයක් ඇතුළත හෝ ඔබේ අලෙවිකරණ ද්‍රව්‍ය, ප්‍රචාරණය හා වෙනත් පාරිභෝගික සන්නිවේදන තුළ) ඔබ විසින් PayPal සේවා යටත් පිරිසෙයින් ප්රමුඛ ලෙස දැක්වීමට ද, යටත් පිරිසෙයින් ඔබ විසින් අනෙකුත් සියලු ගෙවීම් ක්‍රමවලට කරන ආකාරයේ සාධනීය ක්‍රමවේදයකින් කිරීමට ද ඔබ එකඟ වෙයි.
ඔබ විසින් නීතියෙන් අවශ්‍ය කරන කල්හි ආපසු ගෙවීම් හා ආපසු යැවීමේ ප්‍රතිපත්තියක් මෙන්ම රහස්‍යතා ප්‍රතිපත්තියක් ද පළ කළ යුතුය.
PayPal මගින් යම් යම් අධික අවදානම් විය හැකි ගනුදෙනු සමාලෝචනය කරනු ලබයි. PayPal විසින් ස්වකිය පූර්ණ අභිමතය යටතේ, යම් ගනුදෙනුවක් අධික අවදානම් ලෙස තීරණය කරන්නේ නම්, අපි ගෙවීම රඳවා තබා අයිතමය ප්‍රවාහනගත කිරීම ප්‍රමාද කිරීම සඳහා ඔබට නිවේදනයක් නිකුත් කරන්නෙමු. PayPal විසින් සමාලෝචනයක් සිදු කර ගෙවීම සම්පූර්ණ කිරීම හෝ අවලංගු කිරීම සිදු කරනු ඇත. ගෙවීම සම්පූර්ණ කරනු ලැබුවහොත්, PayPal විසින් අයිතමය ප්‍රවාහනගත කරන ලෙස ඔබට දැනුම් දෙනු ඇත. එසේ නොවුණහොත්, නෛතික වශයෙන් වෙනත් පියවරක් ගැනීමට අපට සිදු වන්නේ නම් විනා, PayPal විසින් ගෙවීම අවලංගු කර ගැනුම්කරුවා වෙත අරමුදල් ආපසු ලබා දෙනු ලැබේ. මෙම ගෙවීම් සමාලෝචනය සම්පූර්ණ කරන සියලු ගෙවීම් PayPal විකුණුම්කරුවන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් PayPal විකුණුම්කරුවන් ආරක්ෂා කිරීමේ ආවරණය ලැබීමට යෝග්‍ය වේ. අපි ඔබට ඊමේල් හා/හෝ ඔබේ PayPal ගිණුම ඔස්සේ දැනුම් දෙන්නෙමු.
ඔබ ඔබේ භෞතික අලෙවිසැල තුළ PayPal ගෙවීම් පිළිගන්නේ නම්, ඔබ විසින් ගනුදෙනුව සිදු වීමට පෙර පාරිභෝගිකයාට ගනුදෙනුවේ සම්පූර්ණ මුදල දැන්විය යුතුයි. ඔබ විසින් ඔබේ පාරිභෝගිකයාගේ ගිණුමෙන් අය කර ගත යුත්තේ ඔවුන් විසින් අවසර ලබා දී ඇති ගනුදෙනු සඳහා පමණයි. පාරිභෝගිකයා භෞතික කුවිතාන්සියක් ඉල්ලුම් කරන්නේ නම්, ඔබ විසින් එය සැපයිය යුතුයි. ඔබ විසින් සිදු කරන ඕනෑම ගනුදෙනුවකට මිල දී ගන්නා භාණ්ඩ හා සේවාවන්ගේ නිවැරදි හා සත්‍ය විස්තරයක් තිබිය යුතු බවට ඔබ එකඟ වෙයි.
ඔබ වෙළෙඳපොළක හෝ PayPal පිරිනමන තෙවැනි පාර්ශ්වීය යෙදුමක් ඔස්සේ අලෙවිකරුවෙක් වන්නේ නම්, ඔබ එම සංසදය ඔස්සේ සිදු කරන විකුණුම් සඳහා වෙළෙඳපොළට හෝ තෙවැනි පාර්ශ්වීය ගැනුම්කරු ආරක්ෂා කිරීමේ වැඩසටහනට අදාළ වන කිනම් හෝ රීතියකට අනුකූලතාව දැක්විය යුතුය. එවැනි කිනම් හෝ ආරක්ෂණයන් මගින් ඔබ විසින් යම් යම් පියවර ගැනීමට නියම කළ හැකි අතර හිමිකම් පෑම් පිළිබඳ කටයුතු කරන ආකාරයට බලපෑම් කරනු ඇත.
විකිණුම්කරුවකු ලෙසින් ඔබ වෙතින් යමක් මිල දී ගැනීම සඳහා ගැනුම්කරුවකු විසින් ඔවුන්ගේ ගිණුම භාවිතයෙන් ගෙවීම් ක්‍රමය ලෙස ණයපත හෝ හර පත භාවිතා කරන ඕනෑම අවස්ථාවක, ගැනුම්කරු ඔබේ වෙළෙඳසැල තුළ සිටිය දී කරන ගනුදෙනුවක දී වුව, ගනුදෙනුව "කාඩ්පත රහිත ගනුදෙනුවක්" ලෙස සකස් කරනු ලැබෙනු ඇත.
විකිණුම්කරුවකු ලෙස, ඔබට ගැනුම්කරුවකුගේ ගිණුමෙන් ඒක වාරික, ක්රමික හෝ අනියම් පදනමක් මත කලින් අවසර දුන් ගෙවීම් හරහා ගෙවීම් පිළිගැනීමට හැක. මෙම ආකාරයේ ගනුදෙනු ඇතැම් විට, "බිල් කිරීමේ ගිවිසුම", "දායකත්වය", "පුනරාවර්තන ගෙවීම", "සඳැහුම් ගනුදෙනුව", "කලින් අවසර දුන් හර හෝ PAD", "කලින් අවසර දුන් මාරු කිරීම", "කලින් අනුමත කළ ගෙවීම", හෝ "ස්වයංක්‍රීය ගෙවීම" ලෙස හැඳින්වේ.
ඔබට ගැනුම්කරුවන් වෙතින් කලින් අවසර දුන් ගෙවීම් ලැබෙන්නේ නම්: | |
ඔබ කළ යුතු දෑ: | ඔබ නොකළ යුතු දෑ: |
මුදල, සංඛ්‍යාතය හා එවැනි ගෙවීමක කාල සීමාව සඳහා ගැනුම්කරුගේ පූර්ව බලය ලබාදීම ලබා ගැනීම. | ගැනුම්කරුවෙකු පූර්ව බලය ලබාදුන් ගෙවීමක් නවතා හෝ අවලංගු කර ඇත්නම්, ගැනුම්කරුගේ ලිඛිත බලය ලබාදීමකින් තොරව ඉදිරි ගෙවීම් නැවත ආරම්භ කරන්න. |
ගැනුම්කරුවන් පෙර බලය ලබාදුන් මාර්ගගත ගෙවීම් සඳහා ලියාපදිංචි වුවහොත් සරල සහ පහසුවෙන් පිවිසිය හැකි මාර්ගගත අවලංගු කිරීමේ ක්‍රියා පටිපාටියක් සපයන්න. | |
ගෙවීම සඳහා සැලසුම් කළ දිනට වැඩ කරන දින 3 කට පෙර එවැනි ගෙවීමක් නැවැත්වීමේ හැකියාව ගැනුම්කරුවන්ට ලබාදෙන්න. | |
පෙර බලය ලබාදුන් ගෙවීම පෙර බලය ලබාදුන් මුදල් ප්‍රමාණයෙන් වෙනස් වන්නේ නම් හෝ (ගැනුම්කරුවන්ගේ තේරීම අනූව) පෙර තීරණය කරන ලද පරාසයෙන් ඔබ්බට යන කිසියම් ගෙවීමක් ඇත්නම් සෑම පෙර බලය ලබාදුන් ගෙවීමකම මුදල් ප්‍රමාණය සහ දිනයට දින 10 කට පෙරවත් ගැනුම්කරුවාට දැනුම් දෙන්න. |
ඔබ ස්වයංක්‍රීය මාරු කිරීම් සිදුකරන රටක පදිංචිකරුවෙකු නම්, ඔබට ගෙවීම් ලැබීමට හැකියාව ඇති නමුත් ඔබ ඔබගේ ගෙවීමේ සම්පූර්ණ මුදල ලබාගත හැක්කේ ලද හැකි මුදල් ගැනීමේ ක්‍රමයක් හරහාය. ඔබ එසේ නොකරන්නේ නම්, නිත්‍ය පදනමකින් ඔබගේ මුදල් ආපසු ගැනීමේ ක්‍රමය වෙත ඔබගේ PayPal ගිණුමෙන් ස්වයංක්‍රීයවම මුදල් ආපසු ලබාගනු ඇත. ස්වයංක්‍රීය මාරු කිරීම පිළිබඳ අතිරේක නියමයන් සඳහා කරුණාකර මෙතන ක්ලික් කරන්න.
ඔබේ PayPal ගනුදෙනු ගාස්තු ගැනුම්කරුගේ රට/කලාපය මත පදනම් වේ. භාණ්ඩ හෝ සේවා අලෙවි කිරීමේදී හෝ පරිත්‍යාග ලබා ගැනීමේ දී ඔබ ගෙවන ගාස්තුව සහ ගැනුම්කරුවන් විසින් සිය PayPal ගිණුම භාවිතයෙන් (හෝ වෙනත් බලයලත් වොලට්ටුවක් භාවිත කර) ගෙවන ගාස්තුව වාණිජ ගෙවීම් ගාස්තු වගුව තුළ දැක්වේ. කරුණාකර සැලකිල්ලට ගන්න:
අපගේ ව්‍යාපාරික අනුපාතිකය සඳහා සුදුසුකම් ලැබීමට, ඔබ ඒක වාරික අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය, සුදුසුකම් ලත් මාසික අලෙවි පරිමාවක් තිබිය යුතු අතර යහපත් තත්ත්වයේ ව්‍යාපාරික ගිණුමක් තිබිය යුතුය. ව්‍යාපාරික අනුපාතික නිර්ණායක බැලීමට මෙතැන ක්ලික් කරන්න.
ව්‍යාපාරික අනුපාතය ලබා ගත හැක්කේ ඇතැම් රටවල / කලාපවල ලියාපදිංචි PayPal ගිණුම් ඇති ව්‍යාපාරිකයන්ට පමණක් බව කරුණාවෙන් සලකන්න.
සාමාන්‍යයෙන් ඔබේ ගනුදෙනුවල සාමාන්‍ය අගය $10 USDට වඩා අඩු නම්, ඔබේ PayPal ගිණුම හරහා භාණ්ඩ සහ අලෙවිය සඳහා ක්ෂුද්‍ර ගෙවීම් මිලකරණය ලැබීමට ඔබ සුදුසුකම් ලැබිය හැක. සුදුසුකම් ලැබීමට, ඔබට යහපත් තත්ත්වයේ පවතින PayPal ගිණුමක් තිබිය යුතු අතර (උදාහරණයක් ලෙස සීමා කිරීම් නොමැති වීම සහ PayPal ගිණුම ඍණ අගයක් නොගැනීම) PayPal ගෙවීම් ප්‍රෝ භාවිතයෙන් ගෙවීම් සිදු නොකළ යුතු අතරම, අයදුම්පතක් ඉදිරිපත් කර ඔබ අපගේ අනුමැතිය ලබා ගත යුතු ය.
ඔබගේ PayPal ගිණුම ක්ෂුද්‍ර ගෙවීම් පිළිගැනීමට අනුමැතිය ලබා ඇත්නම්, ඔබගේ PayPal ගිණුම හරහා සිදු කෙරෙන භාණ්ඩ හා සේවා අලෙවි ගනුදෙනු සියල්ලටම, වාණිජ ගෙවීම් ගාස්තු වෙනුවට ක්ෂුද්‍ර ගෙවීම් ගාස්තු වගුව මත ඇති ගාස්තු අදාළ වෙනු ඇත. ඔබට PayPal ගිණුම් කිහිපයක් ඇත්නම්, ඔබගේ ක්ෂුද්‍ර ගෙවීම් ගනුදෙනු සුදුසු ගිණුම හරහා යොමු කළ යුතුය. ගනුදෙනුවක් සැකසුණු පසු, PayPal විසින් වෙනත් ගිණුමක් හරහා ඔබගේ ගනුදෙනුව නැවත යොමු නොකරනු ඇත.
ඩිජිටල් භාණ්ඩ සඳහා ක්ෂුද්‍ර ගෙවීම් අදාළ කරගැනීමෙන්, වගුවේ දක්වා ඇති මිල ගණන් දක්වා ඔබ ලබන ඩිජිටල් භාණ්ඩ ගනුදෙනු සඳහා ඔබ එය පිළිගන්නා අතර, ගැනුම්කරුවෙකු මතභේදයක් ආරම්භ කරන්නේ නම් PayPal විසින් ගනුදෙනුව ප්‍රත්‍යාවර්තනය කර ගැනුම්කරුවාට මතභේදය හිමිකම් පෑමක් දක්වා ගෙන යාමට අවශ්‍ය නොකර ඔබගේ ගිණුමෙන් අරමුදල් ඉවත් කරනු ලැබේ.
ඔබ PayPal ගෙවා දැමීම් භාවිතා කරන්නේ නම් (කලින් Mass Pay), PayPal ගෙවා දැමීම් කොන්දේසි සහ නියමයන් අදාළ වනු ඇත.
ඔබේ ව්‍යාපාර ගිණුම(ගිණුම්වල) ට අදාළව PayPal විසින් ඔබට ලබා දී ඇති කිසියම් ගිණුම් ප්‍රකාශ(යක්) හෝ වෙනත් ගිණුම් ක්‍රියාකාරීත්ව තොරතුරු වෙත ඔබට ප්‍රවේශය හිමි වූ විට, PayPal විසින් අය කරනු ලබන මිලකරණ හෝ වෙනත් ගාස්තු සම්බන්ධව කිසියම් දෝෂයක් හෝ විෂමතාවක් ඇත්නම්, ඒවා ලිඛිතව PayPal වෙත දැනුම් දීමට ඔබට දින හැට(60) ක කාලයක් ලැබෙනු ඇත. එවැනි කාල රාමුවක් තුළ ඔබ PayPal වෙත ඒ පිළිබඳ දැනුම් දීමක් නොකරන්නේ, ඔබ එම තොරතුරු නිවැරදි යැයි පිළිගන්නා අතර, අදාළ නීතියෙන් වෙනත් ආකාරයකින් අවශ්‍ය නොවන්නේ නම් කිසිදු නිවැරදි කිරීමක් කිරීමට PayPal හට බැඳීමක් නොමැත. මෙම විධිවිධානයේ අරමුණු සඳහා, එවැනි මිලකරණ හෝ ගාස්තු සම්බන්ධයෙන් වන දෝෂ හෝ විෂමතා, එක් එක් පරිශීලක ගිවිසුමේ දක්වා ඇති විවිධ දැනුම්දීම් කාලරාමුවලට යටත් වන බලය නොලත් ගනුදෙනු සහ වෙනත් විද්‍යුත් මාරු කිරීමේ දෝෂවලට වඩා වෙනස් වේ.
අලෙවි කරනු ලැබූ භාණ්ඩ හෝ සේවාවක් වෙනුවෙන් ඔබට ගෙවීමක් ලැබී, යම් හේතුවක් නිසා එය පසුව අවලංගු කිරීම හෝ එහි මුදල් ආපසු ගෙවීම සිදු වුවහොත්, ඔබ වෙත එවන ලද ගෙවීම සහ කිසියම් ගාස්තුවක් ඇත්නම් (පහත විස්තර කර ඇති අදාළ ඕනෑම නැවත අය කිරීමේ ගාස්තුවක් හෝ මතභේද ගාස්තුවක් ඇතුළුව) එය සම්බන්ධ සම්පූර්ණ වගකීම ඔබ සතු වේ. ගනුදෙනුවක මුදල ආපසු ගෙවන හෝ වෙනත් ආකාරයකින් ආපසු හරවන ඕනෑම අවස්ථාවක, PayPal විසින් මුල් ගනුදෙනුවට සමාන මුදල් වර්ගයෙන්ම ඔබේ PayPal ගිණුමෙන් ගනුදෙනු මුදල ආපසු ගෙවීම හෝ ප්රතිවර්තනය කරනු ලබයි. ආපසු ගෙවීමක් හෝ ප්රතිවර්තනයක් කිරීමට අවශ්‍ය මුදල ආවරණය කිරීමට ඔබේ PayPal ගිණුම් ශේෂයෙහි ඇති යම් ව්‍යවහාර මුදල් වර්ගයක් ප්‍රමාණවත් නොවන්නේ නම්, ගනුදෙනුවට අදාළ මුදල ආපසු ගෙවීම හෝ ප්රතිවර්තනය කිරීම සඳහා PayPal විසින් ව්‍යවහාර මුදල් පරිවර්තනයක් සිදු කරනු ලබයි. මෙහි දී මුදල් ආපසු ගෙවීම හෝ ප්රතිවර්තනය සිදු කරන මොහොතේ ඇති PayPal ගනුදෙනු විනිමය අනුපාතය (අපගේ ව්‍යවහාර මුදල් පරිවර්ත්‍ය ගාස්තුව ඇතුළුව) භාවිතා කරනු ලබයි.
ඔබ ගනුදෙනුවක් ආපසු ගෙවන්නේ නම්, අපගේ ගාස්තු පිටුවේ දක්වා ඇති පරිදි ඔබ ගෙවූ ගාස්තු අපි රඳවා ගන්නෙමු.
පහත තත්ත්වයන් යටතේදී ඔබට කෙරෙන ගෙවීම් PayPal විසින් අවලංගු කරනු හෝ ආපසු හරවනු ලැබේ:
ඔබට ගෙවීමක් ලැබුණු විට, ඔබ වෙත එවන ලද සම්පූර්ණ ගෙවීම් මුදල සඳහා සහ පසුව යම් හේතුවක් නිසා ගෙවීම අවලංගු වුවහොත් ඊට අදාළ ඕනෑම ගාස්තුවක් PayPal වෙත ගෙවීමට ඔබ බැඳී සිටී. ගැනුම්කරු ගෙවන ලද්දේ වෙනත් මුදල් වර්ගයකින් නම්, මුදල් ආපසු ගෙවීම හෝ ප්රතිවර්තනය සිදුකරන අවස්ථාවේ දී PayPal හි ගනුදෙනු විනිමය අනුපාතය (අපගේ ව්‍යවහාර මුදල් පරිවර්ත්‍ය ගාස්තුව ඇතුළුව) භාවිතා කරමින් ඔබ වෙත එවන ලද ගෙවීම්වල සම්පූර්ණ මුදල එම මුදල් වර්ගයෙන් ගණනය කරනු ලැබිය හැක. ඔබ ගෙවීමට බැඳී සිටින ගෙවීම් මුදල සහ ගාස්තු ආවරණය කිරීමට ඔබේ PayPal ගිණුමේ ඇති ශේෂය ප්‍රමාණවත් නොවේ නම්, මෙය ඔබේ PayPal ගිණුමේ සෘණ ශේෂයක් ඇති වීමට හේතු වේ. ඕනෑම ඍණ PayPal ගිණුමක් මගින් පෙන්නුම් කරන්නේ ඔබ අප වෙත ගෙවිය යුතු මුදලක් පවතින බව වන අතර, මෙම අවස්ථාවේ දී එය මඟහරවා ගැනීම සඳහා ඔබ වහාම ඔබේ PayPal ගිණුමට අරමුදල් එක් කළ යුතු ය. ඔබ එසේ නොකළහොත් PayPal මෙසේ සිදු කිරීමට ඉඩ ඇත:
ගැනුම්කරුවකුගේ PayPal ගිණුමකින් හෝ PayPal ආගන්තුක ගෙවා පිටවීම ඔස්සේ හෝ සකස් කරනු ලබන ගනුදෙනු සඳහා මාර්ගගත මතභේද විසඳුම් ක්‍රියාවලිය සඳහා පහසුකම් සපයනු වස් PayPal අලෙවිකරුවන් වෙතින් මතභේද ගාස්තුවක් අය කරනු ඇත. ගැනුම්කරුවා විසින් PayPal සමග ඍජුව හිමිකම් පෑමක්, සිය කාඩ්පත් නිකුත් කරන්නා සමග නැවත අය කිරීමක්, හෝ සිය බැංකුව සමග ප්රතිවර්තනයක් සඳහා කටයුතු කරන විට මතභේද ගාස්තුවක් අදාළ වේ. මතභේද ගාස්තුව එක්කෝ සම්මත මතභේද ගාස්තු අනුපාතිකයට අනුව හෝ ඉහළ පරිමා මතභේද ගාස්තු අනුපාතිකයට අනුව අය කරනු ලැබෙනු ඇත. මුල් ගනුදෙනු ලැයිස්තුගත කිරීම සඳහා ඔබ තෝරා ගත් මුදලින් මතභේද ගාස්තු අය කෙරේ. ගනුදෙනුව ඇත්තේ මතභේද ගාස්තු වගුවේ ලැයිස්තුගත කර නොමැති මුදල් වර්ගයකින් නම්, අය කරනු ලබන ගාස්තුව ඔබේ ප්‍රාථමික රඳවා ගැනීමේ මුදලේ වේ. මතභේද ගාස්තුව හිමිකම් පෑම තීරණය කරනු ලැබීමෙන් පසුව ඔබේ PayPal ගිණුම වෙතින් අඩු කර ගනු ලැබේ.
මතභේදය තනනු ලැබූ පසු මතභේද ගාස්තු මුදල තීරණය කරනු ලැබෙනු ඇත. ගාස්තුව පසුගිය ලිත් මාස තුන සඳහා ඔබේ මුළු අලෙවි ප්‍රමාණයට සාපේක්ෂව සියලු ම නොලැබුණු අයිතම සහ සැලකිය යුතු ලෙස විස්තර කර ඇති ආකාරයෙන් නැති හිමිකම් සියල්ලේ මුළු ගනුදෙනු අගයේ අනුපාතය මත පදනම් වනු ඇත. ඔබගේ සම්පූර්ණ හිමිකම් පෑමට ලැබුනේ නැති සහ සැලකිය යුතු ලෙස විස්තර කර නොමැති හිමිකම් වෙත සෘජුවම ගොනු කර හෝ PayPal වෙත හෝ ගැනුම්කරුගේ කාඩ්පත් නිකුත් කරන්නා හෝ බැංකුව වෙත ගොනු කරනු ලැබේ. ඔබගේ සම්පූර්ණ හිමිකම් පෑමට බලය නොලත් ගනුදෙනු සඳහා හිමිකම් ඇතුළත් නොවේ. උදාහරණයක් ලෙස, සැප්තැම්බර් මාසය සඳහා, ඔබේ මතභේද අනුපාතය ගණනය කරනු ලබන්නේ ජුනි, ජූලි සහ අගෝස්තු මාසවල විකුණුම් අනුපාතය සඳහා වන ඔබේ මුළු හිමිකම් සලකා බැලීමෙනි. සැප්තැම්බර් සඳහා වන හිමිකම් අනුපාතය විසින් ඔක්තෝම්බර් මාසයේ දී ගොනු කරන ලද සියලු ම හිමිකම් සඳහා මතභේද ගාස්තුව තීරණය කරනු ඇත.
ඔබේ මතභේද අනුපාතිකය 1.5% හෝ ඊට වැඩි වන්නේ නම් හා ඔබට පසුගිය සම්පූර්ණ ලිත් මාස තුන තුළ විකුණුම් 100කට වඩා තිබිණි නම්, එක් එක් මතභේදය සඳහා ඔබෙන් ඉහළ පරිමා මතභේද ගාස්තුව අය කරනු ලැබේ. එසේ නැතහොත්, ඔබෙන් එක් එක් ගාස්තුව සඳහා සම්මත මතභේද ගාස්තුව අය කරනු ලැබේ.
ඔබෙන් සම්මත මතභේද ගාස්තුවක් අය නොකරන මතභේද වන්නේ:
ඔබෙන් ඉහළ පරිමා මතභේද ගාස්තුවක් අය නොකෙරෙන මතභේද වන්නේ:
ඉහළ පරිමා මතභේද ගාස්තු අය කරන ලද විකුණුම්කරුවන්ට මතභේද අනුපාතික වැඩි කිරීමට හේතුව, මතභේද අවම කිරීමට ගන්නා ලද ක්‍රියා මාර්ග හා එකී ක්‍රියා සඳහා කාල රාමුව ඇතුළත් වන ප්‍රතිකර්ම සැලසුමක් ඉදිරිපත් කිරීමට සිදු විය හැක.
ඔබ සීමිත ක්රියාකාරීත්වයක නිරත වන්නේ නම්, එවැනි සීමිත ක්රියාකාරීත්වයක ප්‍රතිඵලයක් ලෙස PayPal හි වැඩි මැදිහත්වීම සැලකිල්ලට ගෙන, ඔබේ මතභේද අනුපාතය හෝ විකුණුම් පරිමාවන් නොසලකා, සියලුම වත්මන් සහ අනාගත මතභේද සඳහා PayPal විසින් ඉහළ පරිමා මතභේද ගාස්තු අය කළ හැකි ය.
ඉහත දක්වා ඇති මතභේද සඳහා සම්මත මතභේද ගාස්තුව හෝ ඉහළ පරිමා මතභේද ගාස්තුව අය කරනු ලැබීමෙන් නිදහස් කරනු ලැබිය හැකි නමුත්, හිමිකම් පෑම තවදුරටත් ඔබේ මතභේද අනුපාතිකයේ සමස්ත ගණනය කිරීම තුළ ඇතුළත් වීමට ඉඩ තිබේ.
ගැණුම්කරුවෙකුගේ PayPal ගිණුමක් හරහා හෝ ආගන්තුක ගෙවීමක් හරහා සැකසුම් කර නැති ගැනුම්කරු ඔවුන්ගේ කාඩ්පත් නිකුත් කරන්නා සමඟ ගනුදෙනුව සඳහා අයකිරීමක් සිදු කරන ගනුදෙනු සඳහා, අයකිරීම් ක්‍රියාවලියට පහසුකම් සැපයීම සඳහා PayPal ඔබගෙන් නැවත අයකිරීමේ ගාස්තුවක් අය කරනු ඇත. කාඩ්පත් නිකුත් කරන්නා සමඟ අයකිරීම් ආපසු ලබා ගැනීමට ගැනුම්කරු සාර්ථකද යන්න නොසලකා මෙම ගාස්තුව අදාළ වේ.
අදාළ නැවත අය කිරීමේ ගාස්තුව ඔබගේ PayPal ගිණුමෙන් අඩු කෙරෙනු ඇත. නැවත අය කිරීමේ ගාස්තුව යනු මුල් ගනුදෙනුවේ මුදල් වර්ගයෙන් නැවත අය කිරීමේ ගාස්තු වගුව තුළ නිශ්චිතව දක්වා ඇති මුදල් ප්‍රමාණයයි. ගනුදෙනුව නැවත අයකිරීම් ගාස්තු වගුවේ ලැයිස්තුගත කර නොමැති මුදලකින් සිදු වූයේ නම්, ගාස්තුව ඔබේ ප්‍රාථමික රඳවා ගැනීමේ මුදල් වර්ගයෙන් අය කරනු ලැබේ.
ගැනුම්කරුවකු මුදල් නැවත අය කිරීමක් ගොනු කරන්නේ නම්, PayPal නොව, කාඩ්පත් නිකුත් කරන්නා, නැවත මුදල් අය කිරීම දිනනු ලබන්නා තීරණය කරනු ඇත.
ඔබ PayPal හි ගැනුම්කරු ආරක්ෂණය වැඩසටහන කියවා තේරුම් ගත යුතු අතර, ඔබ සිටිනා ප්‍රදේශය හැර වෙනත් රටවල/කලාපවල PayPal ගිණුම් ඇති ගැනුම්කරුවන්ට භාණ්ඩ හා සේවා විකුණා ගෙවීම් ලබා ගන්නේ නම්, ඔබ එම රටවල්/කලාපවල එක් එක් ගැනුම්කරුවන්ට ලබා ගත හැකි PayPal ගැනුම්කරු ආරක්ෂාව ගැන ද දැන සිටිය යුතු ය. මෙම වැඩසටහන් යටතේ ගැනුම්කරුවන්ගේ අයිතීන් අලෙවිකරුවෙකු ලෙස ඔබට බලපෑම් කළ හැකි ය. පිටුවේ ඉහළින්ම ඔබේ ගැනුම්කරුගේ ස්ථානය තෝරා ගෙන එම පිහිටීම සඳහා අදාළ පරිශීලක ගිවිසුම වෙත යොමු කිරීමෙන් ඔබට නෛතික ගිවිසුම් පිටුවේ PayPal වැඩසටහන් සඳහා මෙම තොරතුරු සොයා ගත හැකි ය.
කිසියම් රටක/කලාපයක PayPal ගැනුම්කරු ආරක්ෂාව වැඩටහන යටතේ ඔබට යම් හිමිකමක් අහිමි වන්නේ නම්:
ඔබ ගැනුම්කරුවෙකුට භාණ්ඩයක් හෝ සේවාවක් විකුණන්නේ නම්, ඔබට PayPalහි අලෙවිකරුගේ ආරක්ෂාව වැඩසටහන සඳහා සුදුසුකම් ලැබිය හැකි ය. එය අදාළ වන විට, PayPal අලෙවිකරුගේ ආරක්ෂාව වැඩසටහන මගින් මුළු මිල දී ගැනීම් මුදල තබා ගැනීමට ඔබට හිමිකම් කිව හැකි ය. සිය පරම අභිමතය පරිදි, PayPal ඔබේ හිමිකම් පෑම PayPal අලෙවිකරුගේ ආරක්ෂාව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන්නේ ද යන්න තීරණය කරයි. PayPalහි අලෙවිකරුගේ ආරක්ෂාව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන ගෙවීම් ගණනට සීමාවක් නොමැත. ඔබේ PayPal ගිණුමේ ගනුදෙනු විස්තර පිටුවට පිවිසීමෙන් මෙම වැඩසටහන යටතේ ආරක්ෂාව සඳහා සුදුසුකම් ලත් ඔබේ ගනුදෙනු ඔබට දැක ගත හැකිය.
වැඩසටහනේ නියම සහ කොන්දේසි PayPalහි අලෙවිකරුගේ ආරක්ෂාව වැඩසටහන් පිටුවේ දක්වා ඇති අතර මෙම පරිශීලක ගිවිසුමේ කොටසක් වේ.
අපගේ වෙබ් අඩවිය, ඔබගේ PayPal ගිණුම, PayPal සේවාවන් ඔබ විසින් භාවිතා කිරීම හෝ PayPal, වෙනත් PayPal පාරිභෝගිකයින් හෝ තෙවන පාර්ශ්වය සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී ඔබ පහත දේ නොකළ යුතුය:
ඔබ මෙම ක්‍රියාකාරකම්වලින් කිසිවක නිරතව තිබෙන බවට අප සැක කළොත්, PayPal, එහි ගනුදෙනුකරුවන් සහ අනෙක් අය ආරක්ෂා කිරීම පිණිස අපි ඕනෑම විටක අපගේ පරම අභිමතය පරිදි ක්‍රියාමාර්ග ගණනක් ගත හැකිය. අප ගන්නා පියවරවලට පහත ඒවා ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ:
කිසියම් හේතුවක් මත අප විසින් ඔබගේ PayPal ගිණුම වැසුවහොත් හෝ ඔබගේ PayPal සේවා භාවිතා කිරීම කිසියම් හේතුවක් මත අවසන් කළහොත්, අප විසින් අපගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔබට දැනුම් දෙන අතර ඔබගේ PayPal ගිණුමේ අත්හිටුවා ඇති කිසියම් සීමා නොකළ අරමුදල් ආපසු ලබා ගත හැකි වන ආකාරයට සකස් කරමු.
මෙම පරිශීලක ගිවිසුමේ, සහ/හෝ ඔබගේ PayPal සේවා භාවිතයේ ඔබගේ උල්ලංඝනයක් හේතුවෙන් ඇතිවන සියලු ආපසු හැරවීම්, ගාස්තු ආපසු ගෙවීම්, හිමිකම්පෑම්, ගාස්තු, දඩ, දණ්ඩන මුදල් සහ PayPal හට, කිසියම් PayPal පාරිභෝගිකයෙකුට, හෝ තෙවන පාර්ශ්වයකට දැරීමට සිදු වන අනෙකුත් වගකීම් සඳහා ඔබ වගකිව යුතු වේ.
සමහර තත්ත්වයන් යටතේ, PayPal සහ PayPal සේවා භාවිතා කරන ගැනුම්කරුවන්ගේ සහ අලෙවිකරුවන්ගේ ජාලයේ ආරක්ෂාව සහ සම්පූර්ණත්වය ආරක්ෂා කිරීමට, PayPal විසින් ගිණුම් මට්ටමේ හෝ ගනුදෙනු මට්ටමේ ක්‍රියාකාරකම් ගනු ඇත. වෙනත් ආකාරයකින් සඳහන් කලොත් හැර, අප විසින් මෙහි විස්තර කර ඇති කිසියම් ක්‍රියාමාර්ගයක් ගතහොත්, අපගේ ක්‍රියාකාරකම් පිළිබඳව අප විසින් ඔබට දැනුම්දීමක් සිදු කරන නමුත්, මෙම ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන පරම අභිමතය අප සතු වේ. ගිණුමක සීමාකිරීමක්, අත්හිටුවීමක් හෝ සංචිතයක් හා අදාළව තොරතුරු ඉල්ලා සිටීමට, ඔබ විසින් ගැටළු විසඳීමේ මධ්‍යස්ථානය වෙත යා යුතු අතර එසේ නැතහොත් සීමාකිරීම, අත්හිටුවීම හෝ සංචිත කිරීම හා අදාළ අපගේ ඊමේල් නිවේදනයේ සඳහන් කර ඇති උපදෙස් ඔබ විසින් අනුගමනය කළ යුතු වේ.
සීමාකිරීම්, අත්හිටුවීම් සහ සංචිත කිරීම හා අදාළ වන අපගේ තීරණවලට අපගේ අවදානම් කළමනාකරණ සහ PayPal, අපගේ ගනුදෙනුකරුවන් සහ/හෝ සේවා සපයන්නන් ආරක්ෂා කිරීම හා අදාළ රහස්‍ය නිර්ණායක පදනම් කර ගත හැකිය. ඔබගේ PayPal ගිණුම හා අදාළ අවදානම ඇගයීමේදී අප විසින් හිමිකාරත්ව වංචා හා අවදානම් ආදර්ශනය භාවිතා කිරීමට ඉඩ තිබේ. ඊට අමතරව, එවැනි තීරණ පිළිබඳව ඔබ වෙත හෙළිදරව් කිරීම නියාමනයක් හෝ රජයේ අධිකාරියක් මඟින් අපව සීමා කර තිබීමට පුළුවන. අපගේ අවදානම් කළමනාකරණය හෝ ආරක්ෂණ ක්‍රියාමාර්ගවල විස්තර ඔබට හෙළිදරව් කිරීමට අපි බැඳී නොසිටිමු.
ඉහත විස්තර කර ඇති PayPal හි ක්‍රියා සඳහා පහසුකම් සැපයීමට සහ ඔබගේ PayPal ගිණුම් හා සම්බන්ධ අවදානම් මට්ටම තක්සේරු කිරීමට අපට ඉඩ දීම සඳහා, ඔබ PayPal විසින් කලින් කලට කරනු ලබන මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් ලියකියවිලි හෝ තොරතුරු ඉල්ලීම් සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව අපි පැහැදිලි කරමු.
අත්හිටුවීමක් යනු යම් යම් තත්ත්වයන් යටතේ ගනුදෙනු මට්ටමේදී හෝ ගිණුම් මට්ටමේදී PayPal විසින් ගැනීමට ඉඩ ඇති ක්‍රියාමාර්ගයක් වේ. ගෙවීමක් සම්බන්ධයෙන් PayPal විසින් තාවකාලික රඳවා ගැනීමක් සිදු කරන විට, යවන්නාට හෝ ලබන්නාට අරමුදල් ලබා ගැනීමට නොහැකි වනු ඇත. ගෙවීමක් සම්බන්ධයෙන් අත්හිටුවීමක් සිදු කිරීමට පෙර, PayPal විසින් බොහෝ කරුණු සමාලෝචනයට ලක් කරන අතර ඊට පහත දේවල් ඇතුළත් වේ: ගිණුමේ කාලසීමාව, ගනුදෙනු ක්‍රියාකාරීත්ව, ව්‍යාපාර වර්ගය, අතීත පාරිභෝගික ආරවුල්, සහ සමස්ත පාරිභෝගික තෘප්තිය. PayPal විසින් ගෙවීම් අත්හිටුවනු ලබන සමහර සුලබ අවස්ථාවලට පහත දේවල් ඇතුළත් වේ:
අපගේ පරම අභිමතය අනුව, ඔබ, ඔබගේ PayPal ගිණුම, හෝ ඔබගේ ගනුදෙනු ඉහළ මට්ටමේ අවදානමක් සහිත බවට අප විශ්වාස කරයි නම්, හෝ එවැනි අත්හිටුවීමක් නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය වුවහොත්, අප විසින් ඔබගේ PayPal ගිණුම වෙත යවන ලද ගෙවීම් සම්බන්ධයෙන් අත්හිටුවීමක් සිදු කරමු. කරුණු ගණනක් මත පදනම්ව අප විසින් ගෙවීමක් රඳවා ගන්නේද යන්න සම්බන්ධයෙන් වන තීරණ ගනිමු, ඊට ඇතුළත් වන කරුණු වනුයේ අභ්‍යන්තර මූලාශ්‍ර සහ තෙවන පාර්ශ්ව යන දෙපාර්ශ්වයෙන්ම අපට ලැබෙන තොරතුරු වේ. අප විසින් ගෙවීමක් සම්බන්ධයෙන් අත්හිටුවීමක් සිදු කරන විට, ඔබේ PayPal ගිණුමේ අරමුදල් ලබා ගත නොහැක හෝ අවසන් නොමැත යන පෙන්නුම් කිරීමක් සහිතව දිස්වනු ඇත. අප විසින් අත්හිටුවීමක් සිදු කළ විට, ඔබගේ PayPal ගිණුම හරහා හෝ කෙළින්ම දුරකථනය හෝ ඊමේල් මඟින් අපි ඔබ වෙත ඒ බව දැනුම් දෙමු.
ගෙවීම අත්හිටුවීම අඛණ්ඩව පවත්වා ගෙන යෑමට PayPal හට හේතුවක් ඇතොත් මිස, ඔබගේ PayPal ගිණුමට ගෙවීම ලැබුණු දින සිට දින 30 ක් දක්වා වූ කාලයක් සඳහා අවදානම හා බැඳුණු අත්හිටුවීම් බලපැවැත්වේ. යම් යම් තත්ත්වයන් (නිදසුනක් ලෙස, ඔබ විසින් ගනුදෙනුව හා අදාළ නැව්ගත කිරීම සොයා ගැනීම පිළිබඳ තොරතුරු පටවා ඇත්නම්) යටතේ අප විසින් මීට කලින් අත්හිටුවීම මුදාහැරීමට ඉඩ ඇති නමුත්, එසේ කලින් මුදාහැරීම සිදු කරනුයේ අපගේ පරම අභිමතය අනුව වේ. පහත දැක්වෙන ඡේදයේ විස්තර කර ඇති ආකාරයට, අර්බුදයට ලක් කර ඇති ගනුදෙනුවක් මත පදනම්ව ගෙවීමක් අවලංගු කර ආපසු හැරවිය යුතු ගෙවීමක් ලෙසට අභියෝගයට ලක් කර ඇත්නම් අත්හිටුවීම දින 30කට වඩා වැඩි කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇත. මෙවැනි අවස්ථාවකදී, ගැටළුව විසඳෙන තෙක් ඔබේ PayPal ගිණුමේ ගෙවීම් අප විසින් අත්හිටනු ලැබේ.
ඔබ වෙළඳපලක කටයුතු කරන හෝ PayPal සේවාව ලබා දෙන තෙවන පාර්ශ්ව යෙදුමක් හරහා කටයුතු කරන අලෙවිකරුවකු නම්, අදාළ වෙළඳපලේ හෝ තෙවන පාර්ශ්වයේ උපදෙස් තුළ ගෙවීමක් සම්බන්ධයෙන් වන අත්හිටුවීමක් පැනවෙනු ඇත. මෙය සිදු කරනුයේ ඔබ විසින් අපට ඔබගේ අරමුදල් අත්හිටුවීම සඳහා අවසර ලබා දුන් පසුව වන අතර එය තෙවන පාර්ශ්වයේ එකඟතාව අනුව සිදු කෙරේ. මෙම අත්හිටුවීම් ඔබගේ PayPal ගිණුමේ පෙන්නුම් කෙරෙනු ඇත. අදාළ වෙළඳපල හෝ තෙවන පාර්ශ්වය PayPal වෙත මෙම අත්හිටුවීම් සිදු කිරීමට උපදෙස් දී ඇත්තේ ඇයිද යන්න ගැන ඔබට ප්‍රශ්න ඇතොත්, ඔබ විසින් වෙළඳපල හෝ තෙවන පාර්ශ්වය සමඟ කෙළින්ම සම්බන්ධ විය යුතුය.
අලෙවිකරුවෙකු ලෙස ඔබ වෙත එවන ලද ගෙවීමක් අභියෝගයට ලක් කළහොත් එය අවලංගු කර ආපසු ගෙවිය යුතු අතර, ආපසු ගෙවීමට සිදු විය හැකි මුදල ආවරණය කර ගැනීම පිණිස අප විසින් ඔබගේ PayPal ගිණුමේ ඇති අරමුදල් සම්බන්ධයෙන් තාවකාලික අත්හිටුවීමක් සිදු කරමු. මුදල් ආපසු ගෙවීම්, අත්හිටුවීම් සහ ගාස්තු ආපසු ගෙවීම් යටතේ විස්තර කර ඇති කිසියම් තත්ත්වයකදී එය අපට ගෙවීමක් සම්බන්ධ අත්හිටුවීමක් සිදු කිරීමට හේතු විය හැකිය. ගනුදෙනුව ආපසු නොහැරවිය යුතු බව අප තීරණය කළහොත්, අපි ඔබගේ තාවකාලික අත්හිටුවීම ඉවත් කරමු. ගනුදෙනුව ආපසු හැරවිය යුතු බව අප තීරණය කළහොත්, අපි ඔබගේ PayPal ගිණුම වෙතින් අරමුදල් ඉවත් කරමු.
සීමා කිරීම් හේතුවෙන්, ඔබේ PayPal ගිණුමේ මුදල් ආපසු ගැනීම, යැවීම හෝ ලබා ගැනීම වැනි සමහර ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් ඔබව වළක්වයි. මෙම සීමාකම් පනවනු ලබන්නේ සීමා කළ ක්‍රියාකාරකම්, ඉහළ මූල්‍ය අවදානමක්, හෝ අසාමාන්‍ය හෝ සැක සහිත ලෙස අපට පෙනෙන කිසියම් ක්‍රියාකාරීත්වයකින් PayPal, ගැනුම්කරුවන් සහ අලෙවිකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ය. ඔබේ PayPal ගිණුම විවෘතව තබා ගැනීමට ද සීමා කිරීම් අප හට උපකාරී වේ.
ඔබගේ PayPal ගිණුම හෝ PayPal සේවාවන් වෙත ඔබගේ ප්‍රවේශය සීමා කිරීමට, සහ/හෝ ඔබගේ අරමුදල්වලට ප්‍රවේශය සීමා කිරීමට අපට හේතුවන කරුණු ගණනාවක් තිබිය හැකිය; ඊට පහත දෑ ඇතුළත් වේ:
අප විසින් ඔබගේ PayPal ගිණුම සඳහා වන ප්‍රවේශය සීමා කළහොත්, අපගේ ක්‍රියාකාරකම් පිළිබඳව අපි ඔබ වෙත දැනුම් දෙමු. ප්‍රවේශය නැවත ලබා දෙන ලෙස ඉල්ලීම් කිරීමට ඔබට අවස්ථාව සලසා දෙන අතර, එය ලබා දීම සුදුසු නම්, අපගේ පරම අභිමතය අනුව එය ඉටු කිරීමට කටයුතු කරමු.
කිසියම් සීමාවක් ඉවත් කිරීමට හැකිවීමට පෙර ඔබේ ගිණුම හා අදාළ කිසියම් ගැටළුවක් ඇතොත් එය විසඳා ගැනීමට ඔබ කටයුතු කළ යුතු වේ. සාමාන්‍යයෙන් මෙය සිදු කෙරෙනුයේ අප විසින් ඉල්ලා සිටින තොරතුරු ඔබ විසින් අප වෙත ලබා දුන් පසුව වේ. කෙසේවෙතත්, ඔබ විසින් අප වෙත එම තොරතුරු ලබා දුන් පසුවත් අවදානමක් තිබෙන බව අප සාධාරණ ලෙස විශ්වාස කළහොත්, PayPal, අපගේ පරිශීලකයින්, තෙවන පාර්ශ්වයක්, හෝ ඔබව ගනුදෙනු ආපසු හැරවීම, ගාස්තු, දඩ මුදල්, දණ්ඩන, නෛතික සහ/හෝ නියාමන අවදානම් සහ අනෙකුත් වගකීම් ආදියෙන් ආරක්ෂා කිරීමට අප විසින් කටයුතු කරමු.
ඔබ, ඔබේ PayPal ගිණුම, ඔබේ ව්‍යාපාරික මාදිලිය, හෝ ඔබේ ගනුදෙනු සම්බන්ධයෙන් යම් ඉහළ මට්ටමමේ අවදානමක් තිබිය හැකි බවට අප විශ්වාස කරන්නේ නම්, අපි ඔබේ PayPal ගිණුමෙහි සංචිතයක් තැබීම සිදු කළ හැක. අපි ඔබේ PayPal ගිණුමේ සංචිතයක් තැබූ විට, එයින් අදහස් වන්නේ ඔබේ PayPal ගිණුමේ ශේෂයේ සියලුම හෝ සමහර ගනුදෙනු "පොරොත්තු" ලෙස පෙන්වන බව හා ඔබට "පොරොත්තු" අවස්ථාවක දී අරමුදල් ආපසු ගැනීමට නොහැකි වන බව වන අතර, ඒ ඔබ විසින් සිදු කරන ලද ගනුදෙනු ආපසු හැරවීමට හෝ අවලංගු වීමට ඇති අවදානමෙන් හෝ හෝ ඔබේ PayPal ගිණුම හෝ PayPal සේවාවන් භාවිතය සම්බන්ධ වෙනත් අවදානමකින් ආරක්ෂා වීම සඳහා වේ. අප විසින් සංචිතයක් තබා ගන්නේද යන්න සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ කරුණු ගණනාවක් පාදක කොටගෙන වන අතර, අභ්‍යන්තර මූලාශ්‍ර සහ තෙවන පාර්ශ්වයන් යන දෙපාර්ශ්වයෙන්ම අප වෙත ලැබෙන තොරතුරු ආදී සාධක ඊට ඇතුළත් වේ.
PayPal විසින් පහත දැක්වෙන කරුණුවලට සීමා නොවන කරුණු ගණනාවක්, සහ කාලයක් සමඟ මෙම කරුණු වෙනස් වී ඇත්තේ කෙසේද යන්න සලකා බලමු:
ඔබේ ගිණුමේ ඇති අරමුදල් සම්බන්ධයෙන් සංචිත කිරීමක් අප විසින් සිදු කළහොත්, අප විසින් අපගේ ක්‍රියාකාරකම් සහ සේවා නියමයන් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරමු.
ඔබේ PayPal ගිණුම සම්බන්ධයෙන් සිදු කළ හැකි සංචිත වර්ග දෙකක් තිබෙන අතර, එකක් හෝ ඒවා දෙකම එකම අවස්ථාවේ අදාළ විය හැකිය:
අපගේ අවදානම ඇගයීම වෙනස් වීම හේතුවෙන් අප සංචිතයෙහි නියමයන් වෙනස් කළහොත්, අප නව නියමයන් පිළිබඳව ඔබව දැනුවත් කරමු.
අප වෙත ඔබට බලපාන උසාවි නියෝගයක් හෝ වෙනත් නෛතික ක්‍රියාවලියක් (අත්හිටුවීමක් හෝ වෙනත් ඊට සමාන ක්‍රියාවලියක් ඇතුළුව) පිළිබඳව දැනුම් දුනහොත්, එසේ නැතහොත් අදාළ නීතිය හෝ නියාමන අවශ්‍යතා සපුරාලීම පිණිස එසේ කිරීමට අවශ්‍ය බව අපට හැඟේ නම්, අප විසින් යම් යම් ක්‍රියාමාර්ග ගනු ඇති අතර ඊට ඔබේ PayPal ගිණුම සම්බන්ධයෙන් වන සංචිත මත සීමාකිරීමක් පැනවීම, PayPal ගිණුමට/ගිණුමෙන් ගෙවීමට ඇති මුදල් අත්හිටුවීම, හෝ ඔබේ අරමුදල්වලින් මුදාහැරීම ඇතුළත් විය හැකිය. අප විසින් ගත යුත්තේ කුමන ක්‍රියාමාර්ගයද යන්න, අපගේ පරම අභිමතය අනුව, අපි තීරණය කරමු. උසාවි නියෝගයෙන්, අදාළ නීතියෙන්, නියාමන අවශ්‍යතාවයෙන් හෝ අනෙකුත් නෛතික ක්‍රියාවලියෙන් දැනුම් නොදෙන ලෙස නියම කර නොමැති නම් හැර, මෙම ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඔබ වෙත දැනුම් දෙමු. ඔබ හෝ ඔබේ PayPal ගිණුම හා සම්බන්ධ කිසියම් උසාවි නියෝගයක් හෝ නෛතික ක්‍රියාවලියක් සම්බන්ධයෙන් හබ කිරීමට හෝ අභියාචනා කිරීමට අපි බැඳී නොසිටිමු. උසාවි නියෝගයක්, අදාළ නීතියක්, නියාමන අවශ්‍යතාවයක් හේතුවෙන් අප විසින් අත්හිටුවීමක්, සංචිතයක් හෝ සීමා කිරීමක් ක්‍රියාත්මක කළහොත්, අත්හිටුවීම, සංචිතය හෝ සීමා කිරීම PayPal විසින් සාධාරණ ලෙස නියම කරනු ලබන කාලයක් දක්වා බලපවත්වනු ඇත.
අලෙවිකරණ අරමුණු සඳහා PayPal සහ එහි අනුබද්ධයන් ඊමේල් ම.sන් ඔබව සම්බන්ධ කර ගත හැකි බව ඔබ එකඟ වේ. ඔබ PayPal ගිණුමක් විවෘත කරන විට, ඔබේ ගිණුම් මනාපයන් වෙනස් කිරීමෙන් හෝ අපෙන් ලැබෙන ඕනෑම PayPal ඊමේලයක් හෝ කුවිතාන්සියක ඇති දායකත්වයෙන් ඉවත් වීමේ සබැඳිය ක්ලික් කිරීමෙන් ඔබට අලෙවිකරණ සන්නිවේදනයන් ලැබීමෙන් ඉවත් විය හැකිය. ඉවත්වීම බලාත්මක වීමට කරුණාකර වැඩ කරන දින 10 ක් දක්වා ඉඩ දෙන්න. ඔබ අලෙවිකරණ සන්නිවේදනයන් ලබා ගැනීමෙන් ඉවත් වී සිටියද, ඔබගේ ගිණුම හෝ PayPal සේවාවන් පිළිබඳ සත්‍ය තොරතුරු අපි ලබා දෙන්නෙමු.
ඔබ අප වෙත ඔබේ ජංගම දුරකථන අංකය ලබා දෙන්නේ නම්, PayPal හා එහි අනුබද්ධිත ආයතනවලට පහත අරමුණු සඳහා ස්වයංක්‍රීය ඩයලන හෝ පූර්ව පටිගත කළ පණිවුඩ ඇමතුම් හෝ කෙටි පණිවුඩ භාවිතයෙන් එම අංකය ඔස්සේ ඔබව ඇමතීමට හැකි බවට ඔබ එකඟ වේ: (i) ඔබේ PayPal සේවා පිළිබඳව ඔබ දැනුවත් කිරීමට හා/හෝ ඔබේ PayPal ගිණුම්වලට සේවා කිරීමට, (ii) වංචා පරීක්ෂා කිරීමට හෝ වැළැක්වීමට හෝ (iii) ණය එකතු කර ගැනීමට. ඔබේ පූර්ව කැමැත්ත අපට ලැබෙන්නේ නැත්නම්, අලෙවිකරණ අරමුණු සඳහා ඔබව සම්බන්ධ කර ගැනීමට අපි ස්වයංක්‍රීය හෝ පෙර වාර්තා කළ පණිවිඩ ඇමතුම් හෝ පෙළ භාවිතා නොකරමු. ඉහත ලැයිස්තුගත කර ඇති ක්‍රියාකාරකම් සඳහා අපට සහාය වීමට අප සමඟ ගිවිසුම්වලට එළඹ ඇති සේවා සපයන්නන් සමඟ අපි ඔබේ ජංගම දුරකථන අංකය හුවමාරු කිරීමට ඉඩ ඇති නමුත් ඔබේ කැමැත්ත නොමැතිව ඔබගේ ජංගම දුරකථන අංකය තෙවන පාර්ශවයන් සමඟ ඔවුන්ගේම අරමුණු සඳහා බෙදා නොගනිමු. PayPal විසින් පිරිනමනු ලබන නිෂ්පාදන සහ සේවාවන් භාවිතා කිරීම සහ භුක්ති විඳීම සඳහා ඔබේ ජංගම දුරකථන අංකයට ස්වයං ඩයලනය කළ හෝ පෙර පටිගත කළ පණිවිඩ ඇමතුම් හෝ පෙළ ලැබීමට ඔබ එකඟ විය යුතු නැත. ඊමේල් ගනුදෙනු කුවිතාන්සියක් හරහා, ඔබගේ ගිණුම් සැකසීම් තුළ හෝ PayPal පාරිභෝගික සේවාව සම්බන්ධ කර ගැනීම ඇතුළු ක්‍රම කිහිපයකින් ඔබේ ජංගම දුරකථන අංකයට ස්වයං ඩයලනය කළ හෝ පෙර පටිගත කළ පණිවිඩ ඇමතුම් හෝ පෙළ ලැබීම ඔබට ප්‍රතික්ෂේප කළ හැකිය. පණිවිඩවල සංඛ්‍යාතය වෙනස් විය හැකි අතර සම්මත දුරකථන මිනිත්තුව සහ පෙළ ගාස්තු අදාළ විය හැකිය. ප්‍රමාද වූ හෝ ලබා නොදුන් පණිවිඩ සඳහා අප හෝ ඔබගේ දුරකථන වාහකයන් වගකිව යුතු නොවේ. කෙසේ වෙතත්, අපට ඔබ සමග කතා කිරීමට අවශ්‍ය නම් අප වෙනත් ක්‍රම භාවිතයෙන් තවදුරටත් ඔබට ඇමතීමට ඉඩ ඇත.
ඕනෑම PayPal ගිණුමක් හෝ ගනුදෙනු තොරතුරු සහ PayPal සේවාවන් සම්බන්ධව PayPal ඔබ සමග ඉලෙක්ට්‍රොනිකව සන්නිවේදනය කිරීමට ඉඩ ඇත. ඔබගේ මූලික ඊමේල් ලිපිනය යාවත්කාලීනව තබා ගැනීම ඔබේ වගකීම වන අතර එවිට PayPal හට ඔබ සමඟ ඉලෙක්ට්‍රොනිකව සන්නිවේදනය කළ හැකිය. PayPal ඔබට ඉලෙක්ට්‍රොනික් සන්නිවේදනයක් යවන නමුත් ගොනුවේ ඇති ඔබේ මූලික ඊමේල් ලිපිනය වැරදි වීම, යල්පැන තිබීම, ඔබේ සේවා සැපයුම්කරු විසින් අවහිර කර තිබීම හෝ වෙනත් හේතුවක් නිසා ඉලෙක්ට්‍රොනික් සන්නිවේදනයන් ලබා ගැනීමට නොහැකි නම්, PayPal සන්නිවේදනය ඵලදායී ලෙස ඔබට ලබා දී ඇති බව සලකනු ලැබේ.
ඔබගේ ඊමේල් ලිපින පොතේ ලැයිස්තුගත කර නැති යවන්නාගේ ඊමේල් අවහිර කරන හෝ නැවත හරවන අයාචිත තැපැල් පෙරහනක් ඔබ භාවිතා කරන්නේ නම්, ඔබ ඔබේ ඊමේල් ලිපින පොතට PayPal එක් කළ යුතු අතර එවිට අපි ඔබට එවන සන්නිවේදනයන් ඔබට දැකගත හැකි වනු ඇත.
PayPal වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ඕනෑම වේලාවක ඔබේ මූලික ඊමේල් ලිපිනය හෝ වීදි ලිපිනය යාවත්කාලීන කළ හැකිය. PayPal විසින් ඔබ වෙත එවන ලද ඉලෙක්ට්‍රොනික් සන්නිවේදනයන් ආපසු එවනු ලබන පරිදි ඔබගේ ඊමේල් ලිපිනය අවලංගු වුවහොත්, PayPal ඔබගේ ගිණුම අක්‍රිය බව සලකනු ඇති අතර, වලංගු, වැඩ කරන මූලික ඊමේල් ලිපිනයක් අපට ලැබෙන තුරු ඔබේ PayPal ගිණුම භාවිතයෙන් කිසිදු ක්‍රියාකාරකමක් කිරීමට ඔබට නොහැකි වනු ඇත.
ඉලෙක්ට්‍රොනික් සන්නිවේදනයන් ලබා ගැනීම සඳහා ඔබේ කැමැත්ත ඉල්ලා අස්කර ගන්නේ නම් ඔබේ ගිණුම වසා දැමීමේ අයිතිය PayPal සතුය.
යම් සන්නිවේදනයක් අප අපේ වෙබ් අඩවියේ පළ කර හෝ ඔබ වෙත ඊමේල් මගින් එවා පැය 24කට පසු විද්‍යුත් මාර්ගයෙන් බෙදා හැරුණේ නම් එය ඔබ වෙත ලැබුණු බව සැලකේ. යම් සන්නිවේදනයක් අප විසින් එවා වැඩ කරන දින 3කට පසු තැපෑලෙන් ඔබට බෙදා හැරුණේ නම් එය ඔබ වෙත ලැබුණු බව සැලකේ.
අප විසින් වෙනත් නිවේදන ලිපිනයක් විශේෂයෙන් දක්වා ඇති කාරණයක් සම්බන්ධයෙන් ඔබ අප සමග සන්නිවේදනයේ යෙදෙන්නේ නම් විනා (උදාහරණ ලෙස, බලය නොලත් ගනුදෙනු සහ වෙනත් දෝෂ සඳහා අපේ වගකීම් ක්‍රියාවලිය), PayPal වෙත වන ලිඛිත නිවේදන තැපෑලෙන් මෙම ලිපිනයට යොමු කළ යුතු යි: PayPal Pte. Ltd., Attention: Legal Department, 5 Temasek Boulevard #09-01, Suntec Tower Five, Singapore 038985.
නීතියෙන් අවසර දී ඇති තාක් දුරට, ඔබ හෝ ඔබ වෙනුවෙන් ක්‍රියා කරන ඕනෑම අයෙකු තත්ත්ව පාලනය සහ පුහුණු අරමුණු සඳහා හෝ අපගේම ආරක්ෂාව සඳහා PayPal හෝ එහි නියෝජිතයන් සමඟ ඇති දුරකථන සංවාද වැඩිදුර දැනුම්දීමකින් හෝ අනතුරු ඇඟවීමකින් තොරව PayPal විසින් අධීක්ෂණය කිරීම හෝ පටිගත කිරීම සිදු කළ හැකි බව ඔබ තේරුම් ගෙන එකඟ වේ. PayPal සමඟ ඔබේ සන්නිවේදනයන් ඔබගේ දැනුවත් බවකින් තොරව ඇසිය හැකි, අධීක්ෂණය කළ හැකි හෝ පටිගත කළ හැකි වුවත්, සියලු දුරකථන මාර්ග හෝ ඇමතුම් PayPal විසින් පටිගත නොකරනු ඇති බව ඔබ පිළිගෙන ඇති අතර, කිසියම් විශේෂිත දුරකථන ඇමතුම්වල පටිගත කිරීම් රඳවා තබා ගැනීමට හෝ ලබා ගත හැකි බවට PayPal සහතික නොවේ.
PayPal හට තම තනි අභිමතය පරිදි, ඕනෑම හේතුවක් නිසා සහ ඕනෑම වේලාවක ඔබ වෙත දැනුම් දීමෙන් පසුව මෙම පරිශීලක ගිවිසුම, අප විසින් හෝ අප වෙනුවෙන් යමෙක් විසින් ක්‍රියා කරවනු ලබන වෙබ් අඩවි, මෘදුකාංග, පද්ධති (ඕනෑම PayPal සේවාවක් සැපයීමට භාවිතා කරන ඕනෑම ජාල සහ සේවාදායකයන් ඇතුළුව) සියලුම හෝ සමහර PayPal සේවාවන් වෙත පිවිසීම හෝ භාවිතා කිරීම අත්හිටුවීමට හෝ අවසන් කිරීම සඳහා අයිතිය ඇති අතර, මෙම පරිශීලක ගිවිසුම අවසන් වූ පසු, ඔබේ PayPal ගිණුම් ශේෂයේ රඳවාගෙන ඇති සීමා නොකළ අරමුදල් කිසිවක් ඔබට ගෙවීම සඳහා අයිතිය ඇත.
මෙම පරිශීලක ගිවිසුම යටතේ ඔබේ වගකීම් ඉටුකිරීමේ ආරක්ෂණයක් ලෙස, ඔබ PayPal සන්තකයේ ඇති ඔබේ PayPal ගිණුම් ශේෂය වෙනුවෙන් PayPal වෙත උකසක් ලබා දෙන අතරම, එයට ආරක්ෂණ බැඳියාවක් ලබා දේ.
යම් හේතුවක් නිසා ඔබේ PayPal ගිණුමේ ශේෂය සෘණ අගයක් බවට පත් වුවහොත්, එම සෘණ ශේෂයෙන් පෙන්වන්නේ ඔබ PayPal වෙත ගෙවිය යුතු මුදලක් ඇති බව යි. ඔබ විසින් ඔබේ PayPal ගිණුමට එකතු කරනු ලබන අරමුදල් හෝ ඔබට ලැබෙන ගෙවීම්වලින් PayPal මෙම මුදල් හිලවු කරගත හැකි ය. ඔබට එක් PayPal ගිණුමකට වඩා තිබේ නම්, අපි ඔබේ එක් PayPal ගිණුමක ඍණ ශේෂයක් ඔබේ වෙනත් PayPal ගිණුමේ (ගිණුම්වල) ශේෂයෙන් හිලව් කළ හැකි ය. ඍණ ශේෂයක් ඇති විට දී ඔබ ඔබේ PayPal ගිණුම දිගටම භාවිතා කරන්නේ නම්, යම් හර කිරීමක් හෝ ගනුදෙනුවක් සිදු කිරීමට පෙර ඔබට දැනුම් දී ඔබේ ගිණුමෙන් යවනු ලබන ඕනෑම ගනුදෙනුවකින් හෝ හර කිරීමකින් ඍණ ශේෂය ඒකාබද්ධ කිරීමට ඔබ PayPal හට බලය පවරයි.
ඔබ විවිධ මුදල් වර්ගවලින් PayPal ගිණුමක අරමුදල් රඳවාගෙන සිටී නම්, සහ යම් හේතුවක් නිසා එක් මුදල් වර්ගයක ශේෂය ඍණ අගයක් ගනී නම්, ඔබ වෙනත් මුදල් වර්ගයකින් පවත්වාගෙන යන අරමුදල් භාවිතා කරමින් PayPal විසින් සෘණ ශේෂය හිලව් කරනු ලැබිය හැක. අදාළ නොවන මුදල් වර්ගයකින් ඔබට දින 21ක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ සෘණ ශේෂයක් තිබේ නම්, PayPal විසින් මෙම ඍණ ශේෂය අදාළ මුදල් වර්ගයට පරිවර්තනය කරනු ලබයි. කුමන අවස්ථාවේ හෝ වේවා, ව්‍යවහාර මුදල් පරිවර්තනයක් සිදු කිරීම යෝග්‍ය වන අතර, මේ සඳහා PayPal හි ගනුදෙනු විනිමය අනුපාතය (අපගේ මුදල් පරිවර්තන ගාස්තුව ද ඇතුළුව) භාවිතා කරනු ලබයි.
ඉහත ඒවාට අමතරව ඔබ PayPal හෝ අපගේ අනුබද්ධිත සමාගමක් වෙත ගෙවිය යුතු ප්‍රමාද වූ ගාස්තුවක් වේ නම්, එවන් ඕනෑම ප්‍රමාද වූ ගාස්තුවක් PayPal විසින් ඔබේ PayPal ගිණුමෙන් හර කරනු ලැබිය හැක. මෙයට Xoom හෝ Braintree වැනි අපගේ විවිධ නිෂ්පාදන භාවිත කිරීම හේතුවෙන් ගෙවිය යුතු මුදල් ඇතුළත් වේ.
කිසියම් බංකොලොත්භාවය හෝ බංකොලොත් නීතියක යම් විධිවිධානයක් යටතේ ඔබ විසින් හෝ විපක්ෂව යම් නඩු කටයුත්තක් ආරම්භ කර ඇත්නම්, මෙම පරිශීලක ගිවිසුම බලාත්මක කිරීම සම්බන්ධයෙන් දරනු ලබන සියලු සාධාරණ වියදම් හෝ වියදම් (සාධාරණ නෛතික ගාස්තු සහ වියදම් ඇතුළුව) අය කර ගැනීමට අපට අයිතියක් ඇත.
ඔබ ලබන්නෙකුට කළ ගෙවීමක් PayPal විසින් අවලංගු කර ආපසු හරවන්නේ නම් (ඔබේ මුලපිරීමේදී හෝ වෙනත් ආකාරයකින්), PayPal හි අභිමතය පරිදි ගෙවීම් සම්බන්ධ ලබන්නාට සහ තෙවන පාර්ශවයන්ට PayPal ඔබේ අයිතිවාසිකම් උපකල්පනය කරන බවට ඔබ එකඟ වන අතර එම අයිතිවාසිකම් සෘජුව හෝ ඔබ වෙනුවෙන් අනුගමනය කළ හැකිය.
ඔබ හෝ වෙනත් අය විසින් මෙම පරිශීලක ගිවිසුම යටතේ ඔබගේ කිසිදු බැඳීමක් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපි අපොහොසත් වීම පසුකාලීන හෝ ඒ හා සමාන උල්ලංඝනයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපට ඇති අයිතිය අත්හරින්නේ නැත.
මෙම කොටසේදී, අපි PayPal Pte. Ltd. සමාගම සහ අපගේ අනුබද්ධ සමාගම් සහ ඔවුන්ගේ එක් එක් අධ්යක්ෂවරුන්, නිලධාරීන්, සේවකයින්, නියෝජිතයින්, හවුල් ව්‍යාපාර, සේවා සපයන්නන් සහ සැපයුම්කරුවන් සම්බන්ධව සඳහන් කිරීම සඳහා "PayPal" යන යෙදුම භාවිතා කරමු. අපගේ අනුබද්ධයන්ට අප පාලනය කරන, අපව පාලනය කරනු ලබන හෝ අප සමඟ පොදු පාලනය යටතේ පවතින සෑම ආයතනයක්ම ඇතුළත් වේ.
ඔබගේ PayPal ගිණුම හා ඔබ PayPal සේවාවන් භාවිතා කිරීම සම්බන්ධ ක්‍රියා සඳහා ඔබ PayPal වෙත ඔබ මුක්තිදානය ලබා දිය යුතුය. මෙම පරිශීලක ගිවිසුම උල්ලංඝනය කිරීම, ඔබ විසින් PayPal සේවාවන් නොමනා ලෙස භාවිතය හේතුවෙන් යම් තෙවන පාර්ශ්වයක අයිතියක් හෝ නීතියක් ඔබ විසින් උල්ලංඝනය වීම සහ/හෝ ඔබ විසින් ඔබගේ PayPal ගිණුම භාවිතා කිරීමට හෝ අප විසින් හෝ අප වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන අපගේ වෙබ් අඩවි, මෘදුකාංග, පද්ධති වෙත පිවිසීමට (PayPal සේවාවන් සැපයීමට භාවිතා කළ ඕනෑම ජාලයක් හෝ සර්වරයක්ද ඇතුළුව) හෝ ඔබ වෙනුවෙන් PayPal සේවාවන් භාවිතා කිරීමට ඔබ විසින් අවසරය ලබා දුන් තෙවන පාර්ශ්වයක ක්‍රියාකාරීත්වය හෝ අක්‍රිය බව විසින් හානියක් සිදුවූ කිසියම් තෙවන පාර්ශ්වයක් වෙත හෝ විසින් සිදු කෙරෙනෙ හිමිකම් පෑමක් හෝ ඉල්ලීමක් (සාධාරණ නීති ගාස්තුද ඇතුළුව) සම්බන්ධව PayPal ආරක්ෂා කිරීමට, මුක්තිදානය ලබාදීමට සහ හානි විරහිතව තැබීමට ඔබ එකඟ වේ.
ඔබගේ PayPal ගිණුම සහ ඔබ PayPal සේවාවන් භාවිතා කිරීම සම්බන්ධයෙන් PayPal හි වගකීම සීමා වේ. නීතියෙන් තහනම් කර නොමැති නම් හෝ එසේ ඇති තාක් දුරට අප විසින් හෝ අප වෙනුවෙන් ක්‍රියාකෙරෙන වෙබ් අඩවි, මෘදුකාංග, පද්ධති (PayPal සේවාවන් සැපයීමට භාවිතා කළ ඕනෑම ජාලයක් හෝ සර්වරයක්ද ඇතුළුව), ඕනෑම PayPal සේවාවක්, හෝ මෙම පරිශීලක ගිවිසුම සම්බන්ධව ඇතිවෙන හෝ ඊට සම්බන්ධව පැන නගින (දත්ත නැතිවීම හෝ ව්‍යාපාර නැතිවීම ඇතුළුව එහෙත් ඒවාට සීමා නොවී) නැතිවූ ලාභ හෝ කිසියම් විශේෂ, ආනුෂංගික හෝ ප්‍රතිවිපාක හානියක් සම්බන්ධව PayPal වග කියනු නොලබයි.
ඕනෑම අවස්ථාවක ඔබට හෝ ඕනෑම තෙවන පාර්ශවයකට අපගේ වගකීම සත්‍ය සෘජු හානියේ ප්‍රමාණයට සීමා වේ. ඊට අමතරව, අදාළ නීතියෙන් අවසර දී ඇති ප්‍රමාණයට, පහත දේවලින් ඍජුව හෝ වක්‍රව ඇතිවන කිසියම් හානියක් හෝ අලාභයක් සඳහා (මුදල්, හොඳහිත, හෝ කීර්තිය, ලාභය අහිමිවීම හෝ වෙනත් විශේෂ,වක්‍ර හෝ ආනුෂාංගික හානි ඇතුළු එහෙත් ඒවාට පමණක් සීමා නොවී) PayPal වගකිව යුතු නැති අතර, ඔබ PayPal වගකිවයුතු නොකිරීමට එකඟ වේ: (1) අපගේ වෙබ් අඩවි, මෘදුකාංග, අප විසින් හෝ අප වෙනුවෙන් ක්‍රියාත්මක වන පද්ධති (ඕනෑම PayPal සේවාවක් සැපයීමට භාවිතා කරන ඕනෑම ජාල සහ සර්වරයන් ඇතුළුව) හෝ ඕනෑම PayPal සේවාවන් භාවිතා කිරීම හෝ භාවිතා කිරීමට ඔබට ඇති නොහැකියාව; (2) අපගේ වෙබ් අඩවි, මෘදුකාංග, අප විසින් හෝ අප වෙනුවෙන් ක්‍රියාත්මක වන පද්ධතිවල සහ ඕනෑම PayPal සේවාවන්ගේ ප්‍රමාදයන් හෝ කඩාකප්පල් කිරීම් (ඕනෑම PayPal සේවාවක් සැපයීමට භාවිතා කරන ඕනෑම ජාල සහ සේවාදායකයන් ඇතුළුව); (3) අපගේ වෙබ් අඩවි, මෘදුකාංග, අප විසින් හෝ අප වෙනුවෙන් ක්‍රියාත්මක වන පද්ධති (ඕනෑම PayPal සේවාවක් සැපයීමට භාවිතා කරන ඕනෑම ජාල සහ සේවාදායකයන් ඇතුළුව), ඕනෑම PayPal සේවාවන් හෝ ඕනෑම වෙබ් අඩවියකට හෝ අපගේ වෙබ් අඩවි වලට සම්බන්ධ සේවාව වෙත පිවිසීමේදී ලැබෙන වෛරස හෝ වෙනත් හානිකර මෘදුකාංග; (4) අපගේ වෙබ් අඩවි, මෘදුකාංග, අප විසින් හෝ අප වෙනුවෙන් ක්‍රියාත්මක වන පද්ධති (ඕනෑම PayPal සේවාවක් සැපයීමට භාවිතා කරන ඕනෑම ජාල සහ සේවාදායකයන් ඇතුළුව), ඕනෑම PayPal සේවාවක්, හෝ ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු සහ ග්‍රැෆික්ස් තුළ ඇතිවන දෝෂ හෝ ක්‍රියා විරහිත වීම්, වැරදි; (5) තෙවන පාර්ශවයන්ගේ අන්තර්ගතය, ක්‍රියා විරහිත බව හෝ ක්‍රියාකාරීත්වය; (6) ඔබගේ PayPal ගිණුමට අදාළව අත්හිටුවීමක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීම; හෝ (7) මෙම පරිශීලක ගිවිසුමේ හෝ PayPal හි ප්රතිපත්තිවල වෙනස්වීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔබේ භාවිතයන්, අන්තර්ගතයන් හෝ හැසිරීම් වෙනස් කිරීමට හෝ ව්‍යාපාර කිරීමට ඔබට ඇති නොහැකියාව හෝ නැතිවීම.
PayPal සේවාවන් සපයනු ලබන්නේ "පවතින ආකාරයට" සහ ප්‍රකාශිත, ව්‍යංග හෝ ව්‍යවස්ථාපිත වුවත් කිසිඳු නියෝජනයක් හෝ වගකීමක් නොමැතිවයි. PayPal විසින් නිශ්චිතවම හිමිකම්, වෙළඳාමේ හැකියාව, විශේෂිත කටයුත්තක් සඳහා යෝග්‍යතාවය සහ උල්ලංඝනය නොකිරීම යන වගකීම් වියාචනය කරයි.
ගෙවීම් ක්‍රමයක් ලෙස PayPal පිළිගන්නා අලෙවිකරුවන් විසින් සපයනු ලබන නිෂ්පාදන හෝ සේවාවන් කෙරෙහි PayPal ට කිසිඳු පාලනයක් නොමැති අතර, ඔබ ගනුදෙනු කරන ගැණුම්කරුවෙකු හෝ විකුණුම්කරුවෙකු ඇත්ත වශයෙන්ම ගනුදෙනුව සම්පූර්ණ කරන බවට හෝ එසේ කිරීමට බලය ඇති බවට PayPal ට සහතික විය නොහැක. PayPal සේවාවන්හි ඕනෑම කොටසකට අඛණ්ඩ, අච්ඡින්න හෝ ආරක්ෂිත ප්‍රවේශයක් PayPal විසින් සහතික නොකරන අතර, අප විසින් හෝ අප වෙනුවෙන් ක්‍රියාත්මක වන අපගේ වෙබ් අඩවි, මෘදුකාංග හෝ පද්ධතිවල ක්‍රියාකාරිත්වය (ඕනෑම PayPal සේවාවක් සැපයීමට භාවිතා කරන ඕනෑම ජාල සහ සේවාදායකයන් ඇතුළුව) අපගේ පාලනයෙන් බැහැර බොහෝ සාධක වලට බාධා ඇති විය හැකිය. PayPal සේවාවන් අපගේ පාලනයෙන් බැහැර බැංකු පද්ධතියේ ප්‍රමාදයන් හෝ තැපැල් සේවය වැනි බොහෝ සාධක මත රඳා පවතින් බැවින් බැංකු ගිණුම්, හර පත්, ණයපත් සහ චෙක්පත් නිකුත් කිරීම් සම්බන්ධ ඉලෙක්ට්‍රොනික් හර සහ බැර සඳහා වන ඉල්ලීම් කාලෝචිත ආකාරයකින් ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා PayPal සාධාරණ උත්සාහයක් ගනු ඇති නමුත් PayPal විසින් සැකසුම් සම්පූර්ණ කිරීමට ගතවන කාලය පිළිබඳව කිසිඳු නිරූපණයක් හෝ වගකීමක් ලබා නොදේ. මෙම ඡේදය මඟින් ඔබට නිශ්චිත නෛතික අයිතිවාසිකම් ලබා දෙන අතර රට/කලාපයෙන් රට/කලාපය අනුව වෙනස් වන වෙනත් නීතිමය අයිතිවාසිකම් ද ඔබට තිබිය හැකිය.
ඔබට වෙනත් PayPal ගිණුම් හිමිකරුවෙකු සමග මතභේදයක් තිබේ නම්, එම මතභේද වලින් හෝ ඊට සම්බන්ධ ඕනෑම ආකාරයකින් ඇතිවන, ඔබ දන්නා සහ නොදන්නා, ඕනෑම ආකාරයක සහ ස්වභාවයේ ඕනෑම ආකාරයක සහ සියලු හිමිකම්, ඉල්ලීම් සහ හානිවලින් (සත්‍ය හා ප්‍රතිවිපාක) PayPal නිදහස් කරයි. මෙම නිදහස් කිරීමට ඇතුල්වීමේදී, ඔබ මෙම නිදහස් කිරීමට එකඟ වන අවස්ථාවේ දී ඔබ දැන සිටි හෝ ඔබට වාසිදායක යැයි සැක කළ හැකි හිමිකම් පමණක් ඇතුළත් කිරීම සඳහා මෙම නිදහස් කිරීම ආවරණය කිරීම සීමා කරන ඕනෑම ආරක්ෂාවක් ඔබ අතහැර දමයි.
ඔබ සහ PayPal අතර මතභේදයක් ඇති වුවහොත්, ගැනුම්කරුවෙකු හෝ අලෙවිකරුවෙකු ලෙස ක්‍රියා කරන්නේ නම්, අපගේ අරමුණ වන්නේ ඔබේ ගැටළු පිළිබඳව ඉගෙන ගෙන ඒවාට විසඳුම් ලබා දීමයි. ඔබගේ තෘප්තියට අපට එය කළ නොහැකි නම්, මතභේදය ඉක්මනින් විසඳීම සඳහා මධ්‍යස්ථ හා ලාභදායී මාධ්‍යයක් ඔබට ලබා දීමට අපි අපේක්ෂා කරමු. සේවාවන් සම්බන්ධයෙන් ඔබ සහ PayPal අතර ආරවුල් PayPal පාරිභෝගික සේවයට වාර්තා කළ හැකිය.
$10,000 USD ට වඩා අඩු (හෝ වෙනත් සමාන මුදලක්) ඕනෑම හිමිකම් පෑමක් සඳහා (තහනම් නියෝග හෝ වෙනත් සමාන සහන සඳහා වන හිමිකම් හැර), පෙනී නොසිටීම මත පදනම් වූ බේරුම්කරණය හරහා බැඳීමෙන් මතභේදය ඵලදායී ලෙස විසඳීමට ඔබට තෝරා ගත හැකිය. ඔබ බේරුම්කරණය තෝරා ගන්නේ නම්, ඔබ සහ අප විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ස්ථාපිත විකල්ප මතභේද විසඳීමේ ("ADR") සැපයුම්කරුවෙකු හරහා ඔබ එම බේරුම්කරණය ආරම්භ කරනු ඇත. ADR සපයන්නා සහ පාර්ශවයන් පහත සඳහන් නීතිවලට අනුකූල විය යුතුය: (a) බේරුම්කරණය ඔබ තෝරා ගන්නා යම් නිශ්චිත ලෙසකට දුරකථන මගින්, මාර්ගගතව සහ/හෝ තනිකරම ලිඛිත ඉදිරිපත් කිරීම් මත පදනම් විය යුතුය; (b) පාර්ශ්වයන් විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ නොවන්නේ නම් බේරුම්කරණයට පාර්ශවකරුවන් හෝ සාක්ෂිකරුවන් විසින් පෞද්ගලිකව පෙනී නොසිටිනු ඇත; සහ (c) බේරුම්කරු විසින් පිරිනමනු ලබන සම්මානය පිළිබඳ ඕනෑම තීන්දුවක් ඕනෑම අධිකරණ බල ප්‍රදේශයකට ඇතුළත් කළ හැකිය.
"PayPal.com,", "PayPal" හා PayPal සේවාවට අදාළ සියලු ලාංඡන PayPal හෝ PayPal හි බලපත්රදායකයන්ගේ වෙළෙඳ ලකුණු හෝ ලියාපදිංචි වෙළෙඳ ලකුණු වේ. PayPal හි පූර්ව අනුමැතියකින් තොරව ඒවා පිටපත් කිරීමට, අනුකරණය කිරීමට, විකරණය හෝ භාවිතා කිරීම ඔබ විසින් නොකළ යුතුය. ඊට අමතරව, සියලු පිටු ශීර්ෂ, අභිමත චිත්‍රණ, බොත්තම් නිරූපක හා පිටපත් PayPal හි සේවා ලකුණු, වෙළෙඳ ලකුණු හා/හෝ වෙළෙඳ ආවරණ වේ. අපගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව ඔබ ඒවා පිටපත් කිරීම, අනුකරණය කිරීම, විකරණය හෝ භාවිතා කිරීම නොකළ යුතුය. PayPal සේවා වෙත වෙබ් තදබදය මාර්ගනය කිරීම සඳහා PayPal විසින් සපයා ඇති HTML ලාංඡන භාවිතා කිරීමට ඔබට හැකිය. ඔබ මෙම HTML ලාංඡන කිනම් හෝ ආකාරයකින් මදක් වෙනස් කිරීමට, විකරණය කිරීමට හෝ වෙනස් කිරීමට හෝ PayPal හෝ PayPal සේවා වැරදි ලෙස විශේෂණය කරන ආකාරයකින් භාවිතා කිරීමට හෝ PayPalහි අනුග්‍රාහකත්වය හෝ පිටසන හැඟවෙන කවර හෝ ආකාරයකින් ඒවා ප්‍රදර්ශනය නොකළ යුතුය. PayPal වෙබ් අඩවි, ඒවායේ ඇති කිනම් හෝ අන්තර්ගතයක්, PayPal සේවා, PayPal සේවාවලට අදාළ තාක්ෂණය සහ උක්ත කවරකින් හෝ තැනූ හෝ ව්‍යුත්පන්න කරන ලද සෑම සියලු තාක්ෂණයන් හා කිනම් හෝ අන්තර්ගතයන් PayPal හි හා එහි බලපත්රදායකයන්ගේ අනන්‍ය දේපළ වන්නේය.
ඔබ විසින් වෙබ් හෝ ජංගම වේදිකාවක් හරහා බාගෙන හෝ වෙනත් ආකාරයකින් පිවිසී ඇති, අපගේ සේවා සපයන්නන්ගේ මෘදුකාංග, පද්ධති හෝ සේවා විසින් සපයන ලද හෝ අන්තර්ගත කර ඇති මෘදුකාංග ඇතුළත් API එකක්, සංවර්ධකයාගේ මෙවලම් කට්ටලයක් හෝ වෙනත් මෘදුකාංග යෙදුමක් වැනි PayPal මෘදුකාංගය භාවිතා කරන්නේ නම්, එවිට එම මෘදුකාංගයට අදාළ ලේඛනවලට අනුව PayPal හි මෘදුකාංගයට පිවිසීමට සහ/හෝ භාවිතා කිරීමට PayPal විසින් ඔබට ආපසු කැඳවිය හැකි, බහිෂ්කාර නොවන, උඵ බලපත්‍ර දිය නොහැකි, පැවරිය නොහැකි, කතු හිමිකම් රහිත සීමිත බලපත්‍රයක් ප්රදානය කරයි. මෙම බලපත්‍ර ප්රදානය මෘදුකාංගයට හා සියලු යාවත්කාලීන, උත්ශ්‍රේණිගත කිරීම්, නව අනුවාද හා ආදේශ මෘදුකාංගවලට අදාළ වේ. ඔබ විසින් මෘදුකාංගයට ඇති ඔබේ අයිතීන් තෙවැනි පාර්ශ්වයක් වෙත කුලියට හෝ බද්දට දීම හෝ වෙනත් ආකාරයකින් මාරු කිරීම නොකළ යුතුය. ඔබ PayPal සේවාවලට අදාළ සියලු ලියකියවිලිවල ඇතුළත් ක්‍රියාත්මක කිරීමේ, ප්‍රවේශ වීමේ හා භාවිතා කිරීමේ අවශ්‍යතාවලට අනුකූලතාව දැක්විය යුතුය. ඔබ ක්‍රියාත්මක කිරීමේ, ප්‍රවේශ වීමේ හා භාවිතා කිරීමේ අවශ්‍යතාවලට අනුකූලතාව නොදක්වයි නම් ඔබ, PayPal සහ තෙවන පාර්ශ්ව විසින් දරන්නට යෙදෙන සියලු ආනුෂංගික විපාකවලට ඔබ විසින් වග කිව යුතු වේ. PayPal විසින් ඔබට නිවේදනයක් නිකුත් කර කිනම් හෝ මෘදුකාංගයක් යාවත්කාලීන කිරීම හෝ නැවැත්වීම කළ හැකිය. PayPal (1) එහි මෘදුකාංග ද ඇතුළත්ව යම් යම් තෙවැනි පාර්ශ්වීය ද්‍රව්‍ය හා තාක්ෂණයන් කවර වෙබයක් හෝ වෙනත් යෙදුමකට ඒකාබද්ධ කර තිබීමට සහ/හෝ (2) ඔබට PayPal සේවා සැපයීම සඳහා අවශ්‍ය ඔබ වෙත අවසර ලබා දී නොමැති හෝ වෙනත් ආකාරයකින් එවැනි තෙවැනි පාර්ශ්වයන් තුළ හෝ ඒ වෙත කිසිදු අයිතියක් රඳවාගෙන නොමැති තෙවැනි පාර්ශ්වීය ද්‍රව්‍ය හා තාක්ෂණයන් වෙත ප්‍රවේශ වී ඒවා භාවිතා කරනු ලැබ තිබීමට ඉඩ ඇත. මෘදුකාංගය හෝ කවර හෝ තෙවැනි පාර්ශ්වීය ද්‍රව්‍යයන් හෝ තාක්ෂණයන් වෙතින් ව්‍යුත්පන්න කළ කවර හෝ මූල කේතයක් විකරණය, වෙනස් කිරිම, අපවේශනය, අලුත්වැඩියා කිරීම, පිටපත් කිරීම, ප්රතිනිෂ්පාදනය, අනුගත කිරිම, බෙදා හැරීම, සංදර්ශනය, ප්‍රසිද්ධ කිරීම, ප්‍රතිලෝම නිර්මාණය, පරිවර්තනය, වෙන් කිරීම, විසංයුක්ත කිරීම හෝ වෙනත් ආකාරයකින් නිර්මාණය කිරීමට තැත් කිරීම හෝ කවර හෝ මෘදුකාංග හෝ තෙවැනි පාර්ශ්වීය ද්‍රව්‍ය හෝ තාක්ෂණයන් වෙතින් වෙනත් ආකාරයකින් ව්‍යුත්පන්න කෘති නිර්මාණය කිරීමෙන් වැළකීමට ඔබ එකඟ වෙයි. PayPal හි මෘදුකාංග වෙත සියලු අයිතීන්, හිමිකම හා ලැදියාව PayPal සතු වන බව ද ඊට ඒකාබද්ධ කරන ලද කිනම් හෝ තෙවැනි පාර්ශ්වීය ද්‍රව්‍යයන් PayPalහි තෙවැනි පාර්ශ්වීය සේවා සම්පාදකයින් සතු බව ද ඔබ පිළිගනී. ඔබ විසින් PayPal වෙබ් අඩවි මත භාවිතා කරන කිනම් හෝ තෙවැනි පාර්ශ්වීය මෘදුකාංග යෙදුමක් ඔබට මෙම මෘදුකාංගය සපයන තෙවැනි පාර්ශ්වය සමග ඔබ එකඟ වූ බලපත්‍රයට යටත් වේ. ඔබ විසින් අපගේ වෙබ් අඩවි, මෘදුකාංග මත හා/හෝ PayPal සේවා හා සම්බන්ධව භාවිතා කිරීමට තෝරා ගන්නා එබඳු තෙවැනි පාර්ශ්වීය යෙදුම්වල අයිතියක් හෝ පාලනයක් හෝ ඒවා පිළිබඳව යම් වගකීමක් හෝ බැඳීමක් ද PayPal වෙත නැති බව ඔබ පිළිගනී. ඔබ PayPal වෙබ් අඩවිය මත හෝ PayPal විසින් හෝ වෙනත් තෙවැනි පාර්ශ්වයකින් සත්කාරකත්වයේ යෙදෙන වෙනත් මණ්ඩපයක PayPal සේවා භාවිතා කරන්නේ නම් හා PayPal හි මෘදුකාංගය බාගන්නේ නැතිනම් හෝ PayPal වෙබ් අඩවිය මත ඇති තෙවැනි පාර්ශ්වීය මෘදුකාංග යෙදුම් භාවිතා කරන්නේ නැතිනම්, මෙම වගන්තිය ඔබේ සත්කාරක PayPal සේවා භාවිතයට අදාළ නොවේ.
ඔබ විසින් PayPal වෙත සපයන, උඩුගත කරන, ඉදිරිපත් කරන හෝ යවන අන්තර්ගතයන්ගේ හිමිකාරීත්වයට PayPal හිමිකම් නොකියයි. ඔබේ අන්තර්ගතයන්ට අදාළ ගෙවීම් සේවා සැපයීම සඳහා PayPal සේවා භාවිතා කරන තෙවැනි පාර්ශ්වීය වෙබ් අඩවි හෝ යෙදුම් මත ඔබ සත්කාරකත්වයේ යෙදෙන අන්තර්ගතයේ හිමිකාරීත්වය PayPal හිමිකම් නොකියයි. ඊළඟ ඡේදයට යටත්ව, ඔබ PayPal වෙත අන්තර්ගතය සපයන විට හෝ PayPal සේවා භාවිතයෙන් අන්තර්ගත පළ කරන විට, ඔබ අපට ඔබේ අන්තර්ගතය හා ආශ්රිත බුද්ධිමය දේපළ හා දැන් හෝ අනාගතයේ දන්නා කිනම් හෝ මාධ්‍යයක ප්‍රසිද්ධ කිරීමේ හිමිකම් (හා ඒ සමග වැඩ කරන පාර්ශ්වයන් වෙත භාවිතා කිරීම සඳහා) අපගේ වත්මන් සේවා වැඩි දියුණු කිරීමට ක්‍රියාත්මක කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට සහ නව ඒවා සංවර්ධනය කිරීමට උපකාර කිරීමට, PayPal වෙත අනන්‍ය නොවූ, ආපසු කැඳවිය නොහැකි, ප්‍රකාශන හිමිකම රහිත, මාරු කළ හැකි හා ලෝකව්‍යාප්ත බලපත්‍රයක් ලබා දෙයි. PayPal ඔබේ කිනම් හෝ අන්තර්ගතයක් සඳහා ඔබට ප්‍රතිපූරණය කිරීමක් ලබා නොදෙයි. PayPal හි ඔබේ අන්තර්ගතයේ භාවිතය කිනම් හෝ බුද්ධිමය දේපළ හෝ ප්‍රසිද්ධ කිරීමේ අයිති උල්ලංඝනය නොකරන බවට ඔබ පිළිගනී. තවදුරටත්, ඔබ සපයන සියලු අන්තර්ගතවල අයිතීන් ඔබ සතු වන බව හෝ වෙන යම් ආකාරයකින් ඔබ විසින් පාලනය කරන බව ඔබ විසින් පිළිගෙන සහතික වන අතර ඔබ ඔබේ සදාචාර අයිතිවාසිකම් අත් හැරීමට හා PayPal ට එරෙහිව එබඳු හිමිකම් භාවිතා නොකිරීමට පොරොන්දු වෙයි. ඔබ විසින් පහත කිසිවකින් කිනම් හෝ බුද්ධිමය දේපළක් හෝ ප්‍රසිද්ධිය පිළිබඳ අයිතියක් උල්ලංඝනය නොකරන බව නියෝජනය කරමින් එකඟ වෙයි: ඔබ විසින් PayPal වෙත අන්තර්ගත සැපයීම, PayPal සේවා භාවිතයෙන් ඔබ විසින් අන්තර්ගත පළ කිරීම හා PayPal විසින් PayPal සේවා සම්බන්ධව එබඳු අන්තර්ගත (ඉන් ව්‍යුත්පන්න කරන ලද කෘතීන් ද ඇතුළුව) භාවිතා කිරීම.
උක්ත ඡේදයේ සම්පාදනයන්හි පටහැනිව කුමක් සඳහන්ව තිබුණ ද, ඔබ භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් පිළිගැනීමට PayPal සේවා භාවිතා කරන අලෙවිකරුවකු නම්, ඔබ විසින් (1) ගෙවීම් ක්‍රමයක් ලෙස PayPal සේවාව පිළිගන්නා ව්‍යාපාරිකයෙකු ලෙස ඔබව හඳුනාගෙන ඔබ සමග පාරිභෝගික ගනුදෙනු කිරීමට ඉඩ සලසා දීම හා (2) ඔබ විසින් විශේෂයෙන් කැමැත්ත පළ කරන වෙනත් කිනම් හෝ භාවිතාවක් සඳහා මෙම පරිශීලක ගිණුමේ කාලසීමාව ඇතුළත මින් ලෝකව්‍යාප්ත, අනන්‍ය නොවූ, මාරු කළ හැකි, උප බලපත්‍ර ගැන්වීය හැකි (විවිධ ස්ථර ඔස්සේ) සහ රාජ්‍ය භාග රහිත, සම්පූර්ණයෙන් ගෙවන ලද, ඔබේ වෙළෙඳ ලකුණු (ලියාපදිංචි කළ හා ලියාපදිංචි නොකළ වෙළෙඳ ලකුණු, වෙළෙඳ නාම, සේවා සලකුණු, ලාංඡන, වසම් නම් හා වෙනත් ඔබට බලපත්‍ර ගැන්වූ, ඔබට අයිති හෝ ඔබ විසින් භාවිතා කරන වෙනත් පැවරීම් ද ඇතුළුව ඒවාට සීමා නොවූ) භාවිතා කිරීමට හා ප්‍රසිද්ධියේ සංදර්ශනය කිරීමට අයිතියක් PayPal හා එහි අනුබද්ධිත ආයතන සඳහා ලබා දෙයි.
ඔබට මෙම පරිශීලක ගිවිසුම යටතේ ඔබ සතුව ඇති කිනම් හෝ අයිතියක් හෝ වගකීමක් PayPal හි පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව මාරු කිරීමට හෝ පැවරීමට නොහැක. PayPal විසින් මෙම පරිශීලක ගිවිසුම හෝ මෙම පරිශීලක ගිවිසුම යටතේ පවතින කිනම් හෝ අයිතියක් හෝ වගකිමක් ඕනෑම මොහොතක මාරු කිරීමට හෝ පවරනු ලැබීමට හැකිය.
"වැඩ කරන දින(ය)" යන්නෙන් අදහස් වන්නේ සිංගප්පූරුව තුළ පිළිගන්නා ජාතික නිවාඩු දින හැර සඳුදා සිට සිකුරාදා දක්වා දිනයන්ය.
ඔබ විසින් වසර දෙකක් හෝ වැඩි කාලයක් සඳහා ඔබේ PayPal ගිණුම වෙත ලොගින් නොවූයේ නම්, PayPal විසින් ඔබේ PayPal ගිණුම වසා දමන අතර ඔබේ ගිණුමේ ඇති කිනම් හෝ හිමිකම් නොකියන ලද මුදලක් හිමිකම් නොකියූ මුදල්වලට අදාළ වන නීතීවලට යටත් වනු ඇත.
මෙම පරිශීලක ගිවිසුම හා PayPal වෙබ් අඩවියේ නෛතික ගිවිසුම් පිටුව මත ඇති කිනම් හෝ අදාළ වන ප්‍රතිපත්ති ඔබ හා PayPal අතර PayPal සේවා සම්බන්ධව සම්පූර්ණ අවබෝධය ගෙන හැර දක්වයි. එබඳු සියලු නියමයන් මෙම පරිශීලක ගිවිසුම පවාරණය වූ පසුව ද ඒවායේ ස්වරූපයෙන්ම දිගටම පැවතිය යුතු අතර එසේ පවතිනු ඇත. මෙම පරිශීලක ගිවිසුමේ කිනම් හෝ ප්රතිපාදනයක් වලංගු නොවන හෝ ක්‍රියාත්මක කළ නොහැකි ලෙස ඔප්පු වුවහොත්, එම ප්‍රතිපාදන ඉවත් වනු ඇති අතර ඉතිරි ප්‍රතිපාදන දිගටම බලාත්මක වනු ඇත.
මුළුමනින්ම සිංගප්පූරුව ඇතුළත එළැඹ ක්‍රියාත්මක වන ගිවිසුම්වලට සිංගප්පූරුවේ නීති අදාළ වන ආකාරයටම, නීති ප්‍රතිපාදනවල පිළිගැටුම් නොසලකා, මෙම ගිවිසුම එකී නීතිවලට අනුකූලව පාලනය හා අර්ථකථනය කෙරෙනු ලැබේ. පාර්ශ්වයන් විසින් වෙනත් අයුරකින් එකඟ වී ඇත්නම් විනා, ඔබට PayPal ට එරෙහිව තිබිය හැකි කිනම් හෝ හිමිකම් පෑමක් හෝ මතභේදක් සිංගප්පූරුවේ හෝ වගඋත්තරකරුවා පදිංචිව සිටින රටේ අධිකරණයක් මගින් විසඳිය යුතු බවට ඔබ එකඟ වේ. මෙම පරිශීලක ගිවිසුමෙන් හෝ අපගේ වෙබ් අඩවි හෝ සේවාවන් ඔබ විසින් භාවිතා කිරීම මගින් පැන නඟින කිනම් හෝ නඩු කටයුත්තක්, ක්‍රියාවක් හෝ වෙනත් කටයුතු සිංගප්පූරුව ඇතුළත පිහිටා ඇති අධිකරණවල අනන්‍ය නොවන අධිකරණ බලය වෙත යොමු කිරීමට ඔබ ආපසු හැරවිය නොහැකි ලෙස එකඟ වෙයි.
ඔබ විසින් PayPal ට එරෙහිව සිදු කරනු ලබන සියලුම හිමිකම් පෑම් මෙම පරිශීලක ගිවිසුමට අනුකූලව විසඳනු ලැබිය යුත්තේය. මෙම පරිශීලක ගිවිසුමට පටහැනි ලෙස ගොනු කරන ලද හෝ ඉදිරිපත් කරන ලද සියලු හිමිකම් පෑම් නිසි පරිදි ගොනු නොකරන ලද ලෙස සහ මෙම පරිශීලක ගිවිසුම කඩ කිරීමක් ලෙස සලකනු ලැබේ. ඔබ මෙම පරිශීලක ගිවිසුමට පටහැනිව හිමිකමක් ගොනු කරන්නේ නම්, PayPal විසින් නිසි පරිදි ගොනු නොකරන ලද හිමිකම් පෑම සම්බන්ධයෙන් ඔබට ලිඛිතව දැනුම් දී ඇති අතර ඔබ ඒ සමග වහාම හිමිකම් පෑම ඉල්ලා අස් කර ගැනීමට අපොහොසත් වූ බව සැලකීමෙන්, PayPal විසින් $1,000.00 USD දක්වා නීතීඥ ගාස්තු හා පිරිවැය (අභ්‍යන්තර නීතීඥ හා පාර නීතිඥ ගාස්තු ඇතුළුව) අය කර ගනු ලැබිය හැකිය.
ඍජුවම හෝ පාර්ශ්වයන් හරහා ඔබේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය යැයි අප හඟින ඕනෑම විමසුමක් සිදු කිරීමට ඔබ විසින් PayPal වෙත අවසර ලබා දේ. මීට අයත් විය හැක්කේ:
ඔබ විසින් PayPal සේවා භාවිතා කරන්නේ නම් ප්‍රති-මුදල් විශුද්ධිකරණ හා ත්‍රස්ත විරෝධී මූල්‍යන නීති මගින් PayPal විසින් යම් යම් හඳුනා ගැනීමේ තොරතුරු තහවුරු කර ගැනීම අවශ්‍ය කරනු ලැබිය හැක. සාධාරණ විමසීම්වලින් පසුවත්, අපට ඔබේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට නොහැකි නම්, එබඳු අවස්ථාවල දී ඔබේ PayPal ගිණුම හා/හෝ PayPal සේවා වසා දැමීම, අත් හිටුවීම හෝ ඒවා වෙත ප්‍රවේශය සීමා කිරීමේ අයිතිය PayPal රඳවා ගනී.
අප විසින් කටයුතු කරන්නේ ගෙවීම් සේවා සපයන්නෙකු ලෙස පමණි. අපි පහත දෑ නොකරමු:
ඔබ ඔබේ වෙබ් අඩවියේ PayPal සේවාවන් ඒකාබද්ධ කරන්නේ නම් හෝ වෙනත් ආකාරයකින් යොමු කරන්නේ නම්, PayPal විසින් ඔබේ වෙබ් අඩවිය ඇගයීමට සහ මෙම ගිවිසුමට අනුකූල වීම සහතික කිරීමට සහ ද්වේෂසහගත හෝ වංචනික ක්‍රියාකාරකම්වලට එරෙහිව කටයුතු කිරීමට ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකි හෝ ලබා ගත හැකි ඕනෑම දත්තයක් රැස් කිරීමට ස්වයංක්‍රීය තාක්ෂණයන් (උදා: වෙබ් අඩවි ක්රෝලිං) භාවිතා කළ හැක.
එවැනි තාක්ෂණයන් සම්බන්ධයෙන්, PayPal ඔබේ පාරිභෝගිකයාගේ පුද්ගලික දත්ත කිසිවක් රැස් නොකරයි. කෙසේ වෙතත්, ඔබ ඔබේ වෙබ් අඩවිවල පළ කරන ඔබ පිළිබඳ පුද්ගලික දත්ත අපි රැස් කරන අවස්ථා තිබිය හැක. එවැනි පුද්ගලික දත්ත මෙම කොටසේ විස්තර කර ඇති අරමුණු සඳහා සකසනු ලබන අතර අපගේ රහස්‍යතා ප්‍රකාශයට යටත් වේ.
ඔබේ රහස්‍යතාව සුරැකීම අපට ඉතා වැදගත් වේ. ඔබේ රහස්‍යතාව පවත්වා ගැනීම සඳහා අපේ කැපවීම මෙන්ම ඔබේ තොරතුරු අප විසින් භාවිතා කරන හා අනාවරණය කරන ආකාරය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා අපගේ රහස්‍යතා ප්‍රකාශය කියවා බලන්න.
මෙම නියම හා කිනම් හෝ ඍජුව හෝ වක්‍ර ලෙස සම්බන්ධ වන ලේඛන ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන බව පාර්ශ්වයන්ගේ ප්‍රකාශිත අපේක්ෂාව වේ. මෙම පරිශීලක ගිවිසුමේ කිනම් හෝ පරිවර්තනයක් සපයනු ලබන්නේ සපුරාම ඔබේ පහසුව සඳහා පමණක් වන අතර ඉන් මෙම පරිශීලක ගිවිසුමේ නියම වෙනස් කිරිමට අදහස් කරනු නොලැබේ. මෙම පරිශීලක ගිවිසුමේ ඉංග්‍රීසි අනුවාදය හා ඉංග්‍රීසි නොවන වෙනත් භාෂාවක අනුවාදයක ඝට්ටනයක් පැන නඟින අවස්ථාවක ඉංග්‍රීසි අනුවාදය බලාත්මක වන්නේය.
ඔබට (විකුණුම්කරුවෙකු ලෙස) වෙනත් PayPal ගනුදෙනුකරුවෙකු පිළිබඳ පුද්ගලික දත්ත ලැබෙන්නේ නම්, ඔබ එවැනි පුද්ගලික දත්ත රහසිගතව තබා ගත යුතු අතර එය PayPal සේවාවන් හා සම්බන්ධව පමණක් භාවිතා කළ යුතු යි. PayPal ගනුදෙනුකරුවන් පිළිබඳ කිසිදු පුද්ගලික දත්ත තෙවන පාර්ශවයකට හෙළි කිරීම හෝ බෙදා හැරීම හෝ අලෙවිකරණ අරමුණු සඳහා එවැනි පුද්ගලික දත්ත භාවිතා කිරීම නොකළ යුතු ය. ඔබ PayPal ගනුදෙනුකරුවකුට ඉල්ලුම් නොකළ ඊමේල් යැවීම හෝ තෙවන පාර්ශවයන්ට ඉල්ලුම් නොකරන ලද ඊමේල් යැවීමට හෝ යැවීමට සහාය වීමට PayPal සේවාවන් භාවිතා කිරීම හෝ නොකළ යුතු ය.
මෙම පරිශීලක ගිවිසුමට අනුකූලව ඔබ PayPal ගනුදෙනුකරුවෙකු පිළිබඳ පුද්ගලික දත්ත සැකසෙන තාක් දුරට, ඔබ සහ PayPal එක් එක් ස්වාධීන දත්ත පාලකයෙකු වනු ඇත (සහ ඒකාබද්ධ පාලකයන් නොවේ), එනම් අපි එවැනි පෞද්ගලික දත්ත සැකසීමේ අරමුණු සහ මාධ්‍යයන් වෙන වෙනම තීරණය කරමු. මෙම පරිශීලක ගිවිසුමට අදාළව දත්ත පාලකයන්ට අදාළ වන ඕනෑම අදාළ රෙගුලාසි, විධානයන්, ප්‍රායෝගික කේත සහ නියාමන අවශ්‍යතා ඇතුළුව අදාළ වන ඕනෑම පෞද්ගලිකත්වයක් සහ දත්ත ආරක්ෂණ නීතිවල අවශ්‍යතාවයන්ට අනුකූල වීමට අපි සෑම කෙනෙකුම එකඟ වෙමු. මෙම පරිශීලක ගිවිසුමට අදාළව අප විසින් ක්‍රියාවට නංවන එවැනි පුද්ගලික දත්ත සඳහා අප සෑම කෙනෙකුම ස්වාධීනව තීරණය කරන රහස්‍යතා ප්‍රකාශ, දැන්වීම්, ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි අප සතුව ඇත.
අදාළ දත්ත ආරක්ෂණ නීතිවලට අනුකූලව, අපි එක් එක් වශයෙන්:
PayPal සේවාවන්ට අදාළව ඔබ රැස් කරන ඕනෑම පුද්ගලික දත්තයක් (ඔබ ගනුදෙනුකරුවකුගේ වෙනම සම්බන්ධතාවයක් හරහා PayPal සේවා භාවිතයෙන් පිටත ලබා ගත් වෙනත් ආකාරයකින් ජනනය නොකරන ලද, එකතු කරන ලද හෝ ලබා ගත් ඒවා නොවේ) ඔබ භාවිතා කළ යුත්තේ සීමිත ප්‍රමාණයකට සහ PayPal සේවාවන්ට අවශ්‍ය සහ අදාළ වන ලෙසත් ගනුදෙනුකරුගේ පූර්ව ප්‍රකාශිත කැමැත්ත ලබා ගෙන ඇති ආකාරයට මිස වෙනත් කිසිදු කටයුත්තක් සඳහා නොවේ.
PayPal සේවා සැපයීම සඳහා අවශ්‍ය පරිදි රැස් කරන ලද, රටින් පිටත මෙම ගිවිසුමට අනුව සැකසූ පෞද්ගලික දත්ත PayPal වෙත මාරු කළ හැකි බවට පාර්ශ්ව එකඟ වෙති. මෙම එකතු කිරීම යටතේ ආරක්ෂිත පාරිභෝගික දත්ත PayPal විසින් දත්ත එක්රැස් කරන ලද රට සඳහා අදාළ නියාමන අධිකාරිය ප්‍රමාණවත් තීරණයක් නිකුත් නොකළ අධිකරණ බල ප්‍රදේශයකට මාරු කරන්නේ නම්, අදාළ දත්ත ආරක්ෂණ නීතිවලට අනුකූලව පාරිභෝගික දත්ත මාරු කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව PayPal සහතික කරයි. නිදසුනක් ලෙස, සහ රෙගුලාසි (EU) 2016/679 සමග අනුකූල වීමේ අරමුණු සඳහා, කාර්යක්ෂම අධීක්ෂණ බලධාරීන් විසින් අනුමත කරන ලද බන්ධනීය සංස්ථානික රීති සහ පාරිභෝගිකයන්ගේ පුද්ගලික දත්ත PayPal සමූහයේ වෙනත් සාමාජිකයන් වෙත මාරු කිරීම සඳහා වන වෙනත් දත්ත හුවමාරු යාන්ත්‍රණයන් මත අපි විශ්වාසය තබමු.
මෙම කොටස මගින්, පහත දක්වා ඇති ව්‍යතිරේක අදාළ වන්නේ නම් මිස, සිංගප්පූරුවේ නීතියෙන් අවශ්‍ය පරිදි ගනුදෙනුකරුවන්ගෙන් අපට ලැබෙන අරමුදල් (“ඔබේ අරමුදල්”)PayPal ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සපයයි.
අපි ඔබේ අරමුදල් සිංගප්පූරුවේ බැංකුවක හෝ වෙනත් ආරක්ෂක ආයතනයක අපගේ නමින් භාර ගිණුමක (ගිණුම්වල) තැන්පත් කිරීමෙන් ආරක්ෂා කරමු.
අපි වෙනත් ගනුදෙනුකරුවන් සඳහා අප සතුව ඇති අරමුදල් ආරක්ෂා කිරීමට ද එම භාර ගිණුම(ම්) භාවිතා කරමු, එනම්:
භාර ගිණුම(ම්) හි ඇති අරමුදල් සඳහා ගෙවිය යුතු සියලුම පොලී සඳහා අපට හිමිකම් ඇති බවට ඔබ එකඟ වේ.
ඔබ සිංගප්පූරුවෙන් පිටත පදිංචිව සිටින අවස්ථාවකදී (ඔබ සිංගප්පූරුවේ ස්ථාපිත කර නොමැති සහ සිංගප්පූරුවේ ව්‍යාපාර කරගෙන නොයන ආයතනයක් ද වන්නේ නම් එය ද ඇතුළුව), ඔබ ඔබේ PayPal ගිණුමේ ශේෂය සිංගප්පූරු බැංකු ගිණුමකට ලබාගන්නා විට සහ අරමුදල් සංක්‍රමණයේ පවතින විට හැර, ඉහත විස්තර කර ඇති ආරක්ෂාව ඔබේ අරමුදල්වලට අදාළ නොවේ.
මෙම නියම හා කොන්දේසි අදාළ වන්නේ පහත රටවල ලියාපදිංචි කරන ලද PayPal ගිණුම්වල ගිණුම් හිමිකරුවන් සඳහා පමණි. මෙම පරිශීලක ගිවිසුමේ නියම හා පහත නියමවල ඝට්ටනයක් ඇති වන අවස්ථාවක දී, පහත රට/කලාපයට විශේෂිත නියම අදාළ වේ:
විකුණුම්කරුවන් සඳහා දත්ත ආරක්ෂණ විධිවිධාන. ඔබ ක්‍රොඒෂියාවේ හෝ අයිස්ලන්ත PayPal ගිණුමක් සහිත විකුණුම්කරුවෙකු ලෙස, පිළිවෙලින් ක්‍රොඒෂියාවේ හෝ අයිස්ලන්තයේ පිහිටි ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික දත්ත මාරු කරන්නේ නම්, මෙම පරිශීලක ගිවිසුමේ කොටසක් වන මෙහි ඇති සම්මත ගිවිසුම් වගන්තිවලට ඇතුළු වීමට අපි එකිනෙකා එකඟ වෙමු.
ඔබ විසින් PayPal හවුල්කාර බැංකුවකින් හෝ බලපත්‍රලාභී විදේශ විනිමය සේවා සම්පාදකයකු ("සේවා සම්පාදකයෙකු") විසින් පිරිනමන සේවාවක් ("තෙවැනි පාර්ශ්වීය සේවා") භාවිතා කරන්නේ නම්, එම සේවාවට අදාළ අතිරේක තොරතුරු සඳහා කරුණාකර සේවා සැපයුම්කරුගේ නියම හා කොන්දේසි බලන්න.
ඔබට සිදු කළ යුතු ගෙවීමක් නොගෙවීම හෝ ප්‍රමාදයක් සම්බන්ධව ඔබ සහ සේවා සපයන්නා අතර ඇති වන ඕනෑම මතභේදයක්, ඉල්ලීමක්, ක්‍රියාවක්, නීතිමය කටයුත්තක් ("මතභේද") තුළින් ඇතිවිය හැකි හානි, හිමිකම් පෑම්, ගාස්තු, වියදම් සහ/හෝ පාඩුවලින් ඔබ PayPal, PayPalහි අනුබද්ධ ආයතන සහ එහි සේවකයන් නිදහස් කරයි. සේවා සැපයුම්කරුවකු වෙත ඔබේ PayPal ගිණුමෙන් දැනටමත් මාරු කර ඇති අරමුදල් සම්බන්ධයෙන් PayPal ඔබට වග නොකියන බවට ඔබ තවදුරටත් එකඟ වෙයි.
පහත හේතුව සඳහා ඇතුළුව, සේවා සම්පාදකයාගේ ඔබේ පාරිභෝගිකයා දැන ගැනීමේ (KYC) බැඳීම් හා අනුකූලව අවශ්‍ය වන නිසි ක්‍රියා පරිපාටිය අනුගමනය කිරීමට සේවා සම්පාදකයකුට හැකියාව ලබා දීම සඳහා PayPal විසින් සේවා සම්පාදකයකු සමග ඔබ හා PayPal අතර ඇති PayPal හි රහස්‍යතා ප්‍රකාශය හා ගිවිසුමේ නියමවලට අනුකූලව ඔබ විසින් සපයා ඇති තොරතුරු බෙදා ගනු ලැබීමට ඉඩ ඇති බව ඔබ පිළීගෙන එකඟ වේ.
(i) තෙවැනි පාර්ශ්වීය සේවාවක බිඳ වැටීම, බාධා වීම, දෝෂයක් හෝ නොසලකා හැරීමක් හෝ චේතනාන්විත අවභාවිතාව; හෝ (ii) තෙවැනි පාර්ශ්වීය සේවාවක් ඔස්සේ ආපසු ගනු ලැබූ අරමුදල් ප්‍රමාද වීමෙන් හෝ නොලැබී යාමෙන් ඇති වන ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබට දැරීමට හෝ විඳීමට සිදු වන කවර හෝ පාඩුවක් හෝ හානියක් සඳහා PayPal වග කියනු නොලැබේ.
අප විසින් කලින් කලට පරිශීලක ගිවිසුම හා චීනයේ ප්‍රධාන භූමියේ පරිශීලකයන් සඳහා අදාළ වන නෛතික ගිවිසුම් පිටුවේ ඇති කවර හෝ ප්‍රතිපත්ති හා වෙනත් ගිවිසුම් සංශෝධනය කරනු ලැබිය හැක. වෙනත් අයුරකින් දන්වා නොමැතිනම්, සංශෝධිත අනුවාදය අපි අපේ වෙබ් අඩවියේ පළ කරන අවස්ථාවේ දී බලාත්මක වේ. අපගේ වෙනස්කම්වලින් ඔබේ අයිතීන් අඩු කරන්නේ නම් හෝ ඔබේ වගකීම් වැඩි කරන්නේ නම්, අපි අපගේ වෙබ් අඩවියේ ප්‍රතිපත්ති යාවත්කාලීන පිටෙහි නිවේදනයක් පළ කර ඔබට යටත් පිරිසෙයින් දින 30කට පෙර දැනුම්දීමක් ලබා දෙන්නෙමු.
මෙම නියම හා කොන්දේසිවලින් සංශෝධනය කරනු ලබන ප්‍රමාණයට හැර, පරිශීලක ගිවිසුමේ අනෙකුත් සියලු ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම බලාත්මක වන්නේය.
2015 සැප්තැම්බර් 1 වැනි දින වන විට, කොලොම්බියාවේ පදිංචිකාර PayPal පරිශීලකයින්ට ජාත්‍යන්තර ගෙවීම් යැවීමට හා ලබා ගැනීමට පමණක් හැකියාව ඇත. කොලොම්බියාවේ පදිංචිකරුවකු වන PayPal පරිශීලකයන් දෙදෙනෙකු අතර දේශීය ගෙවීම් ලද නොහැක.
"කොලොම්බියාවේ පදිංචිකරුවා" යන්නෙන් අර්ථ දැක්වෙන්නේ:
මැලේසියාවේ නෙගාරා බැංකුව මගින් PayPal හට ඉ-මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබා ඇත. එබැවින්, ඔබ මැලේසියානු පාරිභෝගිකයකු නම් හා මෙම පරිශීලක ගිවිසුමේ PayPal සමග මතභේද වගන්තියේ දක්වා ඇති මතභේද නිරාකරණ ක්රියාවලියෙහි ඔබේ භාවිතාවට අදාළව PayPal හි සේවා සම්බන්ධව PayPal ඔබට ඉක්මනින් හා කාර්යක්ෂම ලෙස ප්‍රතිචාර නොදක්වන්නේ නම්, ඔබට PayPal පාරිභෝගික සහාය ඇමතීමට මෙන්ම BNMLINK හා BNMTELELINK හරහා නෙගාරා බැංකුව ඇමතීමට ද හැකිය.
BNMTELELINK දුරකථන, ෆැක්ස්, ලිපි හෝ ඊමේල් මාර්ගයෙන් ඍජුව අමතනු ලැබිය හැක. මහජනයාට මලයාසියා නෙගාරා බැංකු අධිකරණ බලය යටතේ ඇති සාම්ප්‍රදායික හා ඉස්ලාමීය බැංකුකරණ, රක්ෂණ හා තකාෆුල්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා උපදේශන සේවා, විදේශ විනිමය පරිපාලනය හා වෙනත් කාරණා යන ක්ෂේත්‍ර සඳහා තොරතුරු, විමසීම් හෝ පිළියම් සඳහා BNMLINK හා BNMTELELINK ඇමතිය හැක. BNMTELELINK සඳහා ඇමතුම් විස්තර:
BNMTELELINK
Jabatan Komunikasi Korporat
Bank Negara Malaysia
P.O.Box 10922
50929 Kuala Lumpur
දුරකථන: 1-300-88-5465 (සබැඳිය)
ෆැක්ස්: 03-2174 1515
ඊමේල්: bnmtelelink@bnm.gov.my
BNMLINK හා BNMTELELINK විවෘතව තබන වේලාවන් වන්නේ: මැලේසියානු වේලාවෙන් සඳුදා - සිකුරාදා පෙ.ව. 9.00 - ප.ව. 5.00 දක්වා
රහස්‍යතා ප්‍රකාශය. මෙම ගිවිසුමට අමුණා ඇති රහස්‍යතා ප්‍රකාශයේ ඉංග්‍රීසි අනුවාදයට අමතරව, පහත සබැඳිය ක්ලික් කිරීමෙන් ප්‍රතිපත්තියේ මැලේ භාෂා අනුවාදයක් ලබා ගත හැකිය.
මූල්‍ය ඔම්බුඩ්ස්මන් යෝජනා ක්‍රමය. PayPal, මැලේසියානු නෙගාරා බැංකුව විසින් අනුමත කර ඇති මූල්‍ය ඔම්බුඩ්ස්මන් යෝජනා ක්රමයේ සාමාජිකයෙකි. යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත ක්‍රියාකරු වන්නේ, යෝග්‍ය මැලේසියා පාරිභෝගිකයින් ආවරණය කරන ස්වාධීන විකල්ප මතභේද නිරාකරණ මාර්ගයක් වන මූල්‍ය සේවා සඳහා ඔම්බුඩ්ස්මන්වරයාය (OFS). PayPalහි විසඳුමෙන් අතෘප්තියට පත් විය හැකි සුදුසුකම් ලබන පැමිණිලිකරුවන් සඳහා OFS සේවා නොමිලේ සපයනු ලැබේ. මතභේදයක් ගොනු කිරීම සඳහා කාල රාමුව හා ඔම්බුඩ්ස්මන්වරයා විසින් ලබා දෙන පිරිනැමීම් වර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.ofs.org.my වෙත පිවිසෙන්න.
මැලේසියාව තුළ අරමුදල් ආපසු ගැනීම. ඔබගේ ගිණුම මැලේසියාවේ ලියාපදිංචි වී ඇත්නම්, ඔබට ඔබගේ ගිණුමෙන් අරමුදල් ලබා ගත හැක්කේ ඒවා ඔබේ දේශීය මැලේසියානු බැංකු ගිණුමට මාරු කිරීමෙන් පමණි.
පාලන නීතිය. මැලේසියානු ලිපිනයකින් PayPal සේවා සඳහා ලියාපදිංචි වන මැලේසියානු පදිංචිකරුවන් සඳහා, මුළුමනින්ම මැලේසියාව තුළ දී එළැඹ ක්‍රියාත්මක කරනු ලබන ගිවිසුම්වලට මැලේසියානු නීතිය අදාළ වන පරිද්දෙන්ම මෙම පරිශීලක ගිවිසුම ද මැලේසියානු නීතියෙන් පාලනය වන අතර ඒ අනුව අර්ථ නිරූපණය කරනු ලබන්නේය. මෙම නියම හා කොන්දේසි මගින් සංශෝධනය කර ඇති ආකාරයට විනා, පරිශීලක ගිවිසුමේ අනෙකුත් සියලුම ප්‍රතිපාදන සම්පූර්ණ බලය සහ බළපෑම සහිතව පවතී.
සංශෝධන. අප විසින් කලින් කලට පරිශීලක ගිවිසුම හා මැලේසියාවේ පරිශීලකයන් සඳහා අදාළ වන නෛතික ගිවිසුම් පිටුවේ ඇති කවර හෝ ප්‍රතිපත්ති හා වෙනත් ගිවිසුම් සංශෝධනය කරනු ලැබිය හැක. වෙනත් අයුරකින් දන්වා නොමැතිනම්, සංශෝධිත අනුවාදය අපි අපේ වෙබ් අඩවියේ පළ කරන අවස්ථාවේ දී බලාත්මක වේ. අපගේ වෙනස්කම්වලින් ඔබේ අයිතීන් අඩු කරන්නේ නම් හෝ ඔබේ වගකීම් වැඩි කරන්නේ නම්, අපි අපගේ වෙබ් අඩවියේ ප්‍රතිපත්ති යාවත්කාලීන පිටෙහි නිවේදනයක් පළ කර ඔබට යටත් පිරිසෙයින් දින 30කට පෙර දැනුම්දීමක් ලබා දෙන්නෙමු.
PayPal අත්හිටුවීම සහ අවසන් කිරීම පිළිබඳ හිමිකම්. (i) ඔබ මෙම පරිශීලක ගිවිසුම, PayPal පිළිගත හැකි භාවිත ප්‍රතිපත්තිය, වාණිජ්‍ය අස්ථිත්ව ගිවිසුම (ඒවා ඔබට අදාළ වන පරිදි), හෝ ඔබ හා PayPal අතර ඇති වෙනත් ඕනෑම ගිවිසුමක් කඩ කළහොත් හෝ (ii) වෙනත් තත්ත්වයන් හෝ හේතු නිසා සාධාරණ ක්‍රියාමාර්ග සහිතව එසේ කළ යුතු බව අප විසින් නිර්ණය කළහොත්, ඔබ වෙත දැනුම් දීමෙන් පසුව මෙම පරිශීලක ගිවිසුම, අප විසින් හෝ අප වෙනුවෙන් යමෙක් විසින් ක්‍රියා කරවනු ලබන වෙබ් අඩවි, මෘදුකාංග, පද්ධති (ඕනෑම PayPal සේවාවක් සැපයීමට භාවිතා කරන ඕනෑම ජාල සහ සේවාදායක ඇතුළුව) සියලුම හෝ සමහර PayPal සේවාවන් භාවිතය හෝ ඒ වෙත ඇති පිවිසුම තම අභිමතය පරිදි අත්හිටුවීමේ හෝ අවසන් කිරීමේ අයිතිය PayPal සතු වේ. ප්රත්යක්ෂව පෙනෙන්නට ඇති දෝෂයක් හෝ නොමග යැවීමේ අරමුණක් සහිත අවස්ථාවක දී හැර අපගේ තීරණය අවසන් සහ ස්ථිර වේ. මෙම පරිශීලක ගිවිසුම අවසන් කරනු ලැබීමෙන් පසු, ඔබේ PayPal ගිණුම් ශේෂයේ ඇති ඕනෑම අවහිර නොකළ අරමුදලක් ඔබට ගෙවීමට PayPal විසින් කටයුතු කරනු ලැබේ.
මුදල් ආපසු ගැනීමේ ක්‍රියාකාරීත්වය PayPal හි බැංකු හවුල්කරු සමග මොරොක්කානු බැංකු ගිණුමකට පැවරූ පසුව, ඔබ විසින් මොරොක්කානු නීති හා රෙගුලාසිවලට අනුකූලතාව දැක්විය යුතු ය. මින් අදහස් වන්නේ, ඔබට PayPal පරිශීලකයකු වෙතින් ඔබේ PayPal ගිණුමේ ශේෂය වෙත මුදල් ලැබුණහොත්, අරමුදල් ලැබී දින 30ක් ඇතුළත ඔබ විසින් ඔබේ PayPal ගිණුමේ ශේෂයේ ඇති මුදල් ඔබේ මොරොක්කානු බැංකු ගිණුමට* ආපසු ගත යුතු බව යි.
* මුදල් ආපසු ගැනීමේ ක්‍රියාකාරිත්වය සඳහා PayPal හි බැංකු සහකරු එක් එක් මුදල් ආපසු ගැනීමක් සඳහා ගාස්තුවක් අය කරයි. ලැබීමේ සහ ආපසු ගැනීමේ ක්‍රියාකාරිත්වය සක්‍රීය කිරීමෙන් පසු, PayPal ඔබට අමතර තොරතුරු ලබා දෙනු ඇත.
ඔබ PayPal හවුල්කාර බැංකුවක්, බලපත්‍රලාභී විදේශ විනිමය සේවා සැපයුම්කරුවෙකු, ප්‍රේෂණ නියෝජිතයෙකු හෝ ඉ-මුදල් නිකුත් කරන්නෙකු ("සේවා සැපයුම්කරුවෙකු") විසින් සපයනු ලබන සේවාවක් ("තෙවන පාර්ශවීය සේවාවක්") භාවිතා කරන්නේ නම්, කරුණාකර එම සේවාවට අදාළ අමතර තොරතුරු සඳහා සේවා සපයන්නා සඳහා අදාළ වන නියම සහ කොන්දේසි බලන්න.
ඔබට සිදු කළ යුතු ගෙවීමක් නොගෙවීම හෝ ප්‍රමාදයක් සම්බන්ධව ඔබ සහ සේවා සපයන්නා අතර ඇති වන ඕනෑම මතභේදයක්, ඉල්ලීමක්, ක්‍රියාවක්, නීතිමය කටයුත්තක් ("මතභේද") තුළින් ඇතිවිය හැකි හානි, හිමිකම් පෑම්, ගාස්තු, වියදම් සහ/හෝ පාඩුවලින් ඔබ PayPal, PayPalහි අනුබද්ධ ආයතන සහ එහි සේවකයන් නිදහස් කරයි. සේවා සැපයුම්කරුවකු වෙත ඔබේ PayPal ගිණුමෙන් දැනටමත් මාරු කර ඇති අරමුදල් සම්බන්ධයෙන් PayPal ඔබට වග නොකියන බවට ඔබ තවදුරටත් එකඟ වෙයි.
සේවා සැපයුම්කරුගේ ඔබේ-පාරිභෝගිකයා දැනගන්න (KYC) බැඳීම්වලට අනුකූලව අවශ්‍ය නිසි සම්ප්‍රජන්‍යතාව පවත්වා ගැනීමට සේවා සැපයුම්කරුට හැකි වන පරිදි PayPal හි රහස්‍යතා ප්‍රතිපත්තියට සහ ඔබ සහ ඔබ සහ PayPal අතර ඇති ගිවිසුමේ නියමයන්ට අනුකූලව ඔබ විසින් සපයන ලද තොරතුරු PayPal විසින් සේවා සැපයුම්කරු සමග බෙදා ගත හැකි බව ඔබ පිළිගෙන එකඟ වේ.
කිසියම් (i) තෙවන පාර්ශ්වීය සේවාවක් අසමත් වීම, බාධා කිරීම්, අඩුපාඩුකම් හෝ නොසැලකිලිමත් හෝ හිතාමතා අනිසි ලෙස භාවිතා කිරීම; හෝ (ii) තෙවන පාර්ශවීය සේවාවක් හරහා මුදල් ආපසු ලබා ගැනීමේ කිසියම් ප්‍රමාදයක් හෝ නොලැබීමක් හේතුවෙන් ඔබට සිදු වූ අලාභයක් හෝ හානියක් සම්බන්ධයෙන් PayPal වගකියනු නොලබයි.
සංශෝධන අප විසින් කලින් කලට පරිශීලක ගිවිසුම හා පිලිපීනයේ පරිශීලකයන් සඳහා අදාළ වන නෛතික ගිවිසුම් පිටුවේ ඇති කවර හෝ ප්‍රතිපත්ති හා වෙනත් ගිවිසුම් සංශෝධනය කරනු ලැබිය හැක. වෙනත් අයුරකින් දන්වා නොමැතිනම්, සංශෝධිත අනුවාදය අප අපේ වෙබ් අඩවියේ පළ කරන අවස්ථාවේ දී බලාත්මක වේ. අප මෙම පරිශීලක ගිවිසුම සංශෝධනය කරන්නේ නම්, අපි අපගේ වෙබ් අඩවියේ ප්‍රතිපත්ති යාවත්කාල කිරීමේ පිටුවේ දැන්වීමක් පළ කර, පිලිපීන නීතිය හෝ රෙගුලාසි යටතේ වඩා කෙටි දැනුම්දීමේ කාලයක් අවශ්‍ය වන්නේ නම් මිස, අවම වශයෙන් දින 60 ක දැනුම්දීමක් ඔබට ලබා දෙන්නෙමු.
මෙම නියම හා කොන්දේසිවලින් සංශෝධනය කරනු ලබන ප්‍රමාණයට හැර, පරිශීලක ගිවිසුමේ අනෙකුත් සියලු ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම බලාත්මක වන්නේය.
ඔබ දකුණු අප්‍රිකානු විනිමය පාලන රෙගුලාසි වලට අනුකූල විය යුතුය. මෙයින් අදහස් කරන්නේ:
1. ඔබට ඔබේ PayPal ගිණුමේ ශේෂයට මුදල් ලැබෙන්නේ PayPal පරිශීලකයෙකුගෙන් නම්:
(i) මිලදී ගැනීමක් සඳහා හෝ වෙනත් හේතුවකට ඔබ එම මුදල් වෙනත් PayPal පරිශීලකයෙකුට නො යැවිය යුතු ය.
(ii) අරමුදල් ලැබී දින 30ක් ඇතුළත ඔබේ PayPal ගිණුම් ශේෂයේ ඇති මුදල් ඔබේ දකුණු අප්‍රිකානු බැංකු ගිණුමට* ආපසු ගැනීම කළ යුතු ය.
2. ඔබ වෙනත් PayPal පරිශීලකයෙකුට මුදල් යැවීමට කැමති නම්:
(i) ඔබ එසේ කළ යුත්තේ ඔබේ ගිණුම හා සම්බන්ධ ණයපතකින් හෝ ඔබේ FNB බැංකු ගිණුමෙන් ඔබේ PayPal ගිණුමේ ශේෂයට මුදල් එක් කිරීමකිනි*.
(ii) එක් කරන ලද මුදල භාවිතා කරන මිලදී ගැනීම් සඳහා, ඔබ එක් එක් මිලදී ගැනීම සඳහා වෙන වෙනම මුදල් එක් කළ යුතු ය.
* එක් එක් මුදල් එක් කිරීමක් සහ මුදල් ආපසු ගැනීමක් සඳහා FNB ගාස්තුවක් අය කරයි. වැඩි විස්තර සඳහා කරුණාකර FNB වෙබ් අඩවිය බලන්න.
PayPal සේවාවන් පිරිනමනු ලබන්නේ 5 Temasek Boulevard #09-01, Suntec Tower Five, Singapore 038985 යන ලිපිනයේ පිහිටි PayPal Pte. Ltd. විසිනි. අපගේ මෙහෙයුම් වේලාවන් ව්‍යාපාරික දිනවල උදේ 9 සිට සවස 5 දක්වා වේ. ඔබ සිංගප්පූරුවේ පදිංචිකරුවෙක් නම්, ඉහත ලිපිනයට ඔබේ ඊමේල් ලිපිනය සහ මෙම තොරතුරු සඳහා ඉල්ලීමක් සහිත ලිපියක් එවීමෙන් ඔබට මෙම තොරතුරු ඊමේල් මගින් ඔබ වෙත ගෙන්වා ගත හැකි ය. අපගේ සේවාවන් සඳහා වන ගාස්තු අපගේ ගාස්තු වගුවේ විස්තර කර ඇත.
ඔබේ PayPal ගිණුමට පහසුකම් සැපයිය හැක්කේ භාණ්ඩ සහ සේවා සඳහා කරන ගෙවීම්වලට පමණක් වන අතර පුද්ගලික අරමුදල් මාරුකිරීම්වලට නොවේ.
පුද්ගලික ගිණුම් සඳහා ඔබ විසින් සියලු පුද්ගලික ගිණුම්වල රඳවාගෙන සිටින මුළු ශේෂය මත හෝ නීතියෙන් නියම කර ඇති ආකාරයට හෝ අප විසින් නිර්ණය කරනු ලබන ආකාරයට ඔබට අප සමග ඇති පුද්ගලික ගිණුම්වලින් සිදු කරනු ලැබිය හැකි යැවෙන ගනුදෙනුවල මුළු මුදලට සීමාවක් තිබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
මීට අමතරව, ඔබ තනි පුද්ගලයකු හෝ පරම හිමිකරුවකු නම්, ඔබ පහත දැක්වෙන පරිදි සිංගප්පූරුවේ මූල්‍ය අධිකාරිය මගින් පළ කර ඇති ඉ-ගෙවීම් පරිශීලකයා ආරක්ෂා කිරීමේ මාර්ගෝපදේශය යටතේ ඔබට ඇති බැඳීම් පිළිබඳව දැනුවත් කිරීමට අවශ්‍ය වේ:
අපගේ වගකීම් වනුයේ:
ඔබේ දැනුම්දීම් අභිමතයන් බලය නොලත් ගනුදෙනු කලට වේලාවට හඳුනා ගැනීමට ඇති හැකියාවට සහ කිනම් හෝ බලය නොලත් ගනුදෙනුවක් සඳහා ඔබේ වගකීමට බලපෑම් ඇති කළ හැකි බව කරුණාවෙන් සලකන්න.
ඉහත ක්‍රියාවලීන්ට අමතරව, අපි ඕනෑම බලය නොලත් ගනුදෙනු හිමිකම් පෑමක විමර්ශනයකදී ඍජු පැමිණිල්ලක් වැඩ කරන දින 21 කින්ද සංකීර්ණ පැමිණිල්ලක් වැඩ කරන දින 45 කින්ද සම්පූර්ණ කරන්නෙමු. සංකීර්ණ පැමිණිලිවලට බලය නොලත් ගනුදෙනුවේ කිනම් හෝ පාර්ශ්වයක් විදේශයක පදිංචිව සිටීම හෝ පරීක්ෂණය සම්පූර්ණ කිරීම සඳහා ඔබ වෙතින් ප්‍රමාණවත් තොරතුරු නොලැබීම අයත් වේ. අප විසින් පරීක්ෂණයේ ප්‍රතිඵල සහ ඉන් ඔබේ වගකීමේ ඇගයීම පිළිබඳ ලිඛිත හෝ වාචික වාර්තාවක් සපයා පරීක්ෂණ වාර්තාව ඔබට ලැබුණු බව දන්වන ලෙස ඉල්ලනු ඇත. අප විසින් අපගේ හිමිකම් පෑම් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර පොලිස් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඔබෙන් ඉල්ලීමට ද ඉඩ ඇත. ඔබ අපේ ඇගයීම සමග එකඟ නොවන විට අප විසින් වෙනත් ආකාරයේ මතභේද නිරාකරණ ක්‍රම ආරම්භ කිරීමට ඉඩ ඇත.
ඔබේ PayPal ගිණුමේ ශේෂය ඔබේ දේශීය බැංකු ගිණුම වෙත ආපසු ලබා ගැනීමට ඔබට හැකි වීම සඳහා, ඔබට තායිවානයේ PayPal හවුල්කාර බැංකුවක් ("හවුල්කාර බැංකුව") සමග බැංකු ගිණුමක් විවෘත කිරීම සහ එම හවුල්කාර බැංකුව ("ආපසු ගැනීමේ සේවාව") ලබා දෙන මුදල් ආපසු ගැනීමේ සේවාව භාවිතා කිරීමට සිදු විය හැක. ආපසු ගැනීමේ සේවාවට අදාළ අමතර තොරතුරු සඳහා හවුල්කාර බැංකුව සමග වන නියම සහ කොන්දේසි බලන්න.
යම් හේතුවක් නිසා ඔබේ PayPal ගිණුමේ ශේෂය ආපසු ගැනීම ක්‍රියාවට නැංවිය නොහැකි නම්, ඔබේ අරමුදල් USD වලින් ඔබට නැවත ලැබේ.
ඔබට සිදු කළ යුතු ගෙවීමක් නොගෙවීම හෝ ප්‍රමාදයක් සම්බන්ධව ඔබ සහ සේවා සපයන්නා අතර ඇති වන ඕනෑම මතභේදයක්, ඉල්ලීමක්, ක්‍රියාවක්, නීතිමය කටයුත්තක් ("මතභේද") තුළින් ඇතිවිය හැකි හානි, හිමිකම් පෑම්, ගාස්තු, වියදම් සහ/හෝ පාඩුවලින් ඔබ PayPal, PayPalහි අනුබද්ධ ආයතන සහ එහි සේවකයන් නිදහස් කරයි. හවුල්කාර බැංකුව වෙත ඔබේ PayPal ගිණුමෙන් දැනටමත් මාරු කර ඇති අරමුදල් සම්බන්ධයෙන් PayPal ඔබට වග නොකියන බවට ඔබ තවදුරටත් එකඟ වෙයි.
කිසියම් (i) ආපසු ගැනීමේ සේවාව අසමත් වීම, බාධා කිරීම්, අඩුපාඩුකම් හෝ නොසැලකිලිමත් හෝ හිතාමතා අනිසි ලෙස භාවිතා කිරීම හේතුවෙන් ඔබට සිදුවී ඇති පාඩු හෝ හානි කිසිවක් සඳහා; හෝ (ii) මුදල් ආපසු ගැනීමේ සේවාව හරහා ආපසු ලබා ගන්නා ලද කිසියම් ප්‍රමාදයකින් හෝ මුදල් නොලැබීමෙන් ඇතිවන ප්‍රතිවිපාක සඳහා PayPal වගකිව යුතු නොවේ.
මෙම රටෙහි නිශ්චිත නියම සහ කොන්දේසි මගින් සංශෝධනය කරන ලද ප්‍රමාණය හැරුණු විට, පරිශීලක ගිවිසුමේ අනෙකුත් සියලුම විධිවිධාන පූර්ණ ලෙස හා බලාත්මකව පවතිනු ඇත.